බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මඩේ වැඩ ගොඩ දාගන්න මනම්පිටියේ කොල්ලෙක්  ගෙදර හදපු ට්‍රැක්ටරේ…

ලක්ෂ 60ක ට්‍රැක්ටරයක් කරන වැඩටික කරගන්න ලක්ෂ හතර හමාරකින් යන්ත්‍රය හැදුවා... ඉවත්කරන අබලි ද්‍රව්‍ය යොදන් කළ නිර්මාණයක්!

by editor
මැයි 14, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ඉවත් දමන යකඩ කැබලි, හා පරණ ටැක්ටර් වලින් ඉවත් කරන ලද කොටස් එකතු කර ගනිමින් දින 30 ක කාලයකදි ඩීසල් ලීටර් විස්සකින් කුඹුරු අක්කර දෙකහමාරක් පැය 6 ක කාලයක් තුළ සීසෑමට හැකිවන පරිදි “ ගොයියා ගොඩ”  නමින් ෆෝවිල් ට්‍රැක්ටරයක් නිර්මාණය කිරීමට දිඹුලාගල මනම්පිටිය, සිංහඋදාගම ගම්මානය තරුණයෙකු සමත් වී ඇත,

වෙළඳපොලේ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනාකමකින් යුතු ෆෝවීල් ට්‍රැක්ටරයක් තමා පිට ඔපය නැතිව රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදල මුදලකට  නිපදවා ගත් බව  තරුණයා කිවේය.

ඕනෑම මඩ වගුරක් වදුලක් පැය 6ක වැනි කෙටි කාලයක් තුළ  සීසෑමට හැකි වන පරිදි මෙම ෆෝවිල් ටැක්ටරය නිර්මාණය කර ඇති බව මෙහි නිර්මාණකරු වන 32 වියැති රුවන් සම්පත් සෙනවිරත්න   සඳහන් කළේය.

වෙනත් වාහනවලට යොදන ඔයිල් පිලිස්සීමෙන්  ඉවත්කරන කළුතෙල් වලින් මෙම ෆෝවිල් ට්‍රැක්ටරයයේ එන්ජිම ක්‍රියාත්මක කර ධාවනය කිරීමට හැකි වීම විශේෂත්වයකි,

රුවන් සම්පත් සිය ට්‍රැක්ටරය සමග..

මේ වනවිට ඇතැම් කුඹුරු මෙන්ම වදුල සහිත කුඹුරු සී සෑමට නොහැකිව ගොවීන් අතහැර දමා තිබෙන බවත්, එවැනි මුඩුබිම් සහ ඕනෑම එරීමට ලක්වන වගුරු බිම් අස්වැද්දීමට මෙමගින් හැකියාව ලැබෙන බවත්  රුවන් සම්පත් අප සමග කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔහු පෙන්වා දෙන්නේ රුපියල් ලක්ෂ 60 ක් ලබාදී ගන්නා ෆෝවිල් ට්‍රැක්ටරයෙන් කරන වැඩ කොටසට වඩා වැඩි කොටසක් තමන් ගෙදර හදාගත්    ෆෝවිල් ට්‍රැක්ටරයෙන් සිදුකළ හැකි බවය.

තමාට මෙම නව නිපයුම සිදුකිරීමට පියා මෙන්ම තමාගේ ගරාජයේ තරුණයන්  තිදෙනෙකුගේ උදව් උපකාර ලැබුණු බවත්, මෙවැනි ට්‍රැක්ටරයක් ඕනෑම ගොවියකුට මසක් ඇතුළත නිර්මාණය කර රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදලකට ලබාදීමට හැකි යාව තිබෙන බවත් රුවන් සම්පත් සෙනෙවිරත්න   සඳහන් කළේය ,

රුවන් සහ කණ්ඩායම…

යකඩ බාර්,  පරණ ට්‍රැක්ටර් වල කොටස්, ඉවත් කරන ලද දුම්බට ඇතුළු ප්‍රයෝජන ගැනීමට නොහැකි බොහෝ ට්‍රැක්ටර් කොටස් මේ සඳහා එක්ලස් කරගත් බවත්, වෙනත් ට්‍රැක්ටර් වලින් කුඹුරු අක්කර දෙකහමාරක් සීසෑමට ඩීසල් ලීටර් 25 ක් පමණ යන නමුත්, මෙම ට්‍රැක්ටරයට වැය වන්නේ ඩීසල් ලීටර විස්සක් පමණක් බවත්, අනිත් ට්‍රැක්ටර්වලට වඩා මෙහි කොටස් ක්ෂය වීම් අඩුවෙන බවත්, ඕනෑම කොටසක් කැඩි ගියහොත් රුපියල් දාහකට අඩු මුදලකින් සවිකර ගැනීමේ හැකියාව පවතින බවත් රුවන් සෙනෙවිරත්න පැවසුවේය.

ඔහු කීවේ මෙවැනි යන්ත්‍රයක් තමන්ටත් හදා දෙන ලෙස මහවැලි බී කලාපයේ ගොවීන්ගෙන් මේ වනවිට විශාල ඉල්ලුමක් ලැබී ඇති බවය.

“ මේක හදන්න ගතවුනේ මාසයයි.    මේකට යොදා තියෙන්නෙ අහකදාන යකඩ කෑලි, ට්‍රැක්ටර් වල කොටස්. ඉතින් ඕනෑම එරෙන කුඹුරක්, වදුලක් ඉතා කෙටි කාලයකින් හා ගන්න හැකියාව තිබෙනවා,”

“දැනට මම ,කුඹුරු  අක්කර දහයක් පහළවක් සීසෑම කළා. කිසිම ලෙඩක් ආවෙ නෑ.   ඕනෑම අයකුට හාන්නත් පුළුවන්, හැම නියරක් අයිනෙම හා ගන්ඩත් පුළුවන්, ඒකයි මේකෙ තියෙන විශේෂත්වය,”

“ඔයිල් දාන්ඩ ඕන්නෑ වෙනත් වාහන වලින් පිච්චුන ඔයල් තමයි මං මේකට පාවිච්චි කරන්නේ, අපි හොයාගන්න ඕන අපට ඔරොත්තු දෙන තාක්ෂණයක්. මම හිතන්නේ මං ඒක කළා “ රුවන් සෙනෙවිරත්න  අප සමග එලෙස කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

TNA සාකච්ඡාවක් අතරතුර ගුටි කෙළියක්… එක් අයෙක් රෝහලේ….

Next Post

එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් හෙළිදරව්ව සම්බන්ධව අධිකරණ ඇමති විජේදාසගෙන් CID ප්‍රකාශයක් ගන්න යයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.