පොදු දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සඳහා ආණඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් එක් කර ගැනීම සඳහා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මේ වනවිට රජයේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම්වලට අකැමැති ව දැනට ආණ්ඩුව තුළ සිටින කලකිරීමට පත් මැති ඇමතිවරුන් මෙලෙස පොදු සන්ධානයක් යටතේ එක්වීමට සූදානමින් සිටින බවත් ඒ නිසා ඔවුන් එක තැනකට ගනිමින් නව සන්ධානය ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම සාකච්ඡා පෞද්ගලකි මට්ටමින් සිදු කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
රට විදේශීයකරණයට එරෙහිව කලකිරී සිටින විපක්ෂ දේශපාලන පක්ෂ සමඟද සාකච්ඡා කිරීමට ක්‍රියා කරන බව පැවසූ මෙම ප්‍රකාශකයා සියලු බලවේග එකම අරමුණකට ගෙන ඒම තම අරමුණ වී ඇති බවත් පුළුල් සන්ධානයක් නුදුරේදීම ගොඩ නගන බවත් මේ සඳහා අවශ්‍ය මූලික පදනම මේ වනවිටත් සකස් කර ඇතිබවත් සඳහන් කළේය.







