අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හිටපු ජනපති කළු සල්ලි ජාවාරම් කරුවෙකුගේ ගොදුරක් වී රට වැනසූ හැටි අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 15, 2022
in දේශපාලන
Wijedasa-R
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරයා කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් වී   තමන් මෙන්ම , රටත්, රටේ ආර්ථිකයත් බිිහිසුණු ව්‍යසනයකට පත්කළ ආකාරය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (15) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කළු සල්ලි ආයෝජනය කළ ජවාරම් කාරයින් කීප දෙනෙකුගේ  පෙළඹවීම මත රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් සිදුකළ විනාශය අද ජාතියක්   වන්දි ගෙවන බව ද ඔහු පෙන්වා දුන්නේය. බිලියන 1400ක් පූර්ණ ආදායමක් සහිත   රටක බිලියන 600ක බදු ආදායම ව්‍යාපාරිකයින්ට සහන දීම සඳහා එක්වර කපා හැරි විට   රටේ ආර්ථිකයට වෙන දේ ගැන හිතාගන්න පොඩි ළමයෙකුට උවද සිතා ගත හැකි නමුත් හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගත් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඇමතිවරයා කීවේ පාර්ලිමේන්තුවත් මේ කළු සල්ලි ජාවාරම් කාරියන්ගේ පීඩනයට ලක් වී ඇති බවය.  පක්ෂ නායකයින්ට ඒ තත්ත්වයෙන් දේශාපලනය මුදවා ගැනීමට අවශ්‍ය නොවන්නේ නම් රටේ නීති පද්ධතිය වෙනස් කර හෝ එය කළ යුතු බවත් ඇමතිවරයා කීවේය.

සියලුම දේශපාලකයින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාර තුළ කළ වියදමේ වගකීම භාරගෙන එම අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාල නීති සම්පාදනය කරන බවත්,  කළු ආර්ථිකය තුළ ජාවාරම් කාරයින්ගෙ ඉත්තන් බවට පත්වුන දේශපාලකයින් සමග මේ රට ගොඩගත නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි  දූෂණයට විරුද්ධව සටන් කරන්නෙ නෑ. දූෂණය පිළිබඳ වචනයක්වත් අයවැයෙන් නෑ කියලා විපක්ෂය චෝදනා කළා.

අපි දන්නවා මේ රටේ දූෂණය බරපතල කාරණයක්. මේ රටේ දූෂණය එක තැනක නෙමෙයි තියෙන්නෙ. මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නෙත් දූෂණය තුළ.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්වෙන්නෙත් දූෂණය එක්ක. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පත්වන්නෙත් දූෂණය එක්ක. මේ හැම තැනම ඉන්නවා ජාවාරම්කාරයො. මේ හැම තැනම ඉන්නවා කළු සල්ලි කාරයො. අපේ හිටපු ජනාධිපතිතුමාට වුනෙත් ඒක. එතුමාට මුහුණ දෙන්න සිද්ධ වුනෙත් ඒ ඉරණමට.

එතුමාගෙ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරපු කළු සල්ලි කාරයො ජාවාරම් කාරයො තමයි එතුමා පෙළඹවනු ලැබුවේ  බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ඔහු බදු ප්‍රතිපත්තිය වෙනස් කළා.

බිලියන 1400ක් පූර්ණ ආදායම තියන රටක බිලියන 600ක් එකපාර කපා හැරියාම වැඩි ආදායම් තියන අයට බදු සහන දෙන්න   රටේ ආර්ථිකයට වෙන දේ ගැන හිතාගන්න පොඩි ළමයෙකුට උනත්   පුලුවන්.

ඒ තරමටවත් හිතුවෙ නෑ ඒ තීන්දුව ගන්න කලින්. කළු ජාවාරම් කාරයින්ට දේශපාලනය යටවෙලා තිබුණු නිසා ඒක වුනේ. ඒක පාර්ලිමේන්තු මට්ටමේදීත් සිද්ධ වෙනවා.

එය වෙනස් කළේ නැතිනම් රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගෙනියන්න බෑ.

මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්ති සහ ප්‍රතිපත්තිවලට අනුකූලව දූෂණ විරෝධී පනතක් කෙටුම්පත් කරලා පක්ෂ නායකවරුන්ට ඉදිරිපත් කරලා තියනවා.

ඉදිරියේ දී තමුන්නාසේලා සියලු දෙනාගෙම දායකත්වය ඇතිව එම දූෂණ විරෝධී පනත සම්මත කරගන්න අවශ්‍යයයි. අලුතින් අල්ලස් හෝ දූෂණ  සභාවක් පිහිටුවන්න අවශ්‍යයයි.

මේ අවුරුද්දෙත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට මිලියන 781ක් වෙන් කළා. ගිය අවුරුද්දෙත් මේ හා සමාන මුදලක් වෙන් කරලා තියනවා.

හැබැයි අවුරුද්දක් පුරාවට අල්ලස්  දූෂණ කොමිෂන් සභාව කරපු දෙයක් අපි දන්නෙ නෑ.  මම ඇමතිවරයෙක් විදිහට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා අල්ලස් හෝ දූෂණ කොමිෂන්  සභාවට. මගෙන් කටඋත්තර අරන් තියනවා පැය හතර පහ…

අදටත් වෙච්ච දෙයක් නෑ. මෙහෙම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් ඇති වැඩේ මොකක් ද. මේ කොමිෂන් සභාව සාක්ෂියක් දුන්ම තොරතුරක් දුන්ම කටයුතු කරන්නෙ නැතිනම් ඒකටත් බනින්නෙ මන්ත්‍රිවරු 225 දෙනාම තමයි. කාටත් වගකීම් තියනවා මේක වගකීමක් සහිත ආයතනයක් කරගන්න.

මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා මැතිවරණවල දි මුදල් වියදම් කරන ප්‍රමාණය සහ ගණන් හිලව්.  තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ  වියදම්වල වගකීම රටේ ජනාධිපතිවරයාගෙ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගෙ දක්වා තියනවා. ඔවුන් එම වගකීම භාරගන්න ඕන.

කළු ආර්ථිකය තුළ ජාවාරම් කාරයින්ගෙ ඉත්තන් බවට පත් වෙච්ච දේශපාලකයින් එක්ක මේ රට ගොඩ ගන්න බෑ.

ජාවාරම් කාරයින්ගෙන් අපේ රටේ දේශපාලයින් මුදවා ගන්න ඕන. ඒ සඳහා පක්ෂ නායකයින්ට කැපවීමක් නැති නිසා අපට සිද්ධ වෙනවා නීතියක් ගෙනත් හරි මේ තත්ත්වය වෙනස් කරගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ මාකෙවිට දී කෙහෙල්බද්දර පද්මේ ගේ ගෝලයෙක් වෙඩි කයි…

Next Post

ඩයනා ගමගේ නීති විරෝධීව ලංකාව තුළ රැඳී ඉන්න බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව අධිකරණයේ දී හෙළි වෙයි!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.