අගමැති ඉල්ලා අස් නොවන්නේ නම් ලබන තිස් වැනිදා සංඝයාවහන්සේ දහස්නමක් රැස් වී මහා සංඝ සම්මේලනයක් පවත්වා මහා නායකය හිමිවරුන් විසින් අනුදැන වදාළ සංඝ සම්මුතිය සම්බන්ධව ආණ්ඩුවට යළි සිහිකැඳවීමක් කිරීමට සූදානම් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සොබිත හිමියෝ පැවසූහ.
රට මෙපමණ බිහිසුණු අගාධයකට ඇද වැටුණු පසුත් තනතුරු අත් නොහැර රට යහපත් දිශානතියකට යොමු කරගැනීමට ඇති අවස්ථාව අහුරා සිටින රාජ්‍ය පාලකයන් විෂයෙහි සංඝයා වහන්සේ ලෙස ඇතිකළ යුතු බලපෑම කිරීමට නොපැකිළෙන බව උන්වහන්සේ කීහ.
අන්තර්වාර පාලනයක් ගැන කතා කරනවා නම් නිසැකවම අගමැතිවරයා ඉවත් වී ඇමති මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව කී නා හිමියෝ මහා නායක හිමියන්ගේ මතය වහාම ක්‍රියාත්මක කරන ලෙස බලපෑම මෙම මහා සංඝ සම්මේලනයේ අදහස බව කියා සිටියහ.