බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රට දැවැන්ත අර්බුදයකට නොදා චීන නැව ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි…

මේ නැව නැවත හරවා යැවීම ගමේ චූන් පාන් කරත්තයක් හරවනවා වගේ නෙමෙයි....

by editor
අගෝස්තු 8, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

මේ වනවිට හම්බන්තොට වරාය දෙසට ගමන් අරඹා ඇති චීන නැව නැවත හැරවීම ගමේ චූන් පාන් වාහනයක් හරවා යවන තරම් සරල කටයුත්තක් නොවන බවත් තවත් මුණිවත නොරැක මේ නැව සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර ප්‍රශ්නය අනවශ්‍ය ලෙස සංකීර්ණ නොකර බේරාගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී මෙසේත් පැවසුවේය.

Sunil-Hadunneththi“මේ නැවට පැමිණීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය පළ කරනවා.     රටක් හැටියට අපි අසරණකමකට පත්කරලා තියෙන්නේ. ප්‍රශ්නය තීව්‍ර කරලා තියෙන්නෙ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් අත්සන් තැබුවා යැයි කියන වගකීමක් නැති ලිපියක්. එම ලිපිය චීන තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට චීන නැව ලංකාවට පැමිණීම ප්‍රමාද කර දෙන ලෙස ඉල්ලීමේ ලිපියක් වශයෙන් එය ඉදිරිපත් කර තිබෙනවා.

 

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

අද වෙනකොට ඇමෙරිකානු කථානායකවරිය තායිවානයට යාම සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්වය නිසා චීන දේශපාලනයේ ඇතිවී තිබෙන අර්බුදය තවත් වර්ධනය කරන්න ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිචාරය හේතු වේ යැයි අපි විශ්වාස කරනවා.

 චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ සාධාරණ බියක් ඇති වී තිබෙනවා. ඉදිරියේදී බලවතුන් අතර ඇතිවිය හැකි යුදමය තත්වයකදී ලංකාවට අනතුරක් වේ යැයි කල්පනා කරනවා.

  • රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවල දුප්පත්කම

ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය එක්ක සමීප සබඳතා පවත්වාගෙන යනවා. අනික් පැත්තෙන් ඉන්දියාව අපේ අසල්වාසී රාජ්‍යය. ඔවුන් මෑත කාලයේදී ඉන්ධන, ඖෂධ, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී තිබෙනවා. රටවල් අතර පවත්නා මිත්‍රත්වය මේ නිසා පලුදුවේ දැයි ප්‍රශ්නයක මතුවී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් චීනයට යැව්වා යැයි කියන ලිපිය පදනම් කරගෙන ඉන්දීය මාධ්‍ය ප්‍රචාරය කර තිබෙන්නේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාවට නොපැමිණෙන ලෙස ලංකාව දන්වා ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අගමැති හෝ ජනාධිපති තවමත් එක වචනයක් වත් මේ ගැන ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ නැහැ.

මේ නැව ලංකාවට පැමිණි පසු තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව ආණ්ඩුවේ ස්ථාවරය කියනවා නම් ඒකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොවෙයි. අනාගත දරු පරම්පරාවට. ඒ නිසා මේ නැව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන්වත් පැහැදිලි කරන්න ඕනෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බව කියන නමක් නැති වගකීමක් නැති නිලධාරියෙකු බව කියන පුද්ගලයෙක් යවන කොළ කෑල්ලකින් ඒක කරන්න බැහැ. ජනාධිපති හෝ අගමැති නැත්නම් අඩුම තරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ ස්ථාවරය කියන්න ඕනෑ.

ඒ කිසිවක් නොකියා මුනිවත රැකීමෙන් අපේ මාතෘ භූමිය බරපතළ අවදානමකට ලක්වී ජාත්‍යන්තර මිත්‍රයින් අහිමි කර ගැනීමක් වෙනවා.

  • චීන පැහැදලි කිරීම

මේ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය කර තිබෙන පැහැදිලි කිරීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ නැවට පැමිණීමේ අවසර ලබාදී ඇති බව කියනවා. 2022 ජූලි 12වැනිදා මෙයට අදාළ එකඟතා ඇතිකර ගත් බව ප්‍රකාශ කර තිබෙනවා. චීනය ඉදිරිපත් කරන තවත් අදහසක් වෙන්නේ ‘2014 යුවාන් වෑන් 3’ කියන මේ ආකාරයේම නැව ලංකාවට පැමිණි බවයි. මෙම පර්යේෂණ නෞකා ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල වරායන්ට ගොස් ඇති බව ඔවුන් කියා තිබෙනවා. පර්යේෂණ නැවකට අවශ්‍ය ඉන්ධන, ජලය  හෝ වෙනත් සැපයුම් ලබාදීම ජාත්‍යන්තර නාවුක භාවිතාව අනුව පිළිගත් කටයුත්තක් බව අවධාරණය කරනවා.

