අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ට ලක්ෂ 6 බැගින් ගෙවීම සදුදා සිට ඇරඹේ…

by Lanka Sara Editor
ජූනි 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කඩාවැටීමකට ලක්ව තිබෙන ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන් සඳහා රුපියල් ලක්ෂ 6 බැගින් ලබන සදුදා සිට ගෙවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මේ බව මහ බැංකුව අධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන අතර ඒ පිළිබඳව ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය ගෙන ඇත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකින් අනතුරුව මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතනවල වත්මන් තත්වය හා ඒ පිළිබඳව ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කෙබඳු ද යන්න පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර එම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ, මහ බැංකු අධිපති ලක්ෂ්මන් සේනානායක, මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් මුදල් අමාත්‍යංශ ලේකම්, නීතිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී මහ බැංකුව යටතේ ඇති මූල්‍ය ආයතන පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් මහ බැංකු අධිපති අධිපතිවරයා ප්‍රමුඛ නිළධාරින් සිදුකරනු ලැබීය. එමෙන්ම ද ෆිනෑන්ස් සහ ඊටීඅයි මූල්‍ය ආයතනවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ආයතනවල මුදල් තැන්පත් කළ විශාල පිරිසක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බැවින් ඔවුන් වෙනුවෙන් ගත හැකි පියවර කුමක්දැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ ඊටීඅයි ආයතනය සම්බන්ධව ගනුදෙනුකරුවන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බැවින් ඒ සම්බන්ධව මහබැංකුවට මැදිහත් විය නොහැකි නමුත් ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ලබාදීමට හැකියාව තිබෙන බවයි.

මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ නිළධාරින් සිදු කළ එම කරුණු පැහැදිලි කිරීම අග්‍රමාත්‍යවරයාට යම් කේනීති යෑමක් සිදුවිය. එහිදී ඔහු තරයේම ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන කඩා වැටීමකට ලක් වෙනවා නම් ඒ සම්බන්ධව පූර්ණ වගකීම මහ බැංකුව බාරගත යුතු බවයි. සමාගම ඈවර කරන තෙක් තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් ලබා දීමෙන් මුළු තැන්පත්කරුවන් ගෙන් 93%කගේ ප්‍රශ්නය විසඳෙන අතර තවත් 7%ක් මහා පරිමාණ තැන්පත්කරුවන් ඉතිරි වන බැවින් ඔවුන් සම්බන්ධව ඉදිරියේදී පියවර ගත යුතු බවත් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ නියෝජිතයින් පෙන්වාදී ඇත.

මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේදී පවතින රක්ෂණ සේවා ක්‍රමවේද යටතේ මහ බැංකුව තැන්පතුකරුවකුට ගෙවීමට බැඳී සිටියත්, ගෙවීමට බැඳී සිටින්නේ රුපියල් ලක්ෂ හයක් පමණක් බව මහ බැංකු අධිපති අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

බොහෝ දෙනෙක් මෙහි සැබෑ තත්ත්වය නොබලා මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන බව මෙහිදී අනාවරණය වූ අතර එවැනි අය සම්බන්ධයෙන් මහ බැංකුව පියවරක් ගැනීම නීත්‍යනුකූලව කළ නොහැකි බවද හෙළිවිය.

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් මෙන්ම සමුපකාර ණය දෙන සමිති මගින් රට පුරා ජනතාවගේ මුදල් ලබාගෙන එම ජනතාව අතරමං කර තිබෙන බැවින් ඔවුන් සම්බන්ධව ගතයුතු පියවර පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මේ අනුව සමුපකාර ව්‍යාපාරය තුළ තැන්පත් කළ තැන්පත්කරුවන්ට ඉදිරියේ කිසියම් සහනයක් ලබාදීමටද ද කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කළේය.

Tags: නවතම
Share74Tweet43
Previous Post

කඩාවැටුණු සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට 4% පොලියට ණය පහසුකම්…

Next Post

මුව ආවරණ පාවිච්චියේදී දැන ගත යුතුම කරුණු 7ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.