සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පුස්වෙඩිල්ල

by editor
මැයි 6, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

සරත් වීරසේකර ශූර මනුස්සයෙකි. ඔහුට බණ කියන්නට හැකිය. වීරසේකර පෝ දා බණ කියනු මම අසා ඇත්තෙමි. උපාසක අම්මාලා හෝසයට සාධුකාර දෙන ආකාරයේ උත්කර්ෂයෙන් බණ කියන්නට ඔහුට පුලුවන.

එමෙන්ම ඔහුට උත්කර්ෂවත් කතා කියන්නට හැකිය. ඇඟේ ලේ උණුකරවන දේශන තැබිය හැකි ශූර කථිකත්වයක් ඔහු තුළ තිබේ. භාෂා දෙකම වහරමින් රට ජාතිය ගැන සිරිමත් කතා කියන්නට වීරසේකර රුසියෙකි.

යුද්ධ කාලයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරගෙන එය ප්‍රතිනිර්මාණය කරන අවධියේ ඔහු මේ දෙකම කළේය.  මහින්ද රාජපක්ෂ ඔහුව දේශපාලනය සඳහා තෝරන්නේ මේ නායකත්ව ලක්ෂණ සමග ගොනු වුණු ඇඟ කිලිපොලා යන දේශනා රටාව නිසාය.

එය ගැලරියට නියමෙට වැඩ කළේය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් ප්‍රමාණයත්, රාජ්‍ය අනුග්‍රහයත්, මිනිස්සුන්ගෙන් ලැබුණු ප්‍රසාදයත් සරත් වීරසේකරගේ දේශපාලන ආරම්භය නොසිතූ තරම් පිබිදුවේය. ඔහු කොළඹ සිට ගිහින් ඡන්දය ඉල්ලුවේ අම්පාරෙනි. අම්පාරෙන් මනාප අංක 01 සමග ඉතිහාසගත වාර්තාවක් තබමින් ඔහු පාර්ලිමේන්තුවට ආවේය. ඒ 2009 දීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එදා සිට වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ සිටියේය.  ජාතිය ගලවා ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමියෙක් ලෙස පෙනී සිටියේය. ජිනීවා ගියේය. පුංචි පුංචි ෆෝරම් වලදී ඇට්ටි හැලෙන්න කතා කර ඒ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ මුදා හැරියේය. වියත් මග හැදු කණ්ඩායමේ සිටියේය. කොළඹින් ඡන්දය ඉල්ලා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට ආවේය. එසේ පැමිණ කැබිනට් ඇමතිකමක් ගන්නා තුරු වීරසේකරගේ ප්‍රමාණය මේ රටට හෙළිදරවු වුනේ නැත.

දැන් ඔහුව වීරයා කරගෙන ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයන් අතර ඔහුට කියන්නේ පුස් වෙඩිල්ල කියාය. මෝටාර් එකක් බව පෙණුන වීරසේකර පුස් වෙඩිල්ලක් උනේ ඇයි දැයි විමසීම මේ රටේ දේශපාලන අපේක්ෂාව හා එය ක්‍රියාත්මක කරන්ට පත් කරගන්නා පුද්ගලයින්ගේ ප්‍රමාණය අතර අන්තරය සොයා බැලීමකි.

වීරසේකරගේ ගැලරිය පිනවන මනරම් කතා වීරසේකරටය. ඔහුගෙන් පිනා යන්නට බලා සිටින උදවියටය. එහෙත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වී මහජන ආරක්ෂාව භාර කැබිනට් ඇමතිවරයා වී පාර්ලිමේන්තුව අමතනවිට එතන ඉන්නේ දේශක සරත් වීරසේකර නොවේ. මේ රටේ පොදු මිනිසාගේ ආරක්ෂාව භාරව ඉන්නා කැබිනට් ඇමතිවරයාය. ඔහු රටට පමණක් නොව ජාත්‍යාන්තරයට ද මේ රටේ මහජන ආරක්ෂාව පිළිබඳව ඒ හා බැඳුණු  ප්‍රතිපත්ති හා නෛතික මූලධර්ම පිළිබදව රජයේ  නිල වගකීම දරන්නාය. ඒ වගකීම දරන වීරසේකර  ගමේ එළිපත්තේ කට ඇරගෙන සිටින ගැමියන්ට හෝ සාධුකාර දෙන උපාසක අම්මලාට දොඹෙන් දෙන කතා පාර්ලිමේන්තුවේ වැපිරීමේ අපරාධය කිරීමට අයිතියක් නැත.

ඕනෑම දේශපාලනය ඇති ගෝත්‍රික නොදියුණු ලක්ෂණ පවත්වා ගැනීම සඳහා පාවිච්චිවන පසුපෙළ නොපැසුණු මන්ත්‍රීවරයාගේ භූමිකාවෙන් ඉවත්වන්නට සරත් වීරසේකරට හැකි වී නැත.

මුග්ධ ජාතිවාදී පදනමක හිඳිමින් රටේ පැවති සංවේදී ප්‍රශ්නයක් ගැන නෛතික කාරණා පදනම් කරගෙන ඇතිකළ යුතු සංවාදයක දී රටේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම දරන ඇමතිවරයා ලෙස ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය අපව තිගැස්සුවේය. මේ රටේ යුද්ධයක් තිබුණේය. ඒ යුද්ධය කළේ ඇමරිකාවෙන් හෝ ඉන්දියාවෙන් පැමිණ නොවේ. මේ භූමියේ සියවස් ගණනක් තිස්සේ ජීවත් වුණු මේ භූමියට ජන්මීය අයිතියක් සහිත ජන කොටස් දෙකකි. ඒ වාර්ගික යුද්ධය  හැත්තෑව දශයෙක් නිර්මාණය වී දශක හතරක් ඔස්සේ වැඩී ගිය හුදකලා කතාවක් නොවේ. ලංකාවේ ඉතිහාසය පටන් ගත් දා සිට එහිම කොටසක් ලෙස පවතින ගැටුමකි.

