අද පැය තුනක කාලයක් විදුලිය විසන්ධි වේ. පැය තුනක විදුලි කප්පාදුව තීන්දු වන්නේ නොරොච්චෝලේ පළමු හා දෙවන ජනන යන්ත්‍ර දෙකම අක්‍රීයව පවතිද්දීය.
කෙසේ වෙතත් පසුගිය 15 වැනිදා සිට අක්‍රීයව පැවති නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය මේ වනවිට සක්‍රීය කර ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.
ඊයේ පස්වරුවේ සිට එම ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ධාරිතාවක් එක්වෙමින් තිබේ.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවය.
අද විදුලිය කප්පාදු වන්නේ මෙසේය.








