මනම්පිටිය නිමල් ජයරත්න –
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් රෝහල්ගත කර සිටියදී මීට දින කිහිපයකට පෙර පැන ගොස් සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මෙන්ම දේපල හා මුදල් මංකොල්ල කීපයකට, සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වූ ගංජා නාලක නැමැත්තා දිඹුලාගල බඳනාගල ප්‍රදේශයේදී අද (18 ) අත්අඩංගුවට ගත්බව සිරිපුර පොලිසිය කියයි.
අයිස්, ගංජා, හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට මෙන්ම මුදල් කොල්ල කෑම් කීපයකට පොලිස් අත්අඩංගුවට පත්ව අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරගත කර සිටියදි හදිසියේ ඇතිවූ රෝගීන් තත්ත්වයක් නිසා ඔහු රෝහල්ගත කර තිබිණි.
ඉකුත් පළවෙනිදා ඔහු රෝහලින් පැනගියේය. අනතුරුව දින 17 කින් පසු සැකකරු බසයකින් තම ගමට පැමිණෙමින් සිටියදි ලද තොරතුරක් අනුව පොලිස් අත්අංගුවට පත් වී තිබේ.
මෙම සැකකරු දිඹුලාගල නුවරගල ප්‍රදේශයේ පදිංචි 44 වියැති පුද්ගලයකු බවත් ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කාන්තාවන් මුලාකරමින් ව්‍යාජ විවාහ රැසක් සිදුකර ඇති බවත්, වෛද්‍යවරයකු ලෙස පෙනී සිට, රෝහල් සංකේතය වාහන ඉදිරිපිට දවටා ගනිමින්, වෙද නලාව ද ගෙලේ රඳවාගෙන තණමල්විල සිට කොළඹ දක්වා ගංජා ප්‍රවාහනයය කිරීමට සම්බන්ධ අයකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවත් සිරිපුර පොලිසිය කියයි.
මෙම අපරාධකරු අවුරුදු 15 ක කාලයකදි සිදුකළ ගංජා අලෙවියෙන් රුපියල් කෝටි 48ක පමණ මුදලක් උපයාගෙන ඇති බවට පොලිසියට පාපොච්චාරණය කර ඇති බව සිරිපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, ආර්.එම්.එස්,අයි. රාජපක්ෂ අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්‍රදේශ භාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාලගේ මෙහෙයවීමෙන් සිරිපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, ආර්.එම්.එස්,අයි. රාජපක්ෂ, අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් 37129 බන්දුල, පොලිස් සැරයන් 37130 රාජපක්ෂ ,82676 ගුණසේකර, 82465 තිලකරත්න, පොලිස් කොස්තාපල්වරු මෙම වැටලීම සිදුකළහ,
අත්අඩංගුවට ගත් සැකකරු 18 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිරිපුර පොලිසිය පවසයි.