රුසියාව සහ යුක්රේනය අතර මේවන විට දරුණු යුධ ගැටුම් ඇවිලී ඇත. රුසියානු ප්‍රහාර වලින් යුක්රේනය සුනු විසුණු වෙමිනි.
ඒ අනුව මේ වන විට රුසියානු හමුදාවන් යුක්රේන අගනගරය වූ කියෙව් සිය ග්‍රහණයට නතු කරගැනීමට උත්සාහ කරමින් පෙරමුණු ගණනාවක සටන් වදිමින් ඇත.
එහෙත් යුක්රේනියානුවෝ දරුණු ප්‍රතිරෝධ උපදවති. මෙම තත්ත්වයත් සමඟ දෙරටේ යුද ශක්තිය සම්බන්ධයෙන් සිදු කළ සසඳා බැලීමක් පහතින් දැක්වේ.
![](http://lankasara.com/wp-content/uploads/2022/03/ezgif-1-027e2db2fa.jpg)
අප දැනටමත් දන්නා පරිදි රුසියාවේ සහ යුක්රේනය යුද ශක්තිය කිසිසේත්ම එකිනෙකට සමාන මට්ටමක නොපවතියි. ඒ අනුව රුසියාවේ සහ යුක්රේනයේ ආරක්ෂක වියදම් දෙස බලන විට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
ආරක්ෂක වියදම්
ඉකුත් වසරේදී යුක්රේනය විසින් සිය ආරක්ෂක වියදම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.7ක් වැයකර තිබේ. මෙම මුදලට සාපෙක්ෂව රුසියාව විසින් එම කාල වකවානුවේදී සිය ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 45.8ක් වැයකර ඇති බව ජාත්‍යන්තර උපායමාර්ගි අධ්‍යයන ආයතනය පෙන්වාදෙයි.
මේ අතර රුසියාව විසින් 2008 වර්ෂයේදී සිය යුධ හමුදා නවීකරණයට පියරව ගනු ලැබුවේය. මෙයට මූලික හේතු ලෙස පේනවා දිය හැක්කේ එම වසරේදී රුසියාව සහ ජෝර්ජියාව අතර ඇතිව වූ යුධ ගැටුම්ය.
යුක්රේනය දෙස බලන විට එරට සතුව ඇත්තේ පැරණි සෝවියට සමයේදී නිෂ්පාදනය කළ යුද උපකරණය. එහෙත් යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමේ අභිප්‍රාය ඇතිව සිය ප්‍රහාරක යානා බලගණයට යුරෝපයේ නිෂ්පාදිත ගුවන් යානා මිලදී ගැනීමට සැලසුම් කර තබිණි.
නාවික ශක්තිය
මේ අතර යුක්රේනය විසින් සිය නාවික ශක්තියද වර්ධනය කරගැනීමට උත්සුක වන බවක් පසුගිය කාලයේදී දක්නය ලැබිණි.
මෙහිදී පුද්ගල බලය සම්බන්ධනේ අවධානය යොමුකරන විට රුසියාව සතුව සක්‍රීය සේවයේ නිරත පුද්ගලයින් ලක්ෂ නවයක් පමණ සිටින අතර තවත් ලක්ෂ විස්සක පමණ අතිරේක භට පිරිසක්ද වෙති.
එහෙත් යුක්රෙනය දෙස බලන විට එරට සක්‍රීය සේවය නිරතව සිටින්නේ භටයින් එක් ලක්ෂ අනූ හය දහසක් පමණක් වන අතර තවත් ලක්ෂ නවයක පමණ අතිරේක භට පිරිසක්ද ඔවුන් සතුය.
කෙසේ වෙතත් මෙම ගැටුම් ඇතිවීමත් සමඟ යුක්රේන ජනාධිපතිවරයා විසින් එරට වයස අවුරුදු 18ත් 60ත් අතර සියලුම පිරිමි පුද්ගලයින් එරටින් පිටවීම වලක්වාලීමටද පියවර ගෙන තිබිණි. මේ වන විට එරට වෙනුවෙන් සටන් කිරීමට කැමැත්ත පළකරන විදේශිකයින්ට ද යුක්රේනය ආරාධනා කර තිබේ.
රථ වාහන
දෙරටේ හමුදා සෙබලුන් සසඳනවාත් සමඟම දෙරටේ ආයුධ සහ රථ වාහන පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී දෙරටේ ප්‍රහාරක ගුවන් යානා, සන්නද්ධ රථ, මිසයිල යන කාරණා පිළිබඳ සැලකිලිමත් වන විට රුසියාව යුක්රේනයට සාපක්ෂව ඉතාමත් ඉදිරියෙන් සිටියි.
ඒ අනුව රුසියාව සතුව සන්නද්ධ රථ පහලොස් දහස් අටසියයකට අධික සංඛ්‍යාවක් පවතින අතර යුක්රේනය සතුව ඇත්තේ රථ තුන් දහස් තුන් සියයක් පමණි.
ප්‍රහාරක යානා පිළිබඳ අවධානය යොමුකරන විට යුක්රේනයට සාපෙක්ෂව දස ගුණයක ප්‍රහාරක යානා රුසියාව සතුවෙයි. එහිදී රුසියාව සතුව ප්‍රහාරක යානා එක්දහස් තුන්සිය අනූ එකක් පමණ පවතින අතර යුක්රේනය සතුව ඇත්තේ ප්‍රහාරක යානා 128ක් පමණි.
ගුවන් ශක්තිය
එසේම රුසියාව සතුව හෙලිකොප්ටර් අටසිය විසි එක්ක පවතින අතර යුක්රේනය සතු වන්නේ හෙලිකොප්ටර් 55ක් පමණි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ යුක්රේනය සතු ප්‍රහාරක යානා සෝවියට් යුගයට අයත් ඒවා වීමය.
යුක්රේනය සතු මිග් 29 ප්‍රහාර යානා 1980 දශකයේ නිෂ්පාදිත යානා වන අතර ඔවුන් සතු සූකෝයි එස් යූ 27 වර්ගයේ යානාද 1980 දශකයේ නිෂ්පාදත යානා වේ. ඒ අනුව යුක්රේනය සතුවන්නේ පැරණි ප්‍රහාරක යානාය. කෙසේ වෙතත් රුසියාවද ඇතැම් විට මෙම යානා තවමත් භාවිතා කරයි.
රුසියාව සතුව සබ්මැරීන් 49ක් තිබේ. ඉන් කිහිපයක් න්‍යෂ්ටික සබ්මැරීන වේ. කෙසේ වෙතත් යුක්රේනය සතුව එකදු සබ්මැරීනයක්වත් නොමැතිය.
යුක්රේනය ආර්ථිකමය වශයෙන් විශාල ශක්තිමත් රටක් නොවේ. එබැවින් ඔවුන්ට පසුගිය දශක කිහිපයේදී සිය ආයුධ සහ ආරක්ෂක තත්ත්වය රුසියාවට සාපෙක්ෂව වර්ධනය කරගැනීමට හැකියාවක් නොලැබිණි.
ෙකෙසේ වෙතත් පවතින ගැටුම් දෙස බැලීමේදී යුක්රේන වැසියන් ඉතා ධෛර්යමත්ව සිය රට ආරක්ෂා කිරීමට සැරසී සිටින බවනම් පෙනේ. මහා යුධ ශක්තියකට එරෙහිව විසල් පවුරු ගොඩ නගන්නේ මාතෘ භූමිය කෙරෙහි උපන් ඒ අනුපමේය ආදරය ය.