බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

නාමල් හොර නිතිඥකම ගත්තු හැටි අධිකරණයට කියන්න රට ඉන්න තුෂාර ජයරත්න ලංකාවට එන්න සැරසෙයි…

නාමල් ගේ හොර නීතිඥ චෝදනාවත් එක්ක පාර්ලිමේන්තුව අද ඇවිලුන හැටි...

by editor
දෙසැම්බර් 18, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ජීවත්වන කෙටි කාලය තුළ අසන දකින අත්විඳින දේ සිහි බුද්ධියෙන් යුතුව ගලපා ගත හැකි නම් මිනිස්සු කවදාවත් පිස්සු කෙළින්නේ නැත. අප ජීවත් විය යුත්තේ ලෝකයේ නොවිය හැක්කක් නැති බවට වන යථාවබෝධය සමගය.

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබා ගෙන මහින්ද රාජපක්ෂ කුජීත වී ඔහුගේ පොහොට්ටුව සියයට තුනකට වැටෙනු ඇතැයි ද මීට වසර පහ හයකට පෙර කිසිවෙක් කීවා නම් ඌ බලහත්කාරයෙන් අල්ලාගෙන ගොස් අංගොඩ දැමීමට මිනිස්සු පෙළඹෙනු ඇත.

නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් ඔහුගේ මුහුණට ප්‍රශ්න කර නොමැරී ජීවත් විය හැකි බවත්, ඔහුගේ පජාත අතිතීය ප්‍රශ්න කරමින් ඔහු අධිකරණ ක්‍රියාදාමයකට කොටු කිරීමට කිසිවෙකු ප්‍රවේශ වනු ඇති බවත් ඒ ආකාරයෙන්ම කිසිවෙක් විශ්වාස කළේ නැත. එහෙත් ඒ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබේ.

කථානායක අශෝක රන්වල සිය උසස් අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරගත නොහී ඉල්ලා අස්වීමත් සමග උද්ගත වූ තත්ත්වය කුණාටුවක් වි මේ වනවිට පාර්ලිමේන්තුව හරහා හමා යමින් තිබේ. ඒ සමගම වැලි යට මතු වී තිබූ සමහර සිදුවීම් ඒ කුණාටුව සමග යළි මතු කර ඇත. නාමල් රාජපක්ෂගේ වළ දැමූ අතීතය මතුවන්නේ ඒ කුණාටුව සමගය.

හොර නීතිඥ චෝදනාව

නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිට විභාගයේ සියලුම නීති උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික හැසිරීම සම්බන්ධව පරීක්ෂණයක් කර නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබුණේ මීට දින තුනකට පෙරය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි බවත්, විභාග ආරම්භයේදි ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතු පරිසරයක සිදුකළ මෙම විභාග අකටයුත්ත සම්බන්ධව ප්‍රශ්න කළ තමන්ට අවසන් වසර නීති විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් පැමිණිලිකරු එම සටහනේ සඳහන් කර තිබිණි.

එමෙන්ම ඔහු පවසන්නේ මේ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි අගවිනිසුරුටත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කාර්යාල කළමනාකරු (office manager) ලෙස කටයුතු කළ පුද්ගලයා එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් තම ජංගම දුරකථනයට කතා කර මරණීය තර්ජන එල්ල කළ බවය.

මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම තමන් පැහැර ගැනීමට ලක් වු බවත්,  තමන්ගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද බවත් වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකින් දිවි බේරාගත් බවත් කියන පැමිණිලිකරු අවසානයේ දී රටත් හැර යන්නට සිදුවූ  බව ද කියයි. මේ සිදුවීම් නිසා තමන් රෝගයෙක් මෙන්ම සරණාගතයෙක් ද බවට පත් කර ඇති ආකාරය සම්බන්ධව ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ දී යළි මතු වූ කතාව

මේ කථාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේ දී  ඊයේ මතු කළේය. එ් අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ සිටියේ නැත. අද (18)  උදේ නාමල් රාජපක්ෂ විශේෂ මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයකට අවස්ථාව ලබාගෙන වසන්ත සමරසිංහ ඊයේ කළ ප්‍රකාශයට උත්තර දෙන්නට ගියේය. ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඒ විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහාය.

නාමල් සිය කතාව ආරම්භ කළේ මෙසේය.

“ඊයේ දිනයේ දී මා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේ දී එක්තරා අමාත්‍යවරයෙක් ධරුණු චෝදනාවක් එල්ල කළා. ඒ චෝදනාවේ එක් කොටසක් එල්ල වෙන්නෙ නීති විද්‍යාලයට. තවත් කාරණයක් තවත් පැත්තකින් එල්ල වෙන්නේ මේ රටේ නීති පද්ධතියට. එහි සඳහන් වෙනවා මරණ තර්ජන තිබුණ නිසා එක්තරා මහාචාර්යවරයෙක් රටින් පිටව ගියා කියන කාරණාව පිළිබඳ පැහැදිලි කළේ නෑ කියලා.

