ලලිත් චාමින්ද –
අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් 2014 වර්ෂයේ දි ලැබි තිබු චුම්බක කාඩ්පත් සියල්ල අක්‍රිය තත්වයේ පැවතීම හේතුවෙන් මෙම කාඩ්පත් හා යන්ත්‍ර සඳහා ගෙවනු ලැබු රුපියල් හැත්තෑ හය ලක්ෂ අසූ තුන් දහස් හත්සිය අනූවක (76,83,790 ) සම්පුර්ණ මුදලම අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කෙරුණු විගණන වාර්තාවක සඳහන් වේ.
අග්‍රහාර රක්ෂණ යෝජනාක්‍රමය යටතේ ප්‍රතිලාභින්ට ලබාදෙන ප්‍රතිලාභ පහසුකරවිම සදහා විවිධ වර්ගයේ චුම්බක කාඩ්පත් අග්‍රහාර රක්ෂණභාර අරමුදල මගින් වරින්වර හදුන්වා දි තිබුණි. එමෙන්ම 2012 වර්ෂයේ දි චුම්බක කාඩ්පත් 250000ක් සදහා අදාල කොන්ත්‍රාත්කාර සමාගමට ගෙවිම් කළද එම කාඩ්පත්වලින් 28370ක් සැපයීමට අදාල කොන්ත්‍රාත් ආයතනය අපොහොසත් වි තිබු බවද විගණන වාර්තාව මගින් ආනාවරණය කොට ඇත.
එම කාඩ්පත් සඳහා වැඩිපුර ගෙවන ලද 8.65.285ක මුදල විගණිත දිනය වනවිටත් ආපසු අයකරගැනිමට අරමුදල අපොහොසත් වි තිබුණි. එම ආයතනයද මේ දිනය වන විට අක්‍රිය ව පැවතුණි.
එමෙන්ම 2018 වර්ෂයේ ජුනි මස මිලදි ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත්වලින් සියයට 65ක් එනම් කාඩ්පත් 65.504ක් හා හා 2019 පෙබරවරි මස මිලදි ගන්නා ලද රන්කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනිදින වන විටද ආයතනය තුළ පැවතුණි බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එම රන් කාඩ් පත් ප්‍රමාණයෙන් 13750ක් සඳහා දත්ත ඇතුළත් කිරිමට හෝ කටයුතු කර නොතිබුණි. මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවිමේ දොරටුව අසල ගොඩගසා ඇති ආකාරය නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම ලියාපදිංචි වු සාමාජිකයින් ඉක්මවා අග්‍රහාර කාඩ්පත් 2.16.711ක්නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර ඒ අනුව මෙම කාඩ්පත් නිකුත් කිරිමේ අභ්‍යයන්තර් පාලනය දුර්වල මට්ටමක පවතින බව නිරික්ෂණය වි ඇත.
2012 වර්ෂයේ දි අතාර්කික ලෙස කාඩ්පත් හා යන්ත්‍ර මිලදි ගැනිමට කටයුතු කිරිම සම්බන්දයෙන් වගකිම් දරණ පර්ශව සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විමට විගණනය මගින් නිර්දේශ කොට ඇත. අග්‍රහාර රක්ෂණභාර අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන් මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.







