බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රුසියාවේ විසල් යුධ ශක්තියට යුක්රේනය ඔසවා තබන මිනිසුන්ගේ ආත්ම ශක්තිය!

by editor
මාර්තු 2, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

රුසියාව සහ යුක්‍රේනය අතර මේවන විට දරුණු යුධ ගැටුම් ඇවිලී ඇත.  රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේනය සුනු විසුණු වෙමිනි.

ඒ අනුව මේ වන විට රුසියානු හමුදාවන් යුක්‍රේන අගනගරය වූ කියෙව් සිය ග්‍රහණයට නතු කරගැනීමට උත්සාහ කරමින් පෙරමුණු ගණනාවක  සටන් වදිමින් ඇත.

එහෙත් යුක්රේනියානුවෝ දරුණු ප්‍රතිරෝධ උපදවති. මෙම තත්ත්වයත් සමඟ දෙරටේ යුද ශක්තිය සම්බන්ධයෙන් සිදු කළ සසඳා බැලීමක් පහතින් දැක්වේ.

උපුටා ගැනිම- අල් ජසීරා පුවත් සේවය..

අප දැනටමත් දන්නා පරිදි රුසියාවේ සහ යුක්රේනය යුද ශක්තිය කිසිසේත්ම එකිනෙකට සමාන මට්ටමක නොපවතියි. ඒ අනුව රුසියාවේ සහ යුක්රේනයේ ආරක්ෂක වියදම් දෙස බලන විට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආරක්ෂක වියදම්

ඉකුත් වසරේදී යුක්රේනය විසින් සිය ආරක්ෂක වියදම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.7ක් වැයකර තිබේ. මෙම මුදලට සාපෙක්ෂව රුසියාව විසින් එම කාල වකවානුවේදී සිය ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 45.8ක් වැයකර ඇති බව ජාත්‍යන්තර උපායමාර්ගි අධ්‍යයන ආයතනය පෙන්වාදෙයි.

මේ අතර රුසියාව විසින් 2008 වර්ෂයේදී සිය යුධ හමුදා නවීකරණයට පියරව ගනු ලැබුවේය. මෙයට මූලික හේතු ලෙස පේනවා දිය හැක්කේ එම වසරේදී රුසියාව සහ ජෝර්ජියාව අතර ඇතිව වූ යුධ ගැටුම්ය.

යුක්රේනය දෙස බලන විට එරට සතුව ඇත්තේ පැරණි සෝවියට සමයේදී නිෂ්පාදනය කළ යුද උපකරණය. එහෙත් යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමේ අභිප්‍රාය ඇතිව සිය ප්‍රහාරක යානා බලගණයට යුරෝපයේ නිෂ්පාදිත ගුවන් යානා මිලදී ගැනීමට සැලසුම් කර තබිණි.

නාවික ශක්තිය

මේ අතර යුක්රේනය විසින් සිය නාවික ශක්තියද වර්ධනය  කරගැනීමට උත්සුක වන බවක් පසුගිය කාලයේදී දක්නය ලැබිණි.

මෙහිදී පුද්ගල බලය සම්බන්ධනේ අවධානය යොමුකරන විට රුසියාව සතුව සක්‍රීය සේවයේ නිරත පුද්ගලයින් ලක්ෂ නවයක් පමණ සිටින අතර තවත් ලක්ෂ විස්සක පමණ  අතිරේක භට පිරිසක්ද වෙති.

එහෙත් යුක්රෙනය දෙස බලන විට එරට සක්‍රීය සේවය නිරතව සිටින්නේ භටයින් එක් ලක්ෂ අනූ හය දහසක් පමණක් වන අතර තවත් ලක්ෂ නවයක පමණ අතිරේක භට පිරිසක්ද ඔවුන් සතුය.