අධිකරණ අමාත්‍යවරයාත් ඉන්නවා. කරුණාකරලා දැන් ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන්නේ. එහෙම මරණ තර්ජන එල්ල කළා කියලා එතුමා සඳහන් කරනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. තවත් පැත්තකින් විභාගය ලිවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් තියනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න.

ඒ වගේම ගරු කතානායක තුමනි එහි සඳහන් වෙනවා ඒ අමාත්‍යවරයාව දැනුම්වත් කළා ලු. ඒ දැනුම්වත් කළේ කවුද, කොතැනද කොහෙදිද කොහොමද කියන කාරණා ගැන මේ සභාවට පැහැදිලි කරලත් නෑ. රටට පැහැදිලි කරලත් නෑ.
තවත් කාරණාවක් කියනවා ලංකාවෙන් පිටව ගිහිල්ලා දේශපාලන සරණාගත භාවය පතපු කෙනෙක් පැමිණිල්ලක් කරලා තියනවා කියලා.

දැන් ඔබතුමන්ලාගෙ ආණ්ඩුව තියෙන්නේ ගරු ජනාධිපති තුමනි. ඔහුට ආරාධනා කරන්න පුලුවන් එන්න කියලා. අධිකරණයට ගිහින් සාක්ෂි දෙන්න පුලුවන්. කටඋත්තරයක් සටහන් කරන්න පුලුවන්. අවශ්‍යනම් ඔබතුමන්ලාට පාතාල නායකයො ගෙනියනවා වගේ එස්ටීඑෆ් හමුදා ආරක්ෂාව දීලා හරි උසාවියට ගෙනියන්න පුලුවන්.

ඒ වගේම ඔහු දේශපාලනික වශයෙන් සරණාගත භාවයට පත් වෙලා තියනවා නම් ඔබතුමාල විශ්වාස කරනවා නම් තවමත් ඔහු දේශපාලන සරණාගතයෙක් බවට පත් වෙලා ඉන්න ඕන කියලා ඔබතුමාලගේ ආණ්ඩුවෙ ක්‍රියාකාරිත්වය මත තමයි ඒ කාරණාව සිද්ධ කරන්න වෙන්නේ . තවදුරටත් එහෙම අවශ්‍ය නෑ කියලා ඔබතුමාලා කියනවා නම් ඔහුට දේශපාල සරණාගතයෙක් විදිහට ඒ රටේ ඉන්න ඕන නෑ. ලංකාවට ඇවිත් මේ කාරණාව ඉදිරිපත් කරන්න පුලුවන් ගරු කතානායක තුමනි.

ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේ කාරණාව පිළිබඳ කථාව හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. මොකද අවබෝධයකින් බොරු කීමේ සම්ප්‍රදාය සමහර දේශපාලන පක්ෂවලට තියනවා. එතකොට යම් කිසි පුද්ගලයෙක් කරන ප්‍රකාශයක් තවත් පුද්ගලයෙකුගේ චරිත ඝාතනය කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා මම කරුණාවෙන් ඉල්ලන්නේ යම් කිසි චෝදනාවක් තියනවා නම් අධිකරණ අමාත්‍ය තුමනි පරීක්ෂණයක් කරන්න. ඔබතුමත් නීතිඥවරයෙක්. මේ අපහාසය එල්ල වෙන්නේ නාමල් රාජපක්ෂට නෙමෙයි. ලංකාවේ නීති විද්‍යාලයට. නීති ක්ෂේත්‍රයට නීති පද්ධතියට.

එක කාලයක මේ පාර්ලිමේන්තුවේ 225ම හොරු යි කියලා සමාජගත කළා. දැන් ගරු කතා නායක තුමනි පාර්ලිමේන්තුවේ 225ම අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන්න කියලා ෆයිල් උස්සගෙන පාර්ලිමේන්තුවට එන්න ඕන. සීඅයඩි එකට යන්න ඕන. දැන් වෙන පැත්තකට මේ 225 ගෙනියන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබතුමාගෙන් වගකීමෙන් ඉල්ලන්නේ. ඔබතුමාට වගකීමක් තියනවා… පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි මන්ත්‍රි වරප්‍රසාද ගැන කතා කරනවා. හැබැයි මේ වරප්‍රසාදවලට මුවා වෙලා අවබෝධයෙන් බොරු කියන කෑල්ල අයින් කරන්න කවුරුත් කතා කරන්නේ නෑ ගරු කතානායක තුමනි.

