අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මුව ආවරණ පාවිච්චියේදී දැන ගත යුතුම කරුණු 7ක්…

කායික රෝග විශේෂඥ  වෛද්‍ය වරුණ ගුණතිලක පැහැදිළි කරයි

by Lanka Sara Editor
ජූනි 4, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

මුව ආවරණ (Face Masks) මේ දිනවල වෙළෙඳපොළේ, කඩ පොළේ පවා උණුසුම් වෙළෙඳ භාණ්ඩයකි. එය අද ආරක්ෂාව වගේම විලාසිතාවක් වන තරමට ප්‍රචලිත ය. නව කොරෝනා වෛරසය නිසා යන යන තැන තැන මුහුණු ආවරණ පැළඳගෙන යන්නට සිදු වුවද මෙය භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු සබුද්ධික පිළිවෙත පිළිබඳව ලොක්යේම අවධානය යොමු වන්නට මුල් වූ සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවිය. චීනයේ මෙම මුහුණු ආවරණ පැළඳ ධාවනයේ යෙදුණු කුඩා දරුවන් පිරිසකට ශ්වසන ආබාධවලට ගොදුරු වීම, මුහුණු ආවරණ පැළඳ ධාවනයේ යෙදුණු පුද්ගලයකු ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිකමින් මිය යාම එන් 95 (N95) වර්ගයේ මුහුණු ආවරණයක් පැළදි පුද්ගලයකු අතර මඟ දී සිහි විසඥ වීම වැනි සිදුවීම් කිහිපයක් නිසා මුහුණු ආවරණය නිසා ලෝකය පුරා සිදුවිය. එහෙම බැලුවාම මුහුණු ආවරණය සෙල්ලමක් හෝ විලාසිතාවක් නොවේ. වගකීමෙන් යුතුව හැසිරිය යුතු උපකරණයකි.

මේ පිළිබඳව ලංකාසර කරුණු විමසන්නේ කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජික කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගෙනි. වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසන්නේ අපට තවත් කාලයක් ඉදිරියට මෙම මුහුණු ආවරණ සමඟ ජීවත් වන්නට සිදුවනු ඇති බවය. විශේෂයෙන් ඉදිරියේදී දරුවන් පාසල් යන විට , සෙසු කාර්යාල ව්‍යාපාර ඇතුළු ජන ජීවිතය සාමන්‍ය අතට යන විට කොරෝනා වෛරස අනතුරින් හැකිතාක් බේරීම සඳහා අවශ්‍ය වෙයි. මේ මුහුණු ආවරණය පිළිබඳව අවබෝධ කර ගත යුතු වැදගත් කරුණු 7ක් මේ සමඟ ගොනු කොට ඇත.

  1. රෙදි මාස්ක් එකක් පළඳින්න

බොහෝ රටවල් මේ වනවිට නිර්දේශ කරන්නේ රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කරන ලෙසය. සැබැවින්ම මෙවැනි මුහුණු ආවරණයක් අපට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මූලික වශයෙන් ප්‍රමාණවත්ය. විශේෂිත මුඛ ආවරණ අවශ්‍ය වන්නේ සෞඛ්‍ය අංශයේ සේවකයන්ටය. එසේ නැතිනම් කොරෝනා රෝග ආසාදිතයන් සමඟ සෘජුව ගැටෙන පුද්ගලයන්ටය. අනෙක මහා පරිමාණ භාවිතයේදී වරක් භාවිතයෙන් ඉවත ලන මුඛ ආවරණ පැළඳීම එක් අතකින් විශාල පාරිසරික හානියකි එවැනි අවදානමක් නොමැති අවස්ථාවලදී රෙදිවලින් මැසූ මුඛ ආවරණයක් පැළඳීම හොඳින්ම ප්‍රමාණවත්ය.එය වරක් ළුාතියෙන් පසුව හොඳින් සෝදා වියළා යළි භාවිත කිරීම වැදගත්ය.

  1. විශේෂිත මුහුණු ආවරණ ඕන වෙන්නේ කාටද ?

අද සමහරු ඔසුසල්වලට ගොස් N95 මුව ආවරණ ඉල්ලති. සමහරු ශල්‍යාගාරවල භාවිත වන ශල්‍ය මුවආවරණ (Surgical Masks)  ඉල්ලති. එහෙත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කියන්නේ ඒවා අනවශ්‍ය පරිදි භාවිතයෙන් ඵලක් නොමැති බවය. එවායින් වෙනත් අනතුරු සහ බලපෑම්ද එල්ල විය හැකි බවය.මෙම මුව ආවරණ නිෂ්පාදන හුදෙක් මෙරට සෞඛ්‍ය අංශවලට සහ විශේෂිත අවදානමක් සහිත පුද්ගලයන් සඳහා පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බවය. විශේෂයෙන් 95 වර්ගයේ මුව ආවරණයක් අවශ්‍ය වන්නේ ආසාදිත රෝගියකුගේ ප්‍රාශ්වාස වාතය සහිත වායු අංශු සමඟ සෘජුව ගැටෙන පුද්ගලයන් සඳහා පමණකි. ඒ වගේම කර්මාන්තවලදී භාවිත වන විශේෂිත මුහුණු ආවරණ වෛරස රෝගවලින් බේරීම සඳහා වැඩක් නැත. ඒවා අවශ්‍ය වන්නේ බොහෝ විට කාර්මික කටයුතුවලදීය. අධික ලෙස වායුගෝලයේ දුහුවිලි, සිමෙන්ති, ඇස්බැස්ටස් වැනි අංශු ශ්වසනයට ලක් වීමේ ඉඩ එයින් අඩු වුණද වෛරස පාලනයට එයින් ලොකු බලපෑමක් සිදුවන්නේ නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

3.තමන්ගේ පෞද්ගලික වාහනයක යද්දී මුව ආවරණයක් ඕනෑද?