සෑම යුද්ධයක්ම අවසානවන්නේ මානුෂික ඛේදවාචකයකිනි.  ඒ ඛේදවාචාකයට මුහුණ දුන් ප්‍රධාන කුලකය මේ රටේ පුරවැසියන්ය. මහජන ආරක්ෂක ඇමතිවරයා වගකියන්නේ ගෝත්‍රයකට කණ්ඩාමකට හෝ අනු කුලකයකට නොව, ඒ සමස්ථ පුරවැසියාටය. ඒ දේශපාලන භූමිකාවේ හැසිරීමට හැකිවන්නේ චින්තනය නිදහස් පරිනත මනුෂ්‍යයෙකුට විනා විෂිල් ගහන ගැලරියට ආතල් දිය පටු ජාතිවාදියෙකුට නොවේ.

ලෝකය මේ රටට මානව හිමිකම් චෝදනා එල්ල කර ඇත. එහි සාධාරණයේ ප්‍රමාණය අප අපේ පාර්ශවයෙන් තක්සේරු කරන්නා සේම එම චෝදනා එල්ල කරන්නන් ද නිශ්ඡිත තක්සේරුවක් කර තිබේ. ඊට රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දිය  යුතු අනාගත ගනුදෙණුවක් අප සතුව ඇත.  ඒ සඳහා වැදගත්වන මූලික පදනම නිර්මාණය කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළය. ජාත්‍යාන්තර අවධානය සහිත ප්‍රශ්නයක් සංවාදයේ දී රටේ මහජන ආරක්ෂාව පිළිබද ඇමතිවරයා  අඩුම තරමින්  එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දර්ශක මත පිහිටා ඉදිරිපත් කළ යුතුය.

එහෙත් ඒ වගකීමෙන් මිදී ඔහු ඒ අපරාධය කළේය. තමන්ගේ ක්‍රීඩාව කිරීමට අවශ්‍ය පිටිය දෙමළ ඩයස්පෝරාවට හදා දුන්නේය. මේ කතාව පරිවර්තනය වී ලෝකයට යෑමේ ප්‍රතිඵල එනු ඇත්තේ තැපෑලෙනි. පාර්ලිමේන්තුවක් යනු වාචාලයෙකුට ඕනෑම හිතලුවක් වැපිරිය හැකි සිල්ලර වේදිකාවක් නොවේ. අඩුම තරමින් රටේ සංවේදී ඇමතිකමක් දැරිය යුත්තේ පාර්ලිමේන්තු ප්‍රකාශයක වගකීම් සහගත බව ගැන දන්නා පුද්ගලයෙකි.

වීරසේකර පුස් වෙඩිල්ලක් වුනේ   වගකීම රහිතව ගැලරියට ආතල් දෙන්නට ගොස් කී ගොං කතා නිසාය. රට තුළ ඒ විහිළුව අපට දරා ගත හැකිය. එහෙත් ජාත්‍යාන්තරය සමග යුද්ධයක් සඳහා මෝටාර්  ලෙස සිතා අප දැන දැන පෙරමුණට යවන්නේ මේ පුස් වෙඩිලි නම් තත්වය භයානකය.

පාර්ලිමේන්තුවේ දී දේශපාලකයෙකුගේ ජාතික භූමිකාව කුමක් දැයි තෝරා ගැනීමට වීරසේකර සිටි පාර්ලිමේන්තුවේම උදාහරණ තිබේ. දෙමළ ජාතික සන්ධානය මේ රටේ මුග්ධ ජාතිවාදී දේශපාලනයේ විකෘතියකි. ඔවුන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විග්‍රහ කරගන්නා ආකාරය විටෙක ද්‍රොහී අන්තයන් තෙක් ගමන් කර තිබිණි. එහෙත් ටී.එන්.ඒ නායක ආර්. සම්පන්දන් කලක් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය. ඒ මොහොතේ සිට සම්පන්දන් දේශපාලනිකව හැසිරුනේ මේ රටේ පොදු ජනතාවගේ විපක්ෂ නායකයා ලෙස මිස ජාතිවාදී ටී.එන්.ඒ දේශපාලන විකෘතිය ලෙස නොවේ.

දේශපාලනයේ වගකීම එයය. වීරසේකරලා යුද්ද කළ බව සැබෑය. ඔවුන් යුද්දයේ ඔස්තාර්ලාය. එහෙත්  දශකයට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සිටියත් බහු වාර්ගික රටක දේශපාලන වර්ණයේ විචිත්‍රත්වය තෝරාගන්නට බැරි වර්ණ අන්ධකමේ අංගවිකල භාවයෙන් මිදෙන්නට වීරසේකරට හැකි වී නැත.

ඒ අංගවිකල හැසිරීම අවසානයේ ව්‍යසනයට පත් කරනු ඇත්තේ මේ රටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්පුට්නික් එන්නත  අද ගොතටුවේ අයට

Next Post

යාපනයේ ස්වභාවික කසගස් වනයට ගිනි තබයි… අක්කර 03ක් විනාශයි…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.