ජනාධිපතිවරයා ලබන බදාදා වනවිට ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඊයේ පක්ෂ නායක රැස්වීම්දී ගන්නා ලද තීරණවලට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය හරහා සංක්‍රාන්තික ජනාධිපතිවරයකු පත් කර ගන්නා ලෙසත් එම ක්‍රියාමාර්ගය වෙනුවෙන් කල් ගත නොකරන ලෙසත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. එම සංගමයේ සභාපති ජනාධිපති සාලිය පීරිස් මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය අනුව ජනාධිතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන් කථානායකවරයා තාවකාලික ජනාධිපතිවරයා ලෙස පත් වන අතර ඔහුගේ මැදිහත්වීම මත හැකි ඉක්මනින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කර ගැනීට අවශ්‍ය සෙසු කටයුතු සිදු කිරීම දැඩි සේ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයක් බවය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම පත් කිරීමෙන් පසුව සියු පාර්ශ්වවලට පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයකුද කඩිනමින් පත් කර ගත යුතු බව පෙන්වා දුන්නේය.
එම මාධ්‍ය හමුව අමතා අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස්
“ජනාධිපතිවරයකු ඉල්ලා අස්වෙනවා නම් තමන්ගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතනයකවරයාට භාර දිය යුතු වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපති ධුරය පුරප්පාඩු වුණාම අගමැතිවරයා වැඩ බලන ජනාධිපති වෙනවා. . අගමැතිවරයාට බැරිනම් කථනායකවරයා ජනාධිපති ධුරයට තාවකාලිකව මාසයක කාලයක් සඳහා ව්‍යවස්ථානුකූලව පත් වෙනවා. එහෙම වුණාට පස්සේ පාර්ලිමේතුවට බලය තිබෙනවා, සුදුසුකම් තිබෙන මන්ත්‍රිවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව තුළ පවත්ඡවන මන්ත්‍රීවරුන්ගේ සියයට 50කට වැඩි ඡන්දයකින් පත් කර ගන්න. අපේ පාර්ලිමේන්තුව තුළ ඒ අනුව මන්ත්‍රිවරුන් 113ක ගේ කැමැත්ත ලබා ගන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තුවට මාසයක කාලයක් තිබෙනවා. නමුත් අප අවධාරණය කරන්නේ මේ කාර්යය වැඩි කල් නොයවා හැකි ඉක්මනින් කරන්න කියල. අද රටේ පවතින ආර්ථික අර්බුදය සහ සෙසු ගැටලු සැලකීමේදී අපට හැකි ඉක්මනින් රට ස්ථාවරත්වට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් මේ නිසා ඊට කාලය වැය කිරීම අසීරුයි. මේ තත්ත්වය පක්ෂ නායකයන් වගේම මේ රටේ දේශපාලන නායකයන් අවබෝධ කර ගත යුතුයි.
ඉතිසාහායය තුළ අපේ රටේ ජනාධිපති ධුරය පුරප්පාඩු වුනේ 1993 මැයි 01 ප්‍රේමදාස ජනධිපතිතුමා මිය යාමෙන් පසුවයි. ඒ වෙලාවේ හිටපු අගමැති විජේතුංග මැතිතුමා ජනපති වුණා. ඔහු සතියක් ඇතුළත එනම් මැයි 07 පාර්ලිමේන්තුව මඟින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඔහු තෝරා ගත්තා. . මේ අවස්ථාවේ සියලු පාර්ශ්වයන්ගෙන් අප ඉල්ලන්නේ මේ සංක්‍රාන්තිය ඉක්මනට කරන්න කියල. .රටේ අවිනිශ්චිත භාවයක් තිබෙන්න බෑ. යනුවෙන්ද පැවසීය.