බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඇය මහා හඬින් හඬා නොවැටුනේ ඇයි?

by editor
දෙසැම්බර් 8, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

ජීවිතයේදී තමන්ට මුහුණ පාන්නට වන භයානක අනපේක්ෂිත විපතකදී ඇතිවන කම්පනයේදී මිනිස්සු ප්‍රතිචාර දක්වන විධි වෙනස්.

මාරන්තික අනතුරක්, සුනාමියක්, අතිබිහිසුණු ප්‍රහාරයක්, දරුණු ස්වාභාවික විපතක් වගේ දේකට මුහුණ පාන්න සිදුවුනොත්  තමන්ගේ ජීවිතේ සමීපතම පුද්ගලයෙක් හෝ පුද්ගලයන් එම විපතකින් මියගියහොත්, ඒ මාරාන්තික බිහිසුනු දර්ශනය සියැසින් දුටුවොත් කම්පනයට පත්වන මිනිස්සු පටාචාර දිවගියා වගේ දිවයන්න පුලුවන්.

ඒ වගේම කිසිම හැඟීමක් නැති අවස්ථාවට උචිත නොවන ගල්ගැහිච්ච , හිරිවැටුණු පණ නැති ස්වභාවයකින් ප්‍රතිචාරයක් නෑ වගේ ඉන්න පුලුවන්.

මේ තත්වය ඉතාම දැඩි වියෝවකදී  ඇතිවෙන්න පුලුවන්.  ඒ වගේම උග්‍ර ආතතිකාරී ව්‍යසන අත්දැකීමකට මුහුණ දුන්නම හඬනවා වෙනුවට ඒ මොහොතේ හිනාවෙන්න පුලුවන්.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අපේ මනස සමහර දේවල් වලදි අපට ඕන විදියට හැසිරෙන්නෙ නෑ. සමහර Defense Mechanism හෙවත් සංරක්ෂණ ප්‍රයෝග තියනව වගේම ක්ලාන්තය වගේ සිහි විසඥවීම වගේ දේවලුත් තාවකාලික ගල්ගැසුණු  ස්වභාවයෙනුත්  දරාගත නොහැකි විපතකින් සිදුවන හානිය අවම කර  පුද්ගලයාව යම් ආරක්ෂා කිරීමක් සිදුකරනවා.

Grief හෙවත් වියෝව අවස්ථාව ව්‍යාධිජනක තත්වයක් එනම්  Pathological stage එකකට ගියාම සමීපතමයන්ගේ මරණයෙදි අඬන්නෙ නැතුව ඉන්න පුලුවන්. අනිත් අයවගේ සාමාන්‍ය විදියට කටයුතු කරන්න කතාකරන්න පුලුවන්. හැබැයි මේ තත්වය දිගටම තිබුනොත් ප්‍රතිකාර සඳහා යොමුකරන්න ඕන. මන්ද , හැඬීමෙන් සිතේ ඇතිවන නිදහස ඔහුට නොලැබීමෙන් ඔහු අධික පීඩාවකින් රෝගී වෙන්න පුලුවන්.

ඒ වගේම අවුරුදු දහයෙන් පස්සෙ තමා  දරුවෙකුට මරණ සංකල්පය ඇතිවෙන්නෙ. ඒ නිසා කුඩා දරුවෝ තමගේ පවුලේ මරණයකදී නොහඬා කෙළිදෙලෙන් ඉන්නත් පුලුවන් . ඒ වගේම සමහරු අඬන්න පුලුවන් පවුලේ අනිත් අය අඬනකොට ඇතිවන දුක බිය සහ යම් වරදක් සිදුව ඇතිබව වැටහෙන නිසා. නැතුව මරණ සංකල්පය යථාවත් වීම නිසා නොවෙයි.

