අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බිලියන ගණන් වැය කර තැනූ මාර්ග කඩා රටට විහිලු කරන “නල්ලමලේ“ ව්‍යාපෘති…

මුලු මාර්ගයේම වටිනාකම් ඉවරයි... මාර්ය කඩා කළ පාඩුව ව්‍යාපෘති වටිනාකමට වඩා වැඩියි...

by editor
අගෝස්තු 3, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

මේ දිනවල කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය භාවිත කරන්නන් දැඩි පීඩාවටත්, අවදානමකටත් ලක්ව සිටිති. ඒ එම මාර්ගයේ කොටසක් කඩා දමා පොළොව අභ්‍යන්තරයේ සිදු කෙරෙන  කටයුත්තක් හේතුවෙනි.  එම කැණීම් නිම වූ පසු යලි පුරවා මාර්ගය පිළිසකර කර ඇති ප්‍රමිතියක් රහිත ආකාරය මුලු මාර්ගයේම වටිනාකම නැත්තටම නැති කර දමා ඇත.
කලෙක මේ රටේ මාර්ග සංවර්ධන ප්‍රතිපතිතය වූයේ පාරවල් කාපට් කිරීමය. හරක් යන පාරවල් පවා කාපට් විය. රටේ ප්‍රධානම මාර්ගයක් වූ කටුනායක ගුවන්තොටුපල සිට නිට්ටඹුව මංසන්ධියෙන් නුවර පාරට යාවන මාර්ගය කාපට් වන්නේ  රුපියල්  බිලියන ගණනින් වැය කරමිනි.  කාපට් අතුරමින් මුලුමනින්ම සාදා නිම කළ මේ මාර්ගය වැඩි කල් යන්නට මත්තෙන් මේ ආකාරයට කඩා දමන්නේ ජල නල ව්‍යාපෘතියක බට වැළලීම සඳහාය. මේ ආකාරයෙන් ගම්පහ අවට ප්‍රධාන මාර්ග ගණනාවක් මෙම ජල නල ව්‍යාපෘතිය වෙනුවෙන් කඩා බිඳ දමා ඇති ආකාරයෙන් වූ  විනාශය උක්ත ජල නල ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකරන මුදලටත් වඩා අතිශයින්ම වැඩිය.
මාර්ගයේ කාපට් සහිත තාර තට්ටුවේ කැණීම කළ පසු යළි එය පිළිසකර කිරීම කිසිම ප්‍රමිතියකට සිදු නොවීම මාරන්තික වී ඇත්තේ යතුරුපැදි කරුවන්ටය . මේ වනවිට කැණීම කළ කොටස්වල මාර්ගය දිගටම  ඇති තීරු රැළි සහිතව ගිලා බැස ගිය ආකාරයෙන් ඉතