බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්මීමන බලු ඝාතකයින් දෙදෙනාට ඇප…

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
බුරාපැන්න සුනඛයා කපා දමා ඇති අයුරු...

බුරාපැන්න සුනඛයා කපා දමා ඇති අයුරු...

Share on FacebookShare on Twitter

 

ජයකාන්ත ලියනගේ – බළපිටිය

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (19) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාල නඩුව 2025 ජූලි 30 දින නැවත කැඳවන බවත් මහේස්ත්‍රාත්වරයා අක්මීමන පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ ගාල්ල, බටදූව ප්‍රදේශයේ පදිංචි තේලම්භ ආරච්චිගේ තුසිත උදය කුමාර (37) සහ එම ලිපිනයේම පදිංචි තේලම්භ ආරච්චිගේ අජිත් සුජීව කුමාර (34) නැමැති දෙදෙනාය.

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ පදිංචි අද්දුටුව ගමගේ ප්‍රියානි (52) නැමැති අය විසින් අක්මීමන පොලීසියට ඊයේ (18) දින කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බල්ලාට පහර දීම සදහා සැකකරුවන් පැමිණි බව කියන රතු පැහැති ත්‍රීරෝද රථය සහ පහර දුන් බව කියන පොල්ලද පොලීසියේ බාරයට ගෙන තිබේ.

පසුගිය 11 දින සැකකරුවන් විසින් සිය නිවසේ ඇති කරන ලද බල්ලාට නිවස අසලදී පොල්ලකින් පහර දී ඇති බවත් පහර කෑමෙන් බල්ලා මරණයට පත්ව තිබෙන බවත් පැමිණිල්ලේ සදහන් වේ.

මෙම බල්ලා පැමිණිලිකරුගේ නිවස ආසන්නයේ රැදී සිටිමින් පාරේ යන යතුරුපැදි ත්‍රීරෝද රථ ආදියට බුරමින් එලවාගෙන යන බවත් එම නිසා ඇති වූ කෝපය හේතුවෙන් බල්ලාට පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම බල්ලා එලවාගෙන යෑම හේතුවෙන් ඇතැම් යතුරු පැදි අනතුරට ලක්ව තිබෙන බවට පරීක්ෂණ වලදී තොරතුරු හේලි වූයේ යැයිද සැකකරුවන් දෙදෙනා එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙක් යැයි ද අක්මීමන පොලීසිය කියයි.

පැමිණිලිකාරිය හා සැකකරුවන් ඉතා හොදින් හදුනන සම්බන්ධකම් තිබෙන අය බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

1907 අංක 13 දරණ සත්ව හිංසාව වැලැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත් අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. එම පනත යටතේ සතුන්ට හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක කූඩයක රැගෙන යෑම, වේදනාවට පත් කිරීම ආදිය සත්ව හිංසාව යටතට ගැනෙන බවද අක්මීමන පොලීසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සැකරුවන් සිවු දෙනාට බන්ධනාගාරය තුළ දී දරුණු ප්‍රහාරයක්…

Next Post

මහ මෝල්ලු නාඩු බාන්න දාන කොන්දේසි නිසා සිල්ලර කඩ හිමියන් බරපතල අවුලක!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.