අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන 5,189 ක් වාර්තා වී ඇති අතර එය 2023 දී මාසයකදී වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව, සැප්තැම්බර් 01 වැනිදා වන විට 2023 වසරේ මේ දක්වා රෝගීන් 62,029ක් වාර්තා වී ඇත. එසේම වැඩිම රෝගීන් සංඛ්‍යාව 13,187ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
තවද, බස්නාහිර පළාතෙන් රෝගීන් 30,271 ක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව වැඩිම රෝගීන් ගණන වේ.
2023 ජනවාරි සිට මේ දක්වා ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇත.
තවද, වසංගත රෝග විද්‍යා අංශය මගින් ඩෙංගු බෝවන අධි අවදානම් සෞඛ්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශ 27ක් හඳුනාගෙන තිබේ.