ජාත්‍යාන්තර වෙළෙඳපලෙන් ණය ලබා ගැනීමේ බරපතල අර්බුදයකට තල්ලු වී සිටින ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියනයක ණය මුදල ලබා දීම සඳහා දිගු කාලීන ආර්ථික අර්බුදය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ග සිතියමක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවට දන්වා තිබේ.
දැනට අයදුම් කර ඇති ඩොලර් බිලියනක ණය මුදල ලබා දීමට ඉන්දියාව ප්‍රමාද කර ඇත්තේ මේ නිශ්චිත සැලැස්ම ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම වෙනුවෙන් මෙම ඩොලර් බිලියනයේ ණය ඉන්දියාවෙන් ඉල්ලා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් පසුගිය දෙසැම්බරයේ ඉන්දියාවෙන්ම ලබා ගැනීමෙන් පසුය.
මේ තත්ත්වය තුළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය දෙවරක්ම අවලංගු කර එය නැවත කාලසටහන්ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.