එහෙමනම් අවබෝධයෙන් බොරු කියන වරප්‍රසාදය අයින් කරන්න ඕන. නැතිනම් අපි සියලු දෙනා වගකීම් සහිත පුරවැසිියො ලෙස කටයුතු කරන්න ඕන. ඒ කාරණය හැන්සාර්ඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕන.” නාමල් රාජපක්ෂ කීවේය.

පිට රට ඉන්න අය ඇවිත් සාක්ෂි දෙන්න ලෑස්තියි

මේ අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ බලාපොරොත්තු නොවුන ආකාරයට අමාත්‍ය වසන්ත සමරසිංහ නැගී සිටියේය. නාමල් රාජපක්ෂගේ හොර නීතිඥකම සම්බන්ධව ප්‍රශ්න කළේ තමන් බව කීවේය. අනතුරුව නාමල් රාජපක්ෂ ඉදිරියේ ඔහුව දරුණු ලෙස ප්‍රශ්න කරමින් කීවේ ඔහු හෙළිදරව් කිරීම නිසා මරණීය තර්ජනයට ලක්ව රට හැර ගිය තරුණයා මේ නඩු කටයුත්ත සඳහා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බවය.

වසන්ත සමරසිංහ නාමල් රාජපක්ෂව දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරමින් පාර්ලිමේන්තුව ඇමතුවේය.

“ගරු කතානායක තුමනි. මා ඊයේ පාර්ලිමේන්තුවෙදි මම හිතන් හිටියේ නාමල් රාජපක්ෂ මැතිතුමා හිටියනම් හොඳයි කියලා. ඒත් එතුමා ඊයේ දවසම හිටියෙ නෑ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මම කිව යුතුයි. මම තමයි ඒ පිළිබඳව කිව්වේ. මම තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයෙ විභාගයට ලියපු හැටි ප්‍රශ්න කළේ. ඒ ගැන තොරතුරු මා ලඟ තියනවා. ලිඛිතව මා ලඟ තියනවා. වීඩියෝවල තියනවා. මේ පැමිණිල්ල කළ තරුණයා ලංකාවට එන බවත් කියලා තියනවා මේ සිද්ධියට අදාල පරීක්ෂණය ආරම්භ කරන්න.”

” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 නීති විද්‍යාලයේ අවසාන වසරෙ විභාගයට ලියන්න යද්දී නීත විද්‍යාලයේ විදුහල්පතිවරයා බුලත් දීලා පිළි අරගෙන තනි කාමරයක ඉඳන් විභාගය ලියපු හැටි රටම දන්නවා. නීතිඥයො හැටියට මෙතන බොහෝ අය ඉන්නවා. ඒ අයත් නීති විද්‍යාලයේ විභාග ලියන්න ගියපු අය. විභාග ලිව්වේ කොහොම ද කියලා දන්නවා. ඒ ගැන ඉතාම වගකීමෙන් පැහැදිලිව කිව්වා. ”
“ඔබතුමා නීති විද්‍යාලයේ පරිගණක කාමරයේ තනියම විභාගය ලිව්වා කියලා දන්නවා රටම. ඉතින් ඒ අවස්ථාව ඔබතුමාට විතරක් කොහොම ද  නීති විද්‍යාලයේ විදුහල්පති තුමා දුන්නේ. නීති විද්‍යාලයේ අවසාන වසර විභාගය ඔබතුමත් එක්කම ලිව්ව කෙනා තමයි තුෂාර ජයරත්න මහත්මයා. ඔහු මේ පැමිණිල්ල කරලා තියනවා. ඔහු මට ඊයෙත් කතා කළා. මේක පාර්ලිමේන්තුවේ දී කතා කළාට පස්සෙත් කතා කළා. මේ සම්බන්ධව පරීක්ෂණය ආරම්භ කරන්න කියලා ඔහු කරපු පැමිණිලි කීපයක් තියනවා. ඒ පැමිණිලිවලට අදාලව පරීක්ෂණ ඉස්සරහට සිදුවෙයි. ”

“එතකොට ඔබතුමාට නීති විද්‍යාලයෙ විභාගය ලිව්වෙ කොහොමද, තනියම කාමරේ විභාගය ලිව්වේ කොහොමද කියලා කියන්න පුලුවන් වෙයි.

“ඒ වගේම මහාචාර්යවරයෙක් පැමිණිලි කළා කියන එක ඔබතුමා මම හිතෙන්නේ වරද්දගෙන තියෙන්නේ. ඔබතුමා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන්න ඇප්ලයි කළාට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක් රිජෙක්ට් කරන්න කටයුතු සිද්ධ වුනා. එතන මණ්ඩලයක මහාචාර්යවරු දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් ටෙරන්ස් පුරසිංහ මහාචාර්යවරයා. එතුමා මිය ගිහින්. අනෙක් කෙනා තමයි මේ කතාව කියලා තියෙන්නේ. ඔහුට තර්ජනය කරලා තියෙන්නේ ඔබතුමා නෙමෙයි. උප කුලපතිවරයා තමයි ඒ මහාචාර්යවරයට තර්ජනය කරලා තියෙන්නේ. ඒක මම පැහැදිලිව කිව්වා. ඔබතුමාට හැනසාඩ් එක අරන් බලන්න පුලුවන්. ”

“ඒ විතරක් නෙමෙයි. මේ ක්‍රියාවලිය බොහොම ජනප්‍රිය ක්‍රියාවලියක්. මිට පෙරත් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුන එකක්. ඒ නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියන එක තමයි අපිත් කියන්නේ. පරීක්ෂණයට අදාල පැමිණිලි කරපු මිනිස්සු ලංකාවට ඇවත් සාක්ෂි දෙයි. ඔබතුමාටත් සාක්ෂි දෙන්න යන්න පුලුවන්.”

මේ වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පත් වී සිටි තත්ත්වය සියල්ලන්ටම පෙනුනේය. ඔහුගේ මුහුණ අව පැහැ ගැන්වී තිබිණි. හඬ පරාජිත හැඬුම් ස්වරයකට පරිවර්ථනය වී තිබිණි. නාමල් රාජපක්ෂ නැගී සිට යළිත් කථානායකවරයා ඇමතුවේය.

“කතානායක තුමනි. මම විවාදයකට සූදානම් වෙන්නේ නෑ. මම වගකීමකින් ඔබතුමාට කියනවා මම තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා. නැතිනම් ඔබතුමා ඇමතිකමින් අයින් වෙන්න ඕන.”

“වසන්ත සමරසිංහ – මෙතුමා කොමර්ෂල් ලෝ පේපර් එකට ලකුණු 99ක් අරන් තියනවා. මෙතුමා තනිය නෙමෙයිනම් හිටියේ මෙතුමා වෙනුවෙන් විභාගයට උත්තර ලියපු කෙනත් ඉන්න ඇති. ”

“නාමල් රාජපක්ෂ – මම කිව්වනෙ. තනියම මම විභාගය කාමරයක ලිව්වා කියලා ඔප්පු කළොත් මම අයින් වෙනවා. එහෙම නැතිනම් ඔබතුමා අයින් වෙන්න.

වසන්ත සමරසිංහ – එතුමා කියනවා තනියම නෙමෙයි කියලා හිටියේ. එහෙමනම් එතුමා එක්ක විභාගය ලියපු අනිත් කෙනා ගැන අපට කියන්න ඕන.

නාමල් රාජපක්ෂ – මෙතුමන්ලා මේ පාර්ලිමේන්තුවට ආවේ අලුත් සංස්කෘතියක් හදනවා කියලා. හදන සංස්කෘතිය කෙසේ වෙතත් තිබ්බ සංස්කෘතියටත් එයා යන පාටක් පේන්න තියෙන්නේ. .

ඔබතුමා මට නෙමෙයි මේ චෝදනා කරන්නේ. මම නෙමෙයි පේපර් එක හැදුවෙ. පේපර් එක මාර්ක් කළෙත් අපේ තාත්තා නෙමෙයි. අධිකරණ ඇමති තුමත් මෙතන ඉන්නවා. මේ නීති විද්‍යාලයට චෝදනාව නගන්නේ. මේ ගැන පරික්ෂණයක් කරලා මේ රට වගේම පාර්ලිමේන්තුවත් දැනුම්වත් කරන්න.

මගේ උපාධිය තියෙන්නේ එංගලන්තෙ සිටි විශ්වවිද්‍යාලයේ. පාර්ලිමේන්තුවෙන් මම අවසර දෙන්නම් විශ්වවිද්‍යාලයට ලියලා මගේ උපාධිය පිළිබද සනාථ කරගන්න. එතකොට ඒ ප්‍රශ්නය ඉවරයි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අවබෝධයෙන් බොරු කියන සංස්කෘතියවත් ඔබතුමාලා ඉවත් කරන්න.

යහපාලන ආණ්ඩව කාලයෙත් ඔබතුමාලා පරීක්ෂණ කළා. අදත් ඒ කාතව කියනවා. මේක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උපදෙස් මරු… ඒත් ප්‍රමාද වැඩියි… ප්‍රතිව්‍යුගත ඩොලර් මිලියන 12.55න් 11.5ක් ගත්තේ යහපාලන රජය… එහි වගකීම් දැරූවන් දැන් අපට දෙන උපදෙස් කල් ඉකුත් වෙලා… ජනපති කියයි!

Next Post

මුන් මොන මිනිස්සු ද?… මද්දක් අටවා කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.