සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අයියෝ හර්ෂ…

by editor
අගෝස්තු 16, 2025
in දේශපාලන
Harsha
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඇත්තටම එය හර්ෂගෙන් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඒත් ඒ කුපාඩිකම හර්ෂ කළේය. චාමර සම්පත් මේ වගේ කතා ඕන තරම් කියන්නේය. පාර්ලිමේන්තුවේදීත් කියන්නේය. පාර්ලිමේන්තුවට පිටදීත් කියන්නේය. ඒ කතා කිසිවෙක් පයිසකයට මායිම් කරන්නේ නැත.

නමුත් හර්ෂ ද සිල්වා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටම පිළිගත් ප්‍රමාණික විද්වතෙකි.  මහත්මා ගුණයෙන් යුතු වැදගත් දේශපාලකයෙක් ලෙස මේ රටේ මිනිසුන් පමණක් නොව, ලෝකයම අපේක්ෂා සහිතව බලාගෙන සිටිනා අනාගත නායකයෙකි.  ඔහු කියන කතාවක ජාත්‍යාන්තර වලංගු භාවය පිළිබඳ ඔහුට අදහසක් තිබෙන බව ඔහු නොදන්නේ නැත.

එවැනි සමාජ බලයක් සහිතව වැදගත් දේශපාලනයක් කරනු ඇතැයි රට අපේක්ෂා කළ මේ දේශපාලකයාත් රටට කෙළ වී ගියත් තමන්ට අවශ්‍ය ගේම ගහන තුප්පහි ජරා අපතයෙක් බව පසුගිය දා තහවුරු කළේය. ඔහු නිරුවත්වනු දැකුම බලවත් වේදනාවක් බව ලියා තබන්නේ ඔහු මේ රටේ අනාගතය ගොඩ දමන නායකයෙක් බවට වූ අපේක්ෂාවක් රටේ මිනිස්සුන්ගේ  දේශපාලන සිතිවිලිවල යටි පෙළෙහි සැඟවී ඇති ආකාරය දැක තිබු බැවිනි.

ඇමරිකානු තීරුබදු සම්බන්ධව ඉන්දීය රජය හෙළා දකිමින් කිසිම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදුනොවුන වටපිටාවක හර්ෂ ද සිල්වා ඉන්දීය රජයට හිනා නොවන ලෙසත්, ශ්‍රී ලංකාවට අසීරුම අවස්ථාවේ සිටියේ ඉන්දියාව පමණක් බවත් අවධාරණය කරමින් ඉංග්‍රීසි උපසිරැසිද සහිතව ඔහු සිය ට්විටර් ගිනුමේ පල කිරීමත් සමග එය බලපෑම් සහගත ලෙස ඉන්දියාව තුළ වයිරල් වුනේය.  මේ දැක්වෙන්නේ හර්ෂගේ ට්විට් ගිනුමේ එම ප්‍රකාශය තියුණු ලෙස උලුප්පා දක්වන ආකාරය ය.

 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

🇱🇰🇮🇳 Called out the Govt in @ParliamentLK for mocking India’s bold stand against Trump’s trade tariffs. #India, our true ally, stood by us in our toughest times. We should honor their fight, not laugh. India’s courage inspires Asia! #StandWithIndia #SriLanka #TrumpTariffs pic.twitter.com/HUmMf1lht2

— Harsha de Silva (@HarshadeSilvaMP) August 10, 2025

 

හර්ෂගේ හැසිරීම ආණ්ඩුව පාර්ශවයෙන් දැඩිව ප්‍රශ්න කරන විට ඔහු සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා පැහැදිලි කිරීමක් කිළේය. ඔහු පවසන්නේ තමන් පිළිතුරු දුන්නේ පාර්ලිමේන්තුවේ සැබෑ සිදුවීම්වල පැවති පොදු තත්ත්වයට බවය. ආණ්ඩුව අලුත්ම මර්ධනයක් ආරම්භ කර ඇති බවය.

ඔහු සිය පැහැදිලි කිරීමේ මෙසේ දක්වා සිටී.

