මෑතකදී අධික ලෙස ඉහළ ගිය, කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු. 246කින් අඩු වෙන බව ලිට්‍රෝ ලංකා සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව මධ්‍යම රාත්‍රියෙන් පසුව ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4 664කි.
මීට අමතරව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 99කින් ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ද මිල අඩුවීමක් සිදු වේ.