කෙසේ වෙතත් මෙම ගැටුම් ඇතිවීමත් සමඟ යුක්රේන ජනාධිපතිවරයා විසින් එරට වයස අවුරුදු 18ත් 60ත් අතර සියලුම පිරිමි පුද්ගලයින් එරටින් පිටවීම වලක්වාලීමටද පියවර ගෙන තිබිණි. මේ  වන විට එරට වෙනුවෙන් සටන් කිරීමට කැමැත්ත පළකරන විදේශිකයින්ට  ද යුක්රේනය ආරාධනා කර තිබේ.

රථ වාහන

දෙරටේ හමුදා සෙබලුන් සසඳනවාත් සමඟම දෙරටේ ආයුධ සහ රථ වාහන පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී දෙරටේ ප්‍රහාරක ගුවන් යානා, සන්නද්ධ රථ, මිසයිල යන කාරණා පිළිබඳ සැලකිලිමත් වන විට රුසියාව යුක්‍රේනයට සාපක්ෂව ඉතාමත් ඉදිරියෙන් සිටියි.

ඒ අනුව රුසියාව සතුව සන්නද්ධ රථ පහලොස් දහස් අටසියයකට අධික සංඛ්‍යාවක් පවතින අතර යුක්‍රේනය සතුව ඇත්තේ රථ තුන් දහස් තුන් සියයක් පමණි.

ප්‍රහාරක යානා පිළිබඳ අවධානය යොමුකරන විට යුක්රේනයට සාපෙක්ෂව දස ගුණයක ප්‍රහාරක යානා රුසියාව සතුවෙයි. එහිදී රුසියාව සතුව ප්‍රහාරක යානා එක්දහස් තුන්සිය අනූ එකක් පමණ පවතින අතර යුක්රේනය සතුව ඇත්තේ ප්‍රහාරක යානා 128ක් පමණි.

ගුවන් ශක්තිය 

එසේම රුසියාව සතුව හෙලිකොප්ටර් අටසිය විසි එක්ක පවතින අතර යුක්රේනය සතු වන්නේ හෙලිකොප්ටර් 55ක් පමණි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ යුක්රේනය සතු ප්‍රහාරක යානා සෝවියට් යුගයට අයත් ඒවා වීමය.

යුක්රේනය සතු මිග් 29 ප්‍රහාර යානා 1980 දශකයේ නිෂ්පාදිත යානා වන අතර ඔවුන් සතු සූකෝයි එස් යූ 27 වර්ගයේ යානාද 1980 දශකයේ නිෂ්පාදත යානා වේ. ඒ අනුව යුක්රේනය සතුවන්නේ  පැරණි ප්‍රහාරක යානාය. කෙසේ වෙතත් රුසියාවද ඇතැම් විට මෙම යානා තවමත් භාවිතා කරයි.

රුසියාව සතුව සබ්මැරීන් 49ක් තිබේ. ඉන් කිහිපයක් න්‍යෂ්ටික සබ්මැරීන වේ. කෙසේ වෙතත් යුක්‍රේනය සතුව එකදු සබ්මැරීනයක්වත් නොමැතිය.

යුක්රේනය  ආර්ථිකමය වශයෙන් විශාල ශක්තිමත් රටක් නොවේ. එබැවින් ඔවුන්ට පසුගිය දශක කිහිපයේදී සිය ආයුධ සහ ආරක්ෂක තත්ත්වය රුසියාවට සාපෙක්ෂව වර්ධනය කරගැනීමට හැකියාවක් නොලැබිණි.

ෙකෙසේ වෙතත් පවතින ගැටුම් දෙස බැලීමේදී යුක්රේන වැසියන් ඉතා ධෛර්යමත්ව සිය රට ආරක්ෂා කිරීමට සැරසී සිටින බවනම්  පෙනේ. මහා යුධ ශක්තියකට එරෙහිව විසල් පවුරු ගොඩ නගන්නේ මාතෘ භූමිය කෙරෙහි උපන් ඒ අනුපමේය ආදරය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටම මහපාරට දමා ඩොලර් මිලියන 500ක් ගත්ත අය සැපේ !

Next Post

මියන්මාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනෙකුට මියන්මාර රජය සමාව දෙයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.