ඒ නිසා මෙය සාමාන්‍ය කටයුත්තක් බවත් ඒ නිසා අගෝස්තු 11වැනිදා සිට 17වැනිදා දක්වා හම්බන්තොට වරායේ නතර කර තබන බව දක්වනවා.

  • ඉන්දියාවේ කතාව

අධිතාක්ෂණික උපකරණ නැවක් නිසා ඉන්දීය ආරක්ෂක පද්ධතිය පරික්ෂා කිරීමට සහ දුර්වල කිරීමට පවා තාක්ෂණික හැකියාව ඇති යුද නැවක් හැටියට ඉන්දියාව මෙය පෙන්වා දෙනවා. කිලෝ මීටර් 750ක පමණ දුරක සිට පවා තොරතුරු ලබාගත හැකි උපකරණ නෞකාවේ සවිකර ඇති බව ඉන්දීය මාධ්‍යවල පළවෙනවා.

කෙසේ නමුත් මෙම නෞකාවට අවසර දීම මත ඉන්දියාවත්, චීනයත් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත්වී තිබෙනවා. අපේ ආණ්ඩුවේ මුනිවත රැකීම නිසා දැනටමත් හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කර තිබෙන පර්යේෂණ නෞකාව ආපසු හරවනවා කියන එක ගමේ චූන් පාන් වෑන් එක හරවනවා වගේ කාරණයක් නොවෙයි.

  • රට වැටුණු තැන

අපේ රට මේ වගේ තැනකට වැට්ටුවේ වර්තමාන සහ පැවති ආණ්ඩුයි. පසුගිය කාලය පුරාම මෙවැනි අර්බුද ඇතිවන ගනුදෙනු ලංකාවේ භූ පිහිටීම අනුව සිදුකර තිබෙනවා. හම්බන්තොට වරාය චීන ණයවලින් ගොඩනඟා අවසානයේ චීනයටම විකුණුවා. මහින්ද රාජපක්ෂ ණය ගත්තා. රනිල් රාජපක්ෂ චීනයටම විකුණා දැම්මා. චීනය මේ නැව ගේන්නේ ඒ වරායටයි. කොළඹ වරායට මේ නැව ආවා නම්, ප්‍රශ්නය තවත් තීව්‍ර වෙනවා.

ලංකාවේ වරායවල් කෑලිවලට කඩා විකුණන විට ජනතාව සහ බුද්ධිමතුන් වගේම දේශපාලන ව්‍යාපාර හැටියට අපිත් උද්ඝෝෂණය කර, මත දක්වා විරෝධය පළ කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ වගේම රනිල් රාජපක්ෂත් ඒ කිසිම මතයකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන්ට තිබුණේ ශ්‍රී ලංකාව කාලයක් පුරා අනුගමනය කළ නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට කොමිස් කුට්ටි ගැනීමේ ප්‍රතිපත්ති විතරයි.

ශ්‍රී ලංකාව මේ පැමිණීම නතර කරන්නේ     තුන්වෙනි පාර්ශ්වයක බල කිරීම නිසා නම් ජාත්‍යන්තරයට දෙන ආදර්ශය මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ලංකාවට සිදුවුණු බලපෑම් ගැන චීනය මතක් කරනවා.

අපේ රටේ වරායවල් තමන්ගේ පටු දේශපාලන හා ආර්ථික වුවමනාවන් නිසා විකුණා දැමීමෙන් මේ වගේ තත්වයක් ඇතිවී තිබෙනවා. අවස්ථාවාදී ලෙස අමන තීරණ ගැනීමේ වැරදි නිසා තිබූ අතීතයේ දිගුවක් හැටියටම මේ වෙලාවෙත් ක්‍රියාකරමින් ඉන්නවා.

අපි ජීවත් වෙමින් ඉන්නේ සාමාන්‍ය තත්වයක නොවෙයි. ඩොලර් අර්බුදයකට ලක්වී ජාත්‍යන්තර සහයෝගය අහිමි වුණු දුර්වල රාජ්‍යයක් හැටියට වර්ගීකරණය වූ අවස්ථාවකයි, අපි ඉන්නේ. චීනය සහ ඉන්දියාව සමීපතම ගනුදෙනු කරන රාජ්‍යයන් හැටියට මිත්‍රත්වය පලුදු කර ගතහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් ප්‍රපාතයට වැටෙනවා. එය වළක්වාගෙන ප්‍රශ්නය බේරා ගැනීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රජය හැටියට ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති මැදිහත් වී අර්බුදයක් ඇති නොවී වළක්වා ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.

එසේ නොකරවා නම්, මේ සියල්ලෙන් ඇතිවන අතුරු විපාකවල වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් සිලින්ඩරේ රුපියල් 246කින් පහළට !

Next Post

කොටහේනේ දී අද සිදුවූ පුදුම හිතන කොල්ල කෑම… (වීඩියෝ සහිතයි)

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.