සැබැවින්ම තමන්ගේ වාහනයක යද්දී මුඛ ආවරණයක් පැළඳගෙන යාමේ අවශ්‍යතාවක් නැත. එයට හේතුව එවැනි තැනක රෝගය පැතිරීමේ අවදානමක් නැති නිසාය. පිටස්තර පුද්ගලයකු වාහනයේ ගමන් නොකරන්නේ නම් එවැනි අවශ්‍යතාවක් කිසිසේත් එන්නේ නැත. එයින් අප මුලින් කී පරිදි අනවශ්‍ය ලෙස මුව ආවරණ දිගු වේලාවක් භාවිතයෙන්  වෙනත් අහයපත් බලපෑම් පවා ඇති විය හැකිය.

4. ඇවිදීම දිවීම වැනි ශාරීරික ව්‍යායාමවලට යද්දී මුව ආවරණ එපා

සමාජ දුරස්ථභාවය තබාගෙන ව්‍යායාම කරන්නේ නම් කිසිසේත් මුව ආවරණ භාවිතය අවශ්‍ය නැත. අනෙක සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවක් ඇත්නම් වෛද්‍ය උපදේශය වන්නේ ඒ තරම් තද නොවන ලිහිල් මුව ආවරණයක් පැළඳිය යුතු බවය. ඒ මන්ද යත් ඇතැම් විට ශ්වසන ක්‍රියාකාරීත්වය වැඩි වෙද්දී මුව ආවරණය සහිත වීම අර්බුදයක් විය හැකි වීමය.

5. ඇදුම තීව්ර ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ද හැකිතාක් මුව ආවරණ භාවිතයෙන් ඈත් විය යුතුයි

ඇදුම සහ දීර්ඝ කාලීන ව ප්‍රතිකාර ලබන ශ්වසන මාර්ගයේ ආබාධ සහිත පුද්ගලයන්ට ද එක දිගට දිගු කාලයක් මුව ආවරණ පැළඳ සිටීම අවදානම් සහිතය. එවැනි පුද්ගලයන්ද මෙම කාලය තුළ ලැබෙන සෑම අවස්ථාවකම වෛරසය පැතිරීම වැඩි අවදානම් සහගත සමාජයන් වෙත නිරාවරණය වීම හැකිතාක් අඩු කළ යුතුය. අවශ්‍යම ගමනක් යෙදේ නම් පමණක් මුව ආවරණයක් පැළඳීම සුදුසුය.

  1. මුව ආවරණ මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න

මේ වනවිට මුව ආවරණ සෑම තැනකම අලෙවි වනු දැකිය හැකිය.  විශේෂයෙන් රෙදිවලින් තනන ලද මුව ආවරණ අලෙවි කිරීමේදී ඇතැමුන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නැතිව ඉවත් බවකින් තොරව අලෙවි කරනු දැකිය හැකිය. ඒවා මිලදී ගැනීමේදී ඒවා නිපදවා ඇති රෙදි සහ පිරිසිදුබව පිළිබඳව විමසිලිමත් නවීම නවැදගත්ය.අනෙක ඒවා මිලදී ගත් පමණින් නොපළඳා නිවසට ගෙන ගොස් හොඳින් සබන් යොදා සොචදා වියලීමෙන් පසුව භාවිතය වැදගත්ය.

  1. මුව ආවරණ පසුපස ඇති සෞඛ්‍ය අනතුරු ගැන දැනුවත් වෙන්න

මුව ආවරණ වැඩි වේලාවක් භාවිත කිරීම නිසා රුධිරයේ ඔක්සිජන් සැපයුම අඩු වීම සිදුවෙයි. ඒ වගේම මොළයේ ඔක්සිජන් සැපයුම ද අඩුවෙයි. මේ තත්ත්වය නිසා ශරීර  ක්‍රියාකාරීත්වය දුර්වල වන අතර ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොලැබීම නිසා මරණය පවා සිදුවිය හැකිය.

එසේම දිගු වේලාවක් මුව ආවරණ පැළඳීමෙන් සිදුවන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ අප ප්‍රාශ්වාසයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් යළිත් ආශ්වාස වීමයි. එයින් රුධිරයේ අසාමාන්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යන අතර මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හයිපර්කැප්නියා (Hypercapnia)  ලෙසින් හැදින්වෙයි. මේ නිසා ශරීරයේ රෝග ලක්ෂණ ගණනාවක් පහළ විය හැකිය. ඇස්වලින් බොඳ වී පෙනීම, ඇසීමේ දී ඇති වන දුර්වලතා, මස් පිඩු වෙව්ලීම, අධික ලෙස ඩහදිය දැමීම හුස්ම ගැනීමේ අපහසුතා නිද්‍රාශීලී ස්වභාවය, හිස බර ගතිය ආදී ලක්ෂණද ඊට ඇතුළත්ය. දිගු වේලාවක් මුව ආවරණ පැළඳීම මෙම තත්ත්වයටද මුල පිරීමක් වන අතර අප මුව ආවරණ පැළඳීම හුදෙක් රැල්ලට නොගොස් කල්පනාකාරීව බුද්ධිමත්ව සිදු කිරීම ගැන කල්පනා කළ යුතුය.

Tags: නවතම
Share87Tweet43
Previous Post

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ට ලක්ෂ 6 බැගින් ගෙවීම සදුදා සිට ඇරඹේ…

Next Post

කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.