බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ඔක්සිජන් ඇතත් දෙන්න පහසුකම් හදලා නෑ… නුවර රෝගීන් 35ක් මරණය සමග පොරයක..

බලධාරීන්ට මේ තත්වය ලිඛිතව දැන්නුවෙ මාස 06කට කලින්... සෞඛ්‍ය අංශ කියයි...

by editor
මැයි 16, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
  • කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරු 10ක් කටුගස්තොට රෝහලේ….

ඔක්සිජන් ඇතත් රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ පහසුකම් නොමැති වීම නිසා නුවර දිස්ත්‍රික්කයේ මහනුවර හා තෙල්දෙණිය  කොවිඩ් රෝහල්    බරපතල අර්බුදයකට පත්වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ වනවිට ප්‍රධානම කොවිඩ් ප්‍රතිකාර රෝහල්වන මහනුවර හා තෙල් දෙණියේ පමණක් ඔක්සිජන් සැපයුම අත්‍යවශ්‍ය නමුත් එසේ ලබාදීමට පහසුකම් නැති නිසා මරණය සමග පොරබදන රෝගීන් 35ක් පමණ සිටින බව එම ආරංචි මාර්ග කියයි.

තෙල්දෙණිය හා මහනුවර රෝහල් දෙකෙහි කොවිඩ් දැඩිසත්කාර ඒකක පිරී ගොස් ඇතැයි ද තෙල්දෙණියේ අලුතින් ආරම්භ කළ දැඩි සත්කාර ඒකක ඇඳන් 04 සහ නුවර රෝහලේ කොවිඩ් දැඩිසත්කාර ඒකක ඇඳන් 06 බරපතල රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට මහනුවර රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා රෝගීන් 20 දෙනාට අමතරව කායික වෛද්‍ය වාට්ටුවල කොවිඩ් රෝගීන් 50 දෙනෙක් හමු වී තිබේ.  මේ පිරිස අතර බරපතල ඔක්සිජන් අවශ්‍යතා සහිත රෝගීන් 15ක් සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කොවිඩ් වැළඳී අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් රැගෙන යන තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120න් තුනෙන් එකකටම ඔක්සිජන් අවශ්‍යතාවය පැන නැගී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

ඉන් බරපතලම තත්වයේ රෝගීන් 20ක් සිටින බවත් ඔක්සිජන් ඇති නමුත් එම ඔක්සිජන් ලබා දීමට පහසුකම් සලසා නැති වීම නිසා රෝගීන් 03ක් ඊයේ තෙල්දෙණිය රෝහලේ දී  මිය බවත් එම ආරංචි පෙන්වා දෙයි. මිය ගිය අයගේ  සිරුරු කොවිඩ් නිරෝධායන ක්‍රමවේද යටතේ ආදාහනය කිරීමට නියමිතය.

පේරාදෙණය රෝහලේ දැනට කොවිඩ් ආසාදිත රෝගීන් 88ක් සිටින බවත්  රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් හයම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට වෙන් වී ඇති බවත් ඔවුන් තහවුරු කරයි. පේරාදෙණිය රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය බවට පත්කරන ලද්සේ සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කළ දැඩි සත්කාර ඒකකයය.

මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව පුරෝකථනය කරමින් කොවිඩ් රෝහල් සඳහා ඔක්සිජන් සැපයීමේ පහසුකම් සහිත ඒකක  සපයා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට ලිඛිතව කරුණු දැක්වූයේ මීට මාස 06කට කලින් බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වනවිට වාට්ටු අංක 17, 18, 12 ඇතුළත් පේරාදෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ඔක්සිජන් සැපයුම් ලබා දීමේ පහසුකම් වැඩි දියුණු කරගනිමින්  ප්‍රතිකාර කිරීම අරඹා තිබේ

ඊයේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 337ක් වාර්තා විය. ඉන් 37ක් මහනුවර නගර සීමාව තුළය. මේ වනවිට තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120ක්, මහනුවර රෝහලේරෝගීන් 70ක්,   කටුගස්තොට  රෝහලේ ගැබිණි මවුවරුන් 10ක් ඇතුළුව රෝගීන් 30ක්,  පේරාදෙණිය රෝහලේ රෝගීන් 88ක්, කඩුගන්නාව රෝහලේ 06ක්,   වත්තේගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 35ක්,  අකුරණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 40ක්  නාවලපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 10ක්, කොවිඩ් ආසාදිත බව තහවුරු වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන රොගීන් රඳවා ඇති ගම්පොල අතරමැදි  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්  150ක්,  පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 300ක්,   පල්ලෙකලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 140ක්.   පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 350ක්, ගිරාගම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 26ක් ප්‍රතිකාර ගනිමින් සිටී. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුල්ලිවයිකාල්වල යුද්ධයෙන් මිය ගිය අය සමරන්න එන සියල්ලන්ම අත්අඩංගුවට…

Next Post

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර දෑස් අන්ධ කරවන දරුණු දිලීරයක් පැතිරෙයි!

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.