බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ප්‍රාදේශීය සභාවක බලය වෙනුවෙන් නිරුවත්වන වානර දේශපාලනය…

by editor
මැයි 17, 2025
in දේශපාලන
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කොළඹ මහ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම සම්බන්ධයෙන් පොහොට්ටුව අද (17) සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡාවක් පැවැත්වූයේය.

විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග සජිත් ප්‍රේමදාස ආරම්භ කර ඇති සාකච්ඡා වට කීපයකින් ක්‍රියාත්මක වන බවත් පොහොට්ටුවේ කණ්ඩායම මුණගැසීමට පෙර විපක්ෂ දේශපාලන පක්ෂ රැසක ලේකම්වරුන් විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවී සාකච්ඡා කළ බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද උදේ තවත් සාකච්ඡාවක් පැවැත්විනි. අද මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී ය.

” මේ සාකච්ඡා ටික ඉදිරියට ගෙනියන්න හිටපු කතා නායක මහින්ද යාපා අබේවර්ධන මැතු තුමා පත් කළා. එතුමාගේ නායකත්වයෙන් සාකච්ඡා ඉදිරියට යනවා. සමගි ජන බලවේගයත් එක්කත් අපි බලාපොරොත්තු වෙනවා සඳුදා දිනයේ කතා කරන්න. විපක්ෂ නායක තුමත් එක්ක හිටපු කතා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් විදිහිට ගිහින් සාකච්ඡා කරන්න සූදානම්.” මාධ්‍යයට එසේ කීවේ සුගීෂ්වර බණ්ඩාරය.

විපක්ෂ එකතු කරන්නේ රනිල් ද- සජිත් ද?

විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු වී මාලිමාවට බහුතරයක් නැති සභාවල බලය පිහිටුවන බව මුලින්ම කීවේ සජිත් ප්‍රේමදාසය. ඔහු මෙම ප්‍රකාශය කරනු ලබන්නේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ වහාමය. වෙනස්ම ප්‍රතිපත්ති සහිත වෙනස්ම ගමන් යමින් වෙන වෙනම ඡන්දය ඉල්ලූ දේශපාලන පක්ෂ බලය සඳහා පමණක් එකට එකතු වී එක මිටට එකතුවන බවට වු ජුගුප්සාජනක අදහස මුලින්ම සජිත් ප්‍රේමදාසගෙන් එන විට අපට ඔහුව පෙනුනේ අන්දරේ කෙනෙක් ලෙසය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒත් දැන් විපක්ෂයේ ඉන්න තරමක් ඉන්නේ අන්දරේලා බව පෙනෙමින් ඇත්තේය. රනිල් වික්‍රමසිංහ සජිත්ට කලින් ක්‍රියාත්මක වී තමන් යටතේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් ඇත. සජිත් ඊට එරෙහිවය. ඔහුගේ කණ්ඩායම කියන්නේ විපක්ෂය එකතු කර නායකත්වය ගැනීම සජිත් කළ යුතු බවය.

රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය කියමින් ඇත්තේ අත්දැකීම් සහිත තීක්ෂණ ඥානයක් ඇති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ විපක්ෂය එක්සත් විය යුතු බවය. මේ අතර මෙතෙක් කල් සිටියේ කොහේදැයි සොයා ගැනීමට නොහැකි වු මහින්ද අමරවීරලා බලය පිහිටුවීමට විපක්ෂයට ජනතාව දුන් වරම ගැන කතා කරන්නේය.

යූඑන්පී එකෙන්, පොහොට්ටුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමණ සමගි ජන බලවේගයෙන් තරගකර පර්ලිමේන්තුවට පැමිණි උගත් නීතිඥ දයාසිරි ජයසේකර කියන්නේ කිසිම ස්වාධීන කණ්ඩායමකට මාලිමාවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ලබාදීමට සදාචාරාත්මක අයිතියක් නැති බවය. එවැනි ජන වරමක් ඒ ස්වාධීන කණ්ඩායම්වලට නැති බව ඔහු කියන්නේය. නමුත් මාලිමාවට විරුද්ධව විපක්ෂයට ඡන්දය දී ඇති නිසා විපක්ෂයේ සියලු දෙනා එකතු වී සභා පිහිටුවීම ගැටලුවක් නැති බව දයාසිරි ජයසේකරගේ අදහසය.

තනතුරු පොරය

එකට එකතුවෙන්නට යන ගමන් පුද්ගලයින් සහ දේශපාලන කණ්ඩායම් අතර බල පොරයක් ද අභ්‍යන්තරයේ ඇවිලී තිබේ. පිහිටුවන පලාත් පාලන ආයතනවල නායකත්වය, එම ආයතනවලට තෝරා ගන්නා සභිකයින්ගේ ස්වරූපය මේ වනවිට කුලල්කාගැනීමක් දක්වා දිගු වී තිබේ. ඒ අතරම පක්ෂ තුළ ජාතික ලයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී ධූර බෙදා ගැනීමට ද තරගයකි. එම තත්ත්වය පොදුවේ බොහෝ විපක්ෂ දේශපාලන පක්ෂ තුළ මතුවි ඇත.

