රජයට අයත් අක්කර 200ක ඉඩමක් නීති විරෝධි ලෙස විදේශිකයෙකුට බදු දී රුපියල් මිලියන 24ක මූල්‍ය වංචාවක් සිදුකල බව කියන ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.
කොට්ටුකච්චිය , ගල්කුලමේ පදිංචිකරුවෙක් වන අනිල් මුණසිංහ (49) නැමැති මෙම මන්ත්‍රීවරයා මෙම වංචාව සිදුකර ඇත්තේ මහකුමුල්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්පාලුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඉඩමක් බදු දෙමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.







