රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊයේ රාත්‍රියේ සිට ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය (AIUCTOA) තීරණය කර තිබේ.
ඒ අනුව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළ දමා ඇත.
ප්‍රවාහන වාහන හිමියන්ට ගාස්තු වැඩි නොකර ඩීසල් මිල ඉහළ යාම නිසා සිදුවන පාඩුව වළක්වා ගත නොහැකි නිසා මෙම තීරණය ගත් බව ද එම සංගමය දන්වා සිටියේය.