එමනිසා මළගේක ගියාම , මරණයක් දැක්කම ඒ ගෙදර අය කතා කරන හැටි, නොහඬන හැටි, සාමාන්‍ය විදියට ඉන්න හැටි විපරම් කර කර ඒවා කටගැස්මවල් කරගෙන බෙදන්න එපා.

මොකද අපේ නොදැනුවත්කම නිසා අහිංසක මිනිස්සුන්ට වෙන්නෙ හානියක්. නොදැනුවත්කම වෙනයි, අහිංසක වැදගත් මිනිස්සුන්ට සිදුවන අයුක්තිය වෙනයි.

ඒවට හවුල්වෙලා තව පෝර දාමින් සිය පාණ්ඩිත්‍ය    පෙන්වන අයත් ප්‍රදර්ශනය කරන්නේ නොදැනුවත්කම තමා. ඒත් තමන් නොදන්නවා කියලා අන් අයට අපහාස කිරීම හරිදෙයක් නොවෙයි.

විපතකදී දුක්වෙන්න බැරිනම් තමුන්ගෙ ඇස් වහගෙන ඒක දිහා නොබලා ඉඳීම තමා කළයුතු හොඳම දේ.  සැමියා මැරුණම, බිරිඳ මැරුණම ජීවත්ව ඉන්න බිරිඳ හෝ සැමියා අඬන්නෙ නැත්තම්, විශේෂයෙන් බිරිඳ වැළහින්නක් සේ අඬා වැළපුනේ  නැත්තම්, “ඒ බිරිඳ හොඳ නෑ.  ඒ පවුලෙ එළියට නොපෙනෙන රහස් තියනව.“

ඔන්න හොම කියනකොට ඒකට උඩගෙඩි දෙන අටුවාටීකා සපයන, අයව තේරුම් ගන්න ඕන මනෝවිද්‍යාව දන්න වෘත්තිකයන්ට ඒ අයගෙ නොදැනුවත්කම සහ පෞරුෂය  පේනවා කියල.

දරාගත නොහැකි කම්පනයේදී මිනිස්සු හැසිරෙන විධි තියනව. ඒවා මනුෂ්‍යාගෙන් මනුෂ්‍යාට වෙනස්.

පටාචාරා සැමියා දරුවන් පවුලේ අය මැරුණම් හැසුරුණු විදියට නෙවෙයි බන්ධුල මල්ලිකා හැසුරුනේ. ඒ නිසා මිනිස්සුන්ට වෙන්න පුලුවන් දරුණුම විපතක් උනාම ඇතිවන කම්පනයේ ස්වභාවය ගැන මානුෂීයව හිතන්න බැරි හුඟක් මිනිස්සු   පහත් කතා කියන හුඟක් මිනිස්සු තමන් තුළට නැමිලා බලන්න ඕන තමන්ගෙ තත්වය දිහා.

ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණය වෙනුවෙන් ඔහුගේ ප්‍රියාදර බිරිය නොහඬන එක ප්‍රශ්නයක් කරගත් අයගේ දැනගැනීමටයි.

විපතකදී  අනේ අපොයි කියන්න බැරිනම් අඩුගානේ අනවශ්‍ය කතා නොකියා බලන් ඉන්න ඕන

සමහරු මිනිස්සුන්ගෙ ජීවිත විවරණය කරන්නේ අන්තිම අශික්ෂිත විදියට.

ඒ වගේම මේ රටේ සමහර ප්‍රධාන ධාරාවේ  මාධ්‍ය පවා මේ සිද්ධියේ දී  හැසිරුනු   ආකාර ගැනත් තියෙන්නෙ දැඩි අප්‍රසාදයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සංයුතියත් අවුල්.. සිලින්ඩරත් පරණයි.. ක්‍රියාවලියෙත් ප්‍රශ්න..” – රාජ්‍ය ඇමති ගෑස් ගැන කියයි

Next Post

අනුර කුමාරගේ ප්‍රකාශය කතානායක ප්‍රතික්ෂේප කරයි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.