හර්ෂගේ පැහැදිලි කිරීම

“පාර්ලිමේන්තුවේ එදා සිදුවූ සැබෑ සිදුවීම් වලට ප්‍රතිචාරයක් ලෙස මා ඉන්දියාවට හිනාවෙන්න එපායැයි ප්‍රකාශය ප්‍රසිද්ධියේ කළා. එය හැංගි හොරා කළ දෙයක් නෙවෙයි.  මොවුන් කියන පරිදි එම කතාව මා ඉංග්‍රීසි උප සිරැසි සමග මාගේ සමාජ මාධ්‍යයේ පළ කිරීම වරදක්. මා දේශපාලනයට පැමිණිදා සිට මාගේ දේශපාලන කතා ඉංග්‍රීසි, දෙමළ උපසිරැසි සහිතව නොයෙක් වර සමාජ මාධ්‍යයේ පළකර තිබෙනවා. මොවුන් කියන පරිදි මාගේ එම වීඩියෝව ඉන්දියාව තුළ වයිරල්වීම වරදක්. නමුත්, මොවුන් නොදන්නා කාරණය වන්නේ මාගේ ඇතැම් වීඩියෝ ලංකාවට බාහිරව වයිරල් වී තිබෙන බවයි. “

“පුද්ගලික නිදහස පිළිබඳව අවබෝධයක් නොමැති, භාෂණයේ නිදහස පිළිබඳව අවබෝධයක් නොමැති, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අවබෝධයක් නොමැති ලෝකය පොල්කටුවෙන් වැසිය හැකියැයි සිතන පිරිසකට මා ද්‍රෝහියෙකු වූ පළමු අවස්ථාව මෙය නොවන බව මතක් කරනවා.”

“මෙම මඩ ප්‍රහාරයේ වැදගත්ම කොටස වන්නේ මෙය වත්මන් ආණ්ඩුවේ අලුත්ම මර්දන අවිය වීමයි. ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන පිරිස අනාගතයේ දේශද්‍රෝහීන් වීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව අවධාරණය කරමි. මා පසුගිය කාලයේ විදුලි බල පනත මගින් විදුලි ක්ෂේත්‍රයට වත්මන් ආණ්ඩුව කරන විනාශය, පොලිකාබනේටඩ් කාඩ් මගින් රටට සිදුවීමට යන පාඩුව ඇතුළු රට ආපස්සට අදින බොහෝ කාරණා වලදී හඬ අවදිකර තිබේ. එය ආණ්ඩුවට හිසරදයක් වී තිබෙන බවත් ඒ නිසා අපව මර්දනය කළ යුතුයැයි ආණ්ඩුව තරයේ සිතා සිටින බවත් මේ අවලාද ප්‍රහාර වලින් ගම්‍යවන සත්‍යයයි. මේ නිසා, හර්ෂ ද සිල්වාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම ආණ්ඩුවේ නවතම ක්‍රියාන්විතය වී තිබෙන බව අපට දැන ගන්නට ලැබී ඇත. “

“මා ඉන්දියාවට හිනා වෙන්න එපායැයි කී විට එයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වෙනවා නම් එයින් ඉන්දියානුවන් ලංකාවට ඒම අඩුකරනවා නම් මේ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලින් ඇති ඵලය කිම?”

හර්ෂ කියන කතාව ඇත්තය. හර්ෂගේ කතාවෙන් ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වෙනවා නම් ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලින් පලක් නැත. ආණ්ඩු අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වාචාලයින්ගේ ගොං කතා අතර බිඳී යන්නේ නැත. එහෙත් රිදුම එය නොවේ.  ආණ්ඩුවත් විපක්ෂයත් රටේ ජනතාවත් ගරු කරන, රටේ අනාගත නායකයා විය හැකි බවට අනුමාන කර ඇති විද්වතෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙක් මෙවැනි කූටාලි වැඩ කර නිරුවත් වීමය.

හර්ෂගේ හැසිරීම මේ  අශික්ෂිත වූයේ ඇයි?

එය පසුගිය මාස කීපය තුළ හර්ෂගේ හැසිරීම තේරුම් ගෙන සාකච්ඡා කළ යුතු  දෙයකි. මෙම වසර මුලදී එක්සත් ජනපදය ශ්‍රී ලංකා අපනයන සඳහා දැඩි තීරුබදු ප්‍රකාශයට පත් කළේය. ඒ මොහොතේ සිට ආර්ථික විද්‍යාඥ මෙන්ම  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තුවෙන් පිටතත්, පාර්ලිමේන්තුව තුළත්  ආර්ථික අනතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ ප්‍රමුතම හඬ  බවට පත්විය.

ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට කරන ඇඟළුම් ප්‍රධාන අපනයනයන්හි වටිනාකම ඩොලර් බිලියන 03කි. වෙළෙඳ ශේෂ හිඟය සලකා   ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයනවලට සියයට 44ක තීරු බද්දක් පැනවූයේය. ඒ ප්‍රකාශය සිදුවන්නේ 2025 අප්‍රේල් මස 03 දා ය. එම අවස්ථාවේදී ප්‍රතිපත්ති සම්පාදකයෝ    ආර්ථිකයට ඇතිවන බරපතල අවදානම් ස්වරූපය අවධාරණය කළහ. රජය ඒ වෙනුවෙන් රජයේ වැඩ පිළිවෙළ සැලසුම් කළේය.

ඒ අතර හර්ෂ කළේ රජයේ ක්‍රියාවලිය දිගින් දිගටම විවේචනය කිරීමය.  පාර්ලිමේන්තුවේ සිටගෙන ආචාර්ය ද සිල්වා රජයට තියුණු ප්‍රහාරයක් එල්ල කරමින්, එක්සත් ජනපදය සමඟ කළ බව කියන සාකච්චාවල ප්‍රතිඵල රහිත ස්වරූපයත් ගර්හිත රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාත් පිළිබඳව තිගස්වන සුළු ප්‍රකාශ කළේය. විටෙක හර්ෂ පාර්ලිමේන්තුවේ දී කීවේ මෙවැන්නකි.

“ජූලි 9 වන දින අවසන් දිනයට පෙර ගිවිසුමක් සාකච්ඡා කරන ආසියාවේ එකම රට අපයි, නමුත් වියට්නාමය දැනටමත් 20% ක් ලබාගෙන තියනවා.  ඉන්දියාව සමහර HS කේත සඳහා සිය තීරු බදු ශුන්‍යයට තල්ලු කරමින් සිටිනවා,”  හර්ෂ අනතුරු ඇඟවීය. ඔහු පුන පුනා කීවේ ලංකාව එහි තරඟකරුවන්ට වඩා පසුගාමී බවය. ඔහු    හදිසි, විනිවිද පෙනෙන ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටීමින් පාර්ලිමේන්තුව දෙවනත් කළේය. එළියට බැස යූ ටියුබ් චැනල ඔස්සේ රටට ටක්කයටම කෙළවෙන හැටි එකින් එක කරුණු ගෙනහැර දක්වමින් කෙළවෙන දිනය සහ වේලාවත් කීවේය.

සතියකට පසු, 44% සිට 30% දක්වා තීරුබදු අඩු කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය කළේය. හර්ෂ   ප්‍රසිද්ධියේ  පිළිගත් නමුත් ප්‍රවේශම් සහිතව යළි විවේචනයකට පිළිපන්නේය. ඔහු කීවේ රට ෆේල් බවය.  සියයට 44ක බද්දත් සියයට 30ක බද්දත් අතර වෙනසක් නැති බවත් රටට කෙළවෙන එක සිදුවනු ඇති බවත් ඔහුගේ පුරෝකථනය විය.

“අප සමග තරගකාරී ලෙස වෙළෙඳපලේ සිටින අපනයනකරුවන් සමග තරඟකාරීව වෙළෙඳපල අපේ කොටස අත් කරගැනීමට අපට අපහසුයි,” ඔහු තර්ක කළේ ඇඟලුම් රැකියා 350,000 ක් සහ අපනයන වලින් ඩොලර් බිලියන 2 ක් අහිමි වීමේ  අවදානමක් ගැනය.     වියට්නාමය (20%) සහ ඉන්දියාව (26% සහ සාකච්ඡා කිරීම) ඉදිරියෙන් සිටින බව නැවත හර්ෂ අවධාරණය කළේය. ඔහු ප්‍රවේශමෙන් භාෂාව භාවිතා කරමින් රජයේ නොහැකියාව හමුවේ අන්තර්ජාතික වෙළෙඳ සබඳතා බිඳ වැටෙන ආකාරය යළි යළිත් කීවේය.

එහෙත් තීරු බදු ප්‍රතිශතය සියයට 20 තෙක් අඩුවූ විට ඔහු රජයට සුබ පතමින් මේ අඩු කරගැනීමේ ක්‍රියාවලියේ දී විපක්ෂය තිරය පසුපස සිට කළ මහා කාර්ය භාර්යයක් ගැන ප්‍රකාශ කළේය. බරපතල ප්‍රශ්නය ඇති කරන්නේ හර්ෂගේ මේ පරිණාමයේ අවසන් අදියර නිමා කළ ආකාරය ය.

