අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

වරාය නගර පනත පිළිබඳව අද ලැබෙනවා කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබී නෑ…  

ප්‍රශ්නය වරාය නගරය පිළිබඳව ආණ්ඩුව හැසිරෙන අතාර්කික ආකාරයයි... ජ.වි.පෙ. නායක අනුර කුමාර කියයි...

by editor
මැයි 4, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාලව එම පනත ව්‍යවස්ථාවට අනුකූලද නැතිද යන්න තීන්දු කරන  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දින 21ක කාලයක් තුළ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුව බවත්,  පසුගිය සිකුරාදා (30) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව මෙම තීන්දුව 04වැනිදා කථානායකට ලැබෙන බව කීවත් අද එය පාර්ලිමේන්තුවට ලැබී නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් මස 08වැනිදා කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පනත මගින් ලංකාවේ බදු පනත් 07ක් එම ප්‍රදේශයට අදාළ නොවන බවත් තවත් පනත් 14ක් මෙම ප්‍රදේශය තුළ වෙනස් කිරීමට හෝ නිදහස් කිරීම්වලට යටත් බවත් යෝජනා කර තිබුණා. මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වීමේ අනතුරක්ද මේ තුළ තිබුණා. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පරිපාලන ව්‍යූහයකට ඇතුළත් නොවන බවද ප්‍රකාශ වුණා. මෙම ප්‍රදේශය තුළ පදිංචි පුරවැසියන්ට ඡන්ද බලය අහිමි වනවා. මේ සියල්ල වෙනුවට 05-07 අතර පිරිසකගෙන් යුත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ අධිකාරි බලය හිමිවන බව මෙයින් යෝජනා කෙරුණා. එම කෙටුම්පතට අනුව එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවීමටද ඉඩ තිබුණා. මෙම පිරිසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන්වන බවට ආණ්ඩුව එය සංශෝධන කරන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවටද වාර්තා වුණා. මෙමගින් මෙතරම් අතිශය අහිතකර බලපෑම් සහිත අධිකාරියකට විදේශිකයන්ද ඇතුළත් බව ඉතාම පැහැදිලියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුල් අවස්ථාවේ සිටම ආණ්ඩුවේ යටි අරමුණක් තිබුණා. ඒ මෙම පනත පිළිබඳව සමාජය තුළ විධිමත් සංවාදයකට ඉඩක් නොතැබීමයි. නිදසුනක් ලෙස ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් 08වැනිදායි. ව්‍යවස්ථාව අනුව පනතකට එරෙහිව පුරවැසියෙකුට අධිකරණයට යා හැක්කේ එම දිනයේ සිට සතියක් තුළයි. ඒ අනුව 09වැනි සිකුරාදා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 10 සහ 11යන දිනයන් සෙනසුරාදා සහ ඉරිදා වුණා. 12වැනි දින ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළා. 13 සහ 14 අලුත් අවුරුදු නිවාඩුව ලෙස පැවතියා. ඒ අනුව මෙම පනතට එරෙහිව අධිකරණයට යා හැකි දිනයක් ලෙස ඉතිරිව තිබුණේ 15වැනිදා පමණයි. ඒ අනුව ආණ්ඩුව මෙම අවුරුදු සමය තුළ නීතිඥයින් ඇතුළු සියලු දෙනා නිවාඩු ලබා තිබියෙදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත්වීම වැළැක්වීමට කූට ලෙස උත්සාහ දැරුවා. නමුත් පක්‍ෂයක් ලෙස අපද ඇතුළත්ව කිහිප දෙනෙක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ එම උත්සාහය පරාජයට පත්කළා.

එම කෙටුම්පතට අදාළ  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දින 21ක කාලයක් තුළ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. පසුගිය සිකුරාදා (30) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව මෙම තීන්දුව 04වැනිදා කථානායකට ලැබෙන බවත් ඒ අනුව 05වැනිදා විවාදයට දින වෙන්කරන බවත් කිවුවා. මෙවැනි වැදගත් පනතක් සඳහා එක් දිනයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අවම වශයෙන් 05 සහ 06 (බදාදා සහ බ්‍රහස්පතින්දා) දින දෙකක් අවශ්‍ය බව අප විසින් අවධාරණය කළා. නමුත් කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකකට වඩා රැස්කළ නොහැකි බව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැඩිව කියා සිටියා.

අද (04) මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෙත ලැබී නැහැ. ඒ අනුව හෙට දිනයේ මේ විවාදය පැවැත්විය නොහැකියි. බොහෝ විට අද (04) සවස පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා 06වැනි බ්‍රහස්පතින්දා මේ පිළිබඳ විවාදය ලබාදීමට ආණ්ඩුව උත්සාහ කළ හැකියි. ආණ්ඩුව විසින්ම දින දෙකකට පාර්ලිමේන්තුව රැස්කිරීමට අදාළව දමාගත් සීමාව අද ආණ්ඩුවට බාධාවක් වී තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සදාචාරාත්මක අයිතියක් නැහැ. නමුත් ආණ්ඩුව තමන්ගේ උවමනාකම් වෙනුවෙන් සදාචාරය සම්බන්ධව තැකීමක් නොකරන බව අපි දන්නවා.

ආණ්ඩුවට මෙම වරාය නගරය පනත ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් යැයි මෙය සම්මත කර ගැනීම හදිස්සි කළ හැකියි. නමුත් අපට මේ සම්බන්ධව වෙනස් මතයක් තිබෙනවා. මෙය විසින් රටේ ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්න මතු කරනු ඇති බවටත් කළු ආර්ථික මධ්‍යස්ථානයක් විය හැකි බවටත් අදහස් තිබෙනවා. අධිකරණයෙන් ලැබෙන්නේ මෙම පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන කරුණ පිළිබඳ තීරණය පමණයි. ඒ නිසා පනත සම්මත කිරීමට පෙර මේ පිළිබඳව ජනතාව සමග පුළුල් සංවාදයක් පැවැත්විය යුතුව තිබෙනවා. පසුගිය 23වැනි දිනත් අප මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් සූදානම් කළා. නමුත් කොවිඩ් තත්වය හමුවේ එය අවලංගු කිරීමට සිදුවුණා. මෙය රටට හිතකර පනතක් නම් ආණ්ඩුවට පනත සම්මත කර ගැනීම විනිවිද පෙනෙන ලෙස කිරීමටත් ජනතාව පුළුල් සංවාදකින් අනතුරුව එය සිදුකිරීමත් කළ හැකියි. නමුත් ආණ්ඩුවේ මෙම සැඟවීම සහ හදිසිය පිටුපස ඇත්තේ මෙම පනතේ භයානකකමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන එන්නත සුපිරියි… ව්‍යාජ මත පතුරුවන්නේ පාවිච්චිවෙන ඔත්තුකරුවො… චන්න ජයසුමන

Next Post

ඩුබායිහි ලොතරැයියකින් ශ්‍රී ලාංකිකයකුට කෝටි 64ක්

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.