පාර්ලිමේන්තුව වෙත රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීම සඳහා මෙම රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ‘අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්” ව්‍යාපෘතිය යටතේ සලසා ගැනීමට නියමිතය.
සමෘද්ධි ලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයන්ට හා රාජ්‍ය සේවකයන්ට 2022 වසර ආරම්භයේ රජය හඳුන්වා දුන් සහන පැකේජයට අවශ්‍ය වියදම් ද මෙමගින් සපුරා ගැනීමට නියමිතව ඇත.







