සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මේ විනාශය ගෝඨාභය ජනපතිගේ පුද්ගලික දුර්වලතාවය නිසා සිදුවන්නක්ම නොවේ… අනුර කුමාර දිසානයක

by editor
අගෝස්තු 1, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

වර්තමාන ආණ්ඩුව පාලන බලය ලබා ගත් වසර එකහමාර තුළ රුපියල් ට්‍රිලියනයක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත්, මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පිටකෝට්ටේ සෝලියස් උත්සව ශාලාවේ පැවති මධ්‍ය හමුවක් අමතමිනි.
ණය ගෙවීම සඳහා ණය ගැනීම, ජාතික දේපළ විකිණීම දිගටම සිදුකරමින් යන ආණ්ඩුව කෙරවලපිටිය බලාගාරය හා වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගා රෙටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වීම ඇතුළු අතිශය භයානක ප්‍රවේශයන්වලට අවතීර්ණ වෙමින් ඇති බවත් මේ තත්වයන් දැඩි විනාශකාරී ලෙස නුදුරු අනාගතයේ දීම රටට බලපානු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂගේ පුද්ගලික දුබලතාවයන් රැසක් තිබුණත් මේ සමාජ ආර්ථික ව්‍යසනය තනිකරම ඔහුගේ පුද්ගලික දුබලතාවයක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රකර ගත කරමින් නිර්මාණය වී තිබෙනවා.
භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා.

වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ට්‍රිලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා.

අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමරතව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වෙනි විසඳුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා.

ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපාය මාර්ග ඔවුන්ට නොමැති බව, පැරණි යල්පීනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා.

අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැගීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැගීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැගිය හැකියි.

මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනගා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා.

මේ රට ගොඩනැගිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරුකර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැඳුම්කර හොරු නිදැල්ලේ… පාස්කු ප්‍රහාර චූදිතයො පාර්ලිමේන්තුවේ…. අපටත් එ.ජා.පයේ ඉරණම අත්වීමට නියමිතයි…

Next Post

මෙරට සමස්ත කොවිඩ් මරණ 4500 ඉක්මවයි

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.