හර්ෂ නැටුම අවසන් කළ ආකාරය

මේ වනවිට හර්ෂ අපේක්ෂා කළ ආකරයට රටට කෙළවීත් නැත. ඒ හා සමානව ඉන්දියාව ගොඩ ගියේත් නැත. ලෝකයේ නැගී එන ප්‍රබලම ආර්ථිකයේ හිමිකරු ලෙස ඉන්දියාව මේ වනවිට ඇමරිකාව සමග පැටලී ඉන්නේ වෙනත් දේශපාලන ගැටුමකය. හර්ෂගේ කුජීත ස්වරූපය හෙළිදරවු වන්නේ මේ සංවේදී ඉසව්වට රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් ඇතිවන ආකාරයෙන් සිදුකරන අනපේක්ෂිත සහ අතාර්කික මැදිහත්වීමය.

ඉන්දියාව අපහසුතාවයට ලක් කරන කිසිම සංවාදයක් ඇති වී නැති වටපිටාවක, කිසිසේත් අදාල නැති කාරණයක් මතු කරගෙන  පාර්ලිමේන්තුව අමතමින් හර්ෂ   “ඉන්දියාවට සමච්චල් නොකරන්නැ” යි ආණ්ඩුවට කියන්නේය.   ශ්‍රී ලංකාවේ අඳුරුතම ආර්ථික පැය වලදී  නවදිල්ලිය   ශ්‍රී ලංකාවට ආධාර කළ ආකාරය   මතක් කර දෙන්නේය.

“ඉන්දියාවට සිනාසෙන්න එපා. ඔවුන් අධෛර්යයට පත් වූ විට ඔවුන්ට සමච්චල්  කරන්න එපා… ඉන්දියාවේ ධෛර්යය ආසියාවට ආශ්වාදයක් ලබා දෙනවා,”  ඔහු කියන්නේය. ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග්‍රීසි උප සිරැසි සහිතව පළ කළ මේ ප්‍රකාශයෙන් ඉන්දියාව සමග ගොඩනැගෙන සම්බන්ධතා පළුදු වේ නම් රටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මොනවාදැයි ප්‍රශ්න කරන්නේය.

පාරේ යන බේබද්දෙකුට දෙව් මැදුරකට ගලක් ගසා ජනේලයක් කුඩු කළ හැකිය. එය එක් සිදුවීමකි. එහෙත් ඒ ජනේලයට ගල් ගසා කුඩු කරන්නේ භික්ෂුවක් නම් එය හුදු සිදුවීමක් වෙන්නේ නැත. ඊට වෙනත් බොහෝ අර්ථ ඇත. දැන් හර්ෂ ගල ගසා තිබේ. ඇමරිකානු බදු පැනවීම හරහා ගොඩ නැගුන සංවාදය තුළ ක්‍රමානුකූලවත් විටෙක අනපේක්ෂිත ලෙසත් අවලංගුවුන හර්ෂගේ මතවාදය අවසානයේ දී හර්ෂගේ කුණුවුන අධ්‍යාත්මයත් විවර කරගෙන  අවසන් වනු ඇතැයි මේ ලියන අපවත් බලාපොරොත්තු නොවුන බව ලියා තැබිය යුතුය.

දැන් අපට  පෙනෙන්නේ ඔහු මෙතෙක්  ප්‍රකට කර තිබුණේ   ප්‍රායෝගික අනාගත රාජ්‍ය නායකයෙකු නව යථාර්ථයන්ට අනුවර්තනය වීමේ දියුණු ලකුණක් නොවන බවය. එය දේශපාලනඥයෙකු වාසිය සඳහා තමාව නැවත ස්ථානගත කිරීමේ බංකොලොත් දේශපාලන  හැසිරීමක විකට ස්වරූපයක්  දක්වා ඔහු විසින්ම ලඝු කර ඇති බවය. අවසාන වශයෙන් සඳහන් කරන්නට දෙයක් තිබේ. හර්ෂ සම්බන්ධව වුන හෙළිදරව්ව අපට කිසිසේත් ආශ්වාදයක් නොවේ. එය අනාගතය පිළිබඳ වූ බිහිසුණු බලාපොරොත්තු බිඳවැටීමක් බව යළිත් ලියා තැබිය යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බීමතින් රිය අනතුරක් කළ සගයා අත් අඩංගුවට ගත්තැයි කිපී සජබ තරුණ කටයුතු ලේකම් කෙනෙක් පොලිසිය තුළ දී පාදුක්ක පොලිසියේ ට්‍රැෆික් OICට පහරදීලා… OIC රෝහලේ…

Next Post

නාවික හමුදාවට විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක සමාගම් වෙත සේවා සැපයීමට ඉඩ සලසන අති විශේෂ ගැසට් නිවේදනයක්!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.