බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති උපදෙස් මත හෙටින් ඇරඹී  සංවර්ධනය කරන නගර 100 මෙන්න…

by editor
ජූලි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි, වසර ගණනාවක් තිස්සේ විධිමත් සංවර්ධන ව්‍යාපෘති දියත් කර නොතිබුණු    නගර 100 ක් රටම ආවරණයවන සේ  තෝරාගෙන  එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හෙට දින ඇරඹෙන නගර 100 සංවර්ධන ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08 ක් තෝරාගෙන ඇත.

සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම සිදුවෙයි.

එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසල එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

තවද, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්නා තාවකාලික වෙළෙඳ කුටි ඉවත්කර සුදුසු ස්ථානවල සුදුසු ලෙස ඒවා නැවත සකස් කිරීම, පැති බැමි සහ ආරක්ෂක වැටවල් ඉදි කිරීම වැනි ක්‍රියාකාරකම් ද මෙයට ම ඇතුළත් වේ.

එම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා, එක නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

මෙම තත්ත්වයන්ට අදාලව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව මෙසේ දක්වා තිබේ.

  • කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 යි. කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය සහ මොරටුව.
  • ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 යි. පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ සහ අත්තනගල්ල.
  • කළුතර දිස්ත්‍රික්කයේ නගර 04 යි. හොරණ, නාගොඩ, දොඩංගොඩ සහ මීගහතැන්න
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර 06 යි. වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර.
  • මාතර දිස්ත්‍රික්කයේ නගර 06 යි. දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම සහ කඹුරුපිටිය.
  • ගාල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි. කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ සහ හබරාදූව.
  • රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05 යි. කුරුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල සහ බලන්ගොඩ.
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි. රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මොරොන්තොට.
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 යි. කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල සහ බම්බුක්කටුව.
  • පුත්තලම දිස්ත්‍රික්කයේ නගර 03 යි. හලාවත, තෝප්පුව සහ පාලවිය.
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර 04 යි. තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව සහ අනුරාධපුරය.
  • පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 04 යි. අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද සහ ජයන්තිපුර.
  • කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර 02 යි. කිලිනොච්චි සහ පූනරින්.
  • යාපනය දිස්ත්‍රික්කයේ නගර 02 යි. මුරුතනාමඩම් සහ වෙලනායි.
  • මන්නාරම දිස්ත්‍රික්කයේ නගර 01යි මන්නාරම
  • වව්නියාව දිස්ත්‍රික්කයෙන් නගර 01යි. වව්නියාව
  • මුලතිව් දිස්ත්‍රික්කයේ නගර 01යි වැලිඔය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෝකියෝ ඇමතුමින් පසු උසාවි යන්න හිටි උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත ගෙදර…

Next Post

බාල වයස්කාර දැරිය දූෂණය කළ දූෂකයාට දඬුවම් දෙන්න අවුරුදු 08ක් නඩු අසයි..

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.