සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

AI සජිත් … පව් ඕයි ජගත්…

by editor
අප්‍රේල් 3, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු  හෙළි කරන සිය පොත එළිදැකීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ බව උදය ගම්මන්පිල පවසයි.  එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන්නේ එම උත්සවයට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නම් සහභාගී විය නොහැකි බවය.

“ විපක්ෂ නායකවරයා  රෙද්දක් ඇඳන්  ගම්මන්පිලගේ පොතට  යන්නේ කොහොමද ?.” මාධ්‍ය ඊයේ නලින් බණ්ඩාරගෙන් ඇසුවේය.

“ ඒක තමයි. මම නම් හිතන්නේ නෑ. එතුමා එතෙන්ට ගියා කියලා. මොකද එතුමට එතෙන්ට යන්න බෑ නේ. ඒ  පෙන්නුවේ ඒ.අයි වලින් දාපු එකක් වෙන්න පුලුවන්.”  නලීන් බණ්ඩාර කීවේය.

රටම සජිත් එතන ඉන්නවා දැක්කේය. ගෝඨාභය, මහින්ද, සිරිසේන සමග එකට එක පෙළට හිඳගෙන සිටිනවා දැක්කේය. කතා කරනවා දැක්කේය.  ගම්මන්පිල සමග පිලිසඳරක යෙදෙනු  මහින්ද සමග කතා කරනු දැක්කේය.  මෙතන දී නලීන් බණ්ඩාර මතු කළේ වෙනත් මානයකි.

එක පෙළට…

පාස්කු ප්‍රහාරය සම්බන්ධව උදය ගම්මන්පිල ඉදිරිපත් කළ මතයට හාත්පසින්ම වෙනස් මතයක් දැරූ සජිත් ප්‍රේමදාස පාස්කු මහ මොළකරු පිළිබඳ පොත එළි දැක්වීමට  එක්වීම පිළිබඳ සමගි ජන බලවේගය තුළින් මතුවන විරෝධයේ ප්‍රමාණය නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

නලීන් බණ්ඩාර පෙන්වා දුන්නේ මාධ්‍ය කී ලෙසම රෙද්දක් ඇඳගෙන නම්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඒ අවස්ථාවට සහභාගී වීමට පුලුවන්කමක් නැති බවය.  සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවට සහභාගී වූවා සේ   යමෙක් දුටුවානම් ඒ ඒ.අයි  වලින් නිර්මාණය කළ දර්ශන විය හැකි බවත්ය. අප විශ්වාස කරන්නේ  පක්ෂය තුළින් එළිපිටම සජිත් මේ තරම් බරපතල උත්ප්‍රාසාත්මක විවේචනයකට මින් පෙර ලක් වී නැති බවය.

කෙසේ වෙතත්  අද උදය ගම්මන්පිල නලීන් බණ්ඩාරට උත්තර දුන්නේය.

“ මා මිත්‍ර නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමාට සැකයක් තියනවා නම් එතනට සජිත් ප්‍රේමදාස මැති තුමා ගියා ද නැද්ද කියලා සජිත් ප්‍රේමදාස මැති තුමා තනියෙන් නෙමෙයි ආවේ. එතුමාගේ සමීප උපදේශකයෙක්වන ලක්ෂ්මන් ෆොන්සේකා මැතුතුමාත් පැමිණියා. ආරක්ෂකයො මුල ඉඳන්ම ඇවිත් හිටියා. ආරක්ෂකයො ආවේ එතුමා පැමිණෙන්න පැයකට විතර කලින්.

“එතකොට කාටහරි සැකයක් තියනවා නම් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්ලගෙන්, ආරකෂකයන්ගෙන්,  උපදේශකයන්ගෙන් එතුමා ඇත්තටම ගියා ද කියලා අහන්න පුලුවන්.”

“සැක කරන එක සාධාරණයි. ඇයි… අද මොකක් හරි තමන් අසීරුතාවයකට පත්වන වීඩියෝවක් ආපු ගමන් කියන්නේ  ඒ මම නෙමෙයි… ඒ.අයි වැඩක්…  එහෙව් එකේ මේකටත් එහෙම සැකයක් තියනවා නම් කමක් නෑ. විපක්ෂ නායක තුමාගෙන්ම සැක දුරු කරගන්න පුලුවන්. එතුමාගේ උපදේශකවරු  ලේකම්වරු ආරක්ෂකයින්ගෙන් සැක දුරුකරගන්න පුලුවන්. “ ගම්මන්පිල   පැහැදිලි කිරීම කරන්නේ නලීන් බණ්ඩාරගේ විවේචනය නොදැනුන ලෙසය.  හැබැයි ගම්මන්පිල පැහැදිලි කරන්නේ නලීන් ගේ කතාවේ ගැඹුරු  උත්ප්‍රාසය තේරුම් ගෙන එය තවත් ට්‍රෝල් කිරීමේ අදහසින් බව පෙනෙන්නේය.

ලස්සනම කෑල්ල එය නොවේ. මේ කිසිම දේක හසරක් නොදැක සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන කියන කතාවය.  නලීන් බණ්ඩාරගේ උත්ප්‍රාසය හෝ  මතුවන සංවාදය ගොං පාට් එකක් කිරීම සඳහා ගම්මන්පිල කරන ප්‍රකාශය ගැන මෙලෝ හසරක් නැතිව ජගත් විතාන දෙන ආතල් එක ඇත්තටම පට්ටය.

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  ජගත් විතාන  ගෙන් කළුතර දී මාධ්‍ය  මෙසේ ඇසුවේය. .

මාධ්‍ය –  ඇයි  විපක්ෂ නායකවරයා ගම්මන්පිල මහත්තයගේ පොත එළිදක්වන එකට ගියේ. එය දැන්  රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වෙලා නේද?

ජගත් විතාන –   “ නෑ… විපක්ෂ නායකවරයා විතරයි එතෙන්ට සහභාගී නොවුනේ. “

මාධ්‍ය – මේ මොනවද කියන්නේ. අපි දකිනවනේ එතුමා එතන ඉන්නවා.

ජගත් විතාන – ඒ ඉතින් ඒ.අයි නිර්මාණ. ඕවා ඉතින් මේ දවස්වල හරිම සුලභයිනේ. ඒ නිසා විපක්ෂ නායකවරයා එතෙන්ට සහභාගී වුනේ නෑ. ඒක මම දැක්කා. ඒක වගකීමෙන් කියනවා.

මාධ්‍ය – මේක ඒ අයි නිර්මාණයක් කියලා ඔබතුමා කියනවා.

ජගත් විතාන – ඔව්… අනිවාර්යයෙන්ම.

පව් ඕයි ජගත්… මුන්ට මේ විදිහට ගියොත් විපක්ෂය කරන්නට වෙන්නේ ඒ.අයි වලින් හදාගත් ඡන්ද දායකයින් පිරිසක් ලවා ඡන්දය දාගෙනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කෙරේ !

Next Post

ඇමරිකානු යානා බිම වැටෙද්දී ට්‍රම්ප් වියරු වැටෙන හැඩ…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.