අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පරණ අපරාධකරුවන්ගෙන් අලුත් පාර්ලිමේන්තුවත් පුරවන්න එපා

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරයි.

by editor
ජූනි 11, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

පැවති පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණ බැවින් මේ මහ මැතිවරණයෙන් පසු රැස්වන අලුත් පාර්ලිමේන්තුවට අපරාධකරුවන් එවීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අනාගත පාර්ලිමේන්තුව හා රටේ වත්මන් තත්වය පිළිබඳව කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කිසිදු දැනුමක් අවබෝධයක්, හැකියාවක් නැති කුඩු කාරයින්, ගංජාකාරයින්, එතනෝල් කාරයින්, ස්ත්‍රී දූෂකයින්, වැනි අපරාධ කරුවන් නැවත වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා එවීමෙන් ජනතා අපේක්ෂාවන් කිසිවක් අලුත් පාර්ලිමේන්තුවෙන් ද ඉටු නොවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ පාලන සමයන්හි චෝදනා ලැබූ කිසිවෙක් මේ මැතිවරණයේ දී ඉවත්කර නැති බවත් මෙවර ඒ සියලු දෙනාටම නාම යෝජනා ලැබී ඇති බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණු නායකයා නැවත එවැනි අය පත්කර ගනිමින් රට විනාශයකට ඇද දමනවාද, එසේත් නොමැති නම් උගත්, බුද්ධිමත්, පිරිසිදු කණ්ඩායමක් අලුත් පාර්ලිමේන්තුවට පත්කරගෙන වැටී ඇති රට ගොඩ නගනවාද යන්න මෙරට ජනතාව තීරණය කළ යුතු බවය.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ පැවති විශ්වාසය අද වනවිට මුලුමනින්ම බිඳවැටී තිබෙන බව ජනතා ක්‍රියාකාරකම් වලින් සනාථ වන බවත්, එය කොතෙක්  ද කියනවා නම් රටේ යම් ව්‍යසනයක් සිදු වුවහොත් ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට  සිදු විය යුතු බවට ප්‍රාර්ථනා කරන මනෝභාවයක් වෙත ජනතාව ඇද දමා ඇති බවත් ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලුත් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක අයගෙන් පිරවීම යුගයේ අවශ්‍යතාවය වී තිබෙන අතර මෙතෙක් පාර්ලිමේන්තුට පැමිණි පුද්ගලයන් අති බහුතරයක මේ ප්‍රතිපත්ති ගරුක ස්වරූපය නොමැති වීම නිසා රට මේ ඛේදනීය තත්වයට පත් වී ඇති බවත් අනුර කුමාර දිසානායක පෙන්වාදුන්නේය. අලුත් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක, රටට වැඩදායි අයගෙන් පිරවිමට නම් මේ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය ශක්තිමත් කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

“ පහුගිය තීරණාත්මක ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේ දී අපි දැක්කා මුදට විකිණෙමින් හතර අතට පනින මන්ත්‍රීවරු. එය හරියට කොටස් වෙළෙඳපල වැනි තත්වයක්. අද වනවිට අශිෂ්ඨත්වයේ කේන්ද්‍රය බවට පත් වී ඇති පාර්ලිමේන්තුව ශිෂ්ඨත්වයේ  කේන්ද්‍රය බවට  පත් කළ යුතුයි. එසේ කිරීමට නම් පැවති පාර්ලිමේන්තුවේ සිටි හොර තක්කඩි අපරාධකරුවන් එවීමෙන් වැලකී සිටීමේ වගකීම ජනතාවට තියනවා. “

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

Next Post

ලීසිං මැරයෝ ත්‍රී රොද රථ සංගම් සභාපතිව පහර දී මරා දමති

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.