සභික  ධූරවලට සිදුකරන ඒ මරා ගැනීම මිනිස්සුන්ගෙන් විලි ලජ්ජා නැති ලෙස ප්‍රතික්ෂේප වී දේශපාලන හිඟන්නන් බවට පත්ව සිටින ජාතික තලයේ දේශපාලනයක් කරන බවට පෙන්නුම් කර ඇති දේශපාලන පක්ෂ තුළ මතු ඇත්තේ හාස්‍ය ජනක ආකාරයටය. උදාහරණය චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ සහ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ගැන පමණක් කතා කිරීම සෑහේ.

මේ දේශපාලන පක්ෂ දෙකම කොළඹ මහනගර සභාවට තරග කර කොළඹින්ම කුජීත වී තිබිණි. ස්වාධීන කණ්ඩායම් 03ක් මේ ජාතික නායකයින්ගේ දේශපාලන පක්ෂවලට වඩා ඡන්ද සහ මන්ත්‍රි ආසන හිමි කර ගත්තේය.

ජාතික වීරයින්ට වෙච්චි දේ

චම්පික රණවකගේ මූනත්තහඩුව සහිතව කැම්පේන් කර එක්සත් ජන රජ පෙරමුණ කොළඹින් ලබා ගන්නේ ඡන්ද 2157කි. සමස්ථ ප්‍රතිශතය 0.97%කි. සියයට එකක්වත් නැත. විමල් විරවංශගේ පංචායුධ පක්ෂය ඡන්ද 2398කි. සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් හිමිකරගන්නා ප්‍රතිශතය සියයට 1කි. ජාති වාදය මාර්කට් කර දේශපාලනය කරමින් සිටි මේ ජාතික වීරයින් දෙදෙනාට වඩා දාදු කැටයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 3, ලන්තෑරුමෙන් තරග වැදුණ ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ ක්‍රිකට් පිත්තෙන් තරග වැදුන ස්වාධින කණ්ඩායම් අංක 5 මන්ත්‍රී ආසන ලබා ගත්හ. දාදු කැයටයට සභිකයින් 03කි. ලන්තෑරුමට සභිකයින් 2කි. ක්‍රිකට් පිත්තට සභිකයින් 2කි. ස්වාධීන කණ්ඩායම් 1 සහ 2 ද සභිකයින් එක් අයෙක් බැගින් දිනාගෙනය.

ස්වාධීන කණ්ඩායම් 05 පමණක් කොළඹින් සභික ධූර 09ක් දිනාගෙන තිබිණි.

මේ ප්‍රතිඵලය පමණක් රටේ දේශපාලනයේ හැරවුම පෙන්නුම් කරන බව විශ්වාස කරමු. පොහොට්ටුවත් කොළඹින් දිනාගෙන තිබුණේ සභික ධූර 5කි. මුස්ලිම් කොංග්‍රසය සභික ධූර 4කි.

මේ අතර අපට ඇස්සෙන්නේ චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ දිනාගත් මන්ත්‍රී ධූරයට ඡන්දය ඉල්ලූ පිරිස් මරා ගන්නා ආකාරය ය.

කොළඹ නගර සභාවට අයත්වන කොට්ඨාස 47කි. මෙම කොට්ඨාසවලින් සමහරක චම්පික රණවකගේ ඇතැම් අපේක්ෂකයින් හිමි කරගෙන තිබුණේ ඡන්ද තුනකි. නැතිනම් හතරකි. උදාහරණ වශයෙන් බම්බලපිටිය ඡන්ද කොට්ඨාසයෙන් ලබාගෙන තිබු‍ණේ ඡන්ද 2කි. බොරැල්ල දකුණෙන් චන්ද 03කි. ලුණු පොකුණෙන් ඡන්ද 03කි. පාමංකඩින් ඡන්ද 5කි. කුරුඳුවත්තෙන් ඡන්ද 6කි. කිරුළපනින්න ඡන්ද 09කි. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ දෙමටගොඩ කොට්ඨසයෙනි. ඒ ඡන්ද 264කි. එය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 4.7කි. හුණුපිටිය ඡන්ද කොට්ඨාසයෙන් ඡන්ද 247ක් ලබාගෙන තිබිණි. එය සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 8.3කි.

වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයින්ට ජාතික ලයිස්තු සභික ධූර දෙන බව පැවසුව ද චම්පික රණවක නගරාධිපති අපේක්ෂකයාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය දෙන්නට සූදානම් වූ විට ඇතුළේ මළ කෙළියක් විය. ඡන්ද 264ක් ලබාගෙන වැඩිම ඡන්ද ලාභියා කීවේ තමාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය අවශ්‍ය බවය. එවිට හුණුපිටිය අපේක්ෂකයා කීවේ වැඩිම ප්‍රතිශතය හිමිකරගෙන ඇත්තේ තමන්ට බැවින් ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය තමන්ට අවශ්‍ය බවය. එක පලාත් පාලන ආයතනයක එක මන්ත්‍රී ධූරයක් බෙදා ගන්නට බැරිව පොරකන්නට සිය ගෝලයින් පොරකන ආකාරය චම්පික රණවකට බලාගෙන සිටින්නට සිදුවූයේය.

ඒ පුවත කණ වැකුණු විට අතීතයේ එක් දවසක තිලක් කරුණාරත්න යටතේ මහ මැතිවරණයට තරග කර ජාතික ලයිස්තුවෙන් ලැබුන හෙළ උරුමයේ එකම මන්ත්‍රී ධූරය දෙවැනි කාර්තුවේ තමන්ට ලබා ගන්නට එස්.එල් ගුණසේකරගේ ගෙදරට ගල් ගැසූ චම්පික රණවකගේ කතාව මේ ලියන අපට සිහි විය. අවසානයේ දී නගරාධිපති අපේක්ෂකයාටත්, වැඩිම මනාප ගත් අපේක්ෂකයාටත්, වැඩිම මනාප ප්‍රතිශතය ගත් අපේක්ෂකයාටත් මන්ත්‍රී ධූරයේ කාල වකවානු බෙදා දෙන්නට චම්පික රණවකට සිදුවුනේය.

විමල් වීරවංශගේ පංචායුධයට සිද්ධවූයේත් එයමය. මේ ජාතික නායකයාගේ දේශපාලනයට ජනතාවගේ ඇති කැමැත්ත දකින විට අපට දුක හිතෙන්නේය. බොරැල්ල දකුණෙන් ඡන්ද 04කි. කොටුවෙන් ඡන්ද 05කි. කොචිච්කඩෙන් 07කි. කුරුඳුවත්තෙන් 08කි. හල්ෆ්ටොප් බටහිරින් ඡන්ද 09කි. කොළඹින්ම ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය ඡන්ද 2398කි. සමස්ථ ඡන්දයේ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 1.08%කි. මේ එක් ආසනය නියෝජනය කරන්නට කණ්ඩායම් නායිකාව සහ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත් බව පුද්ගලයා තවත් දෙදෙනෙක් සමග විමල් ඉදිරියේ මන්ත්‍රී ආසනයට මරාගත් ආකාරය වාර්තා වන්නේය. අන්තිමට විමල්ට සිදුව ඇත්තේ එකම ආසනය පක්ෂයේ නගරාධිපති අපේක්ෂිකාවට සහ වැඩිම මනාප ගත් බව කියන පුද්ගලයා සමග කාර්තු දෙකකට බෙදා දෙන්නටය.

දෙන්න හදන ආතල් එක

මේ පක්ෂවල මන්ත්‍රී ධූර තෝරා ගන්නේත් එසේය. මුන් බලය සඳහා මේ තරම් ලොල් සිඟාලයන්ය. මේ කණ්ඩායම් එකට එකතු වී පිහිටුවන සභාවක් මොන තරම් ආතල් එකක් දෙනු ඇතිදැයි තවම හිතාගන්නට බැරිය.

ප්‍රාදේශීය සභාවක බලය ලබා ගැනීම සඳහා තමන් කරන්නට හදන කුපාඩිකම මිනිස්සුන්ට සාධාරණීකරණය කරන්නට කුණු කානු පල්ලට වැටී සිටිනා මේ නිරුවත් වානරයින් දකින විට මෙතෙක් අපේ රටේ පැවති දේශපාලනයේ පජාත කම ගැන දුක හිතෙන්නේය.

එකක් පැහැදිලි කළ යුතුය. අප බලාපොරොත්තුවූ පෞරුෂවත් ගැඹුරු දේශපාලනය මාලිමාවේත් නැත. එය පිළිගත යුතුව ඇති සැබෑවකි. නමුත් රටට තීන්දු ගන්නට සිදුවී ඇත්තේ දේශපාලනය යැයි මේ ප්‍රකාශිත විපක්ෂ අශිෂ්ට ජඩකමත් මාලිමාව මේ මොහොත් ප්‍රකට කරන පැවැත්මත් පිළිබඳව කරන සැසඳීමකිනි.

සිදුවන විපරීතය දකිමින් මේ මොහොතේ අප සිටින්නේ එතනය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකතු වෙන්න ආවා නෙමෙයි… ජනතාවගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න ආවා… සජබ හා සාකච්ඡාවෙන් පසු පොහොට්ටුවේ මහ ලේකම් කියයි!

Next Post

තුසිත හල්ලොලුවගේ වාහනයට නාරාහේන්පිට දී වෙඩි ප්‍රහායක්!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.