බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

තරුණ අරගල කරුවන් සමග අගමැතිට සාකච්ඡා කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ හරියටම ගෙදර යන දිනය ගැන විතරයි!

by editor
අප්‍රේල් 13, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

දැන් ගෝල්ෆේස් සිටිනා තරුණ අරගල කරුවන් සමග අගමැති සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කර  එකඟතාවයට පත්වීමට ඉතිරිව ඇති   එකම කාරණය වන්නේ නිශ්චිත වශයෙන්ම ගෙදර යන දවස පමණක් බව  ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ලෝකය  අධ්‍යනයනය කරමින්, අත්දැකීමෙන්ම දේශපාලනිකව සංවර්ධනය වෙමින්  ව්‍යාප්තවන මෙම   මේ තරුණ අරගලකරුවන් සිටින්නේ ආණ්ඩුවට ගව් ඉදිරියෙන් බව   ආණ්ඩුවේ ඉන්නා පරිනතම නායකයාට නොතේරීම මේ අර්බුදය තීව්‍ර කරන බව ඇය කීවාය.

අරගලයට එරෙහිව ඊයේ ආගම භාවිතා කරන්නට පහත් උත්සාහයක් දැරූ ආණ්ඩුවේ අගමැති,  ජාතිය අමතමින් දරුවන් පරිස්සම් කරගන්නා ලෙස දෙමව්පියන්ට  දැන්වූ අගමැති අද අරගල කරුවන්ට සාකච්ඡා කිරීමට කතා කිරීම දෛවෝපගත බවද ඇය පෙන්යවා දුන්නාය.

අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය.

“ජනතා මතය මෙහෙයවන්න ආණ්ඩුවට තිබුණු බලය දැන් ගිලිහිලා. ආණ්ඩුවට විරුද්ධව නිර්මාණය වෙමින් තිබෙන ජනතා මතය තවදුරටත් පාලනය කරන්න මේ ආණ්ඩුවට බැහැ.  ජනතාවත් ආණ්ඩුවත් අතර, විශාල පරතරයක් නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුවට එය තේරුම් ගන්න බැරිවීම මේ අර්බුදයේ මුලයි.

පරණ විදිහට විවිධ කතන්දර එළියට දාලා බලය තියාගන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා.

මේ මොහොතේ දියත් කර තිබෙන ජනතා අරගලය ආරම්භ වීම, වර්ධන වීම, ඒ ඉල්ලීම් මොනවාද? ඉන්නේ කවුද? වැනි කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුනා නම්, ජනතාව ඉන්න තැන ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන්. දිනෙන් දින වෙනස් වෙමින් දිනෙන් දියුණුවන අරගලයක් තිබෙන්නේ. දිනෙන් දින ශක්තිමත් වන අරගලකරුවන්ගේ දේශපාලනය අධ්‍යයනය කරමින් ව්‍යාප්ත වන්නේ.

ජනතාව ඉන්නේ ආණ්ඩුවට වඩා ගවුගණනක් ඉස්සරහින්. ආණ්ඩුව ඉන්නේ එකම තැන පල්වෙන, කුණු වුණු අතීතයක. මේ නොගැලපීම තුළ ආණ්ඩුවට පැවැත්මක් නැහැ. මෙච්චර තදින් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන්නේ ඒ නිසයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ ආණ්ඩුව අපේ රටටත් ජනතාවටත් තවදුරටත් ගැලපෙන්නේ නැහැ. මේක ඉවර කරන්න දැන් පරක්කු වෙලා තිබෙන්නේ. ඉවර කර ගන්න බැරිවීම පීඩනයට පත්වුණු ජනතාව පාරට බැහැලා ඉන්නේ. ඊයේ (12) කොතරම් පහත් විදිහට ආගම පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සාහ කළාද කියලා අපි දැක්කා. ඔවුන්ගේ කුමන්ත්‍රණය පටන් ගන්නත් ඉස්සෙල්ලා ෆේල්. බලය තවදුරටත් තියා ගන්න අටවන උපක්‍රමත් ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලාම ෆේල්.

ජනතාව ආණ්ඩුවට උගන්වන මේ බැරෑරුම් දේශපාලන පාඩම හරිය ඉගෙන ගත යුතුයි. අවුරුදු ගණනක දේශපාලන අත්දැකීම් තිබෙන නායකයන් ඉන්නවා කියන ආණ්ඩුවට මේ පාඩම ඉගෙන ගන්න බැරි කොතරම් අන්ධ නිසාදැයි පැහැදිලියි.

අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්ති බව අගමැති අද (13) උදේ කියනවා. දවස් දෙකකට ඉස්සෙල්ලා අරගලකරුවන් කිසි දෙයක් නොතේරෙන බබ්බු වගේ සලකලා, දෙමාපියන්ට කීවේ තම දරුවන්ව ආරක්ෂා කරගන්න කියලා. එච්චර අවමානයෙන් කතා කළ අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්තියි කියලා අද අගමැති කියනවා.

ඕනෑ නම්, සාකච්ඡා කරන්න තියෙන්නේ එක දෙයයි. කවදාද යන්නේ කියන එකයි. නිශ්චිත වශයෙන් ගෙදර යන දවස කියන්න කියන එක සාකච්ඡා කරන්න අරගලකරුවන් ලෑස්ති ඇති. ඒ හැර වෙන සාකච්ඡා කරන්න දෙයක් නැහැ.

බලයට තිබෙන කෑදරකම නිසා, බලය නැතිව ඉන්න තියෙන බයත් නිසා, මේ ආණ්ඩුව තවදුරටත් ඉන්නේ. ඒ නිසා සුපුරුදු ඩීල් දේශපාලනය පාවිච්චි කර, පාර්ලිමේන්තුවේ වැඩි බලය රැකගෙන අරගලය මර්දනය කරලා ඉන්න හිතනවා නම්, එය සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයක්.

මෙවැනි ආණ්ඩු පලවා හැරි ජන අරගල ගැන ඕනෑ තරම් උදාහරණ ලෝක ඉතිහාසයේ තිබෙනවා. ඒ ඉතිහාසය ඉගෙන ගනිමින් මේ අරගලකරුවන් ඇවිත් තිබෙන්නේ. ආණ්ඩුවට ඒ ඉතිහාසය ඉගෙන ගන්න බැරිවුණාට අරගලකරුවන් හරිම පැහැදිලි අරමුණු වෙනුවෙන් ක්‍රියාකරනවා.

ජාතික ජන බලවේගයේ අපි මේ අරගලය ආරක්ෂා කළ යුතුයි කියලා හිතනවා. අරගලය ජයග්‍රහණයෙන් කෙරළවර විය යුතුයි කියලා හිතනවා. ඒ නිසා අපි දැවැන්ත පාගමනකින් කොළඹට එනවා. ජනතා අරගලයට අපේ සියලුම ශක්තීන් අපි යොදවනවා. අපේ රටට අනිවාර්යයෙන් ජයග්‍රහණය ගෙනදෙන හැරවුම් ලක්ෂයක් බවට අපි මේ අරගලය දකිනවා. අරගලය තුළ නිර්මාණය වන දැනුම සහ අවබෝධය තුළින් රටට අවශ්‍ය වෙනස කරා යන්න අවස්ථාව තමයි මේක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්

Next Post

මහින්දානන්දගේ කටේ ගෑස් රටේ නෑ ! ලිප ගිනි මෙලවුනේ නැති අඳුරු අවුරුද්දේ මිනිස්සු පෝලිම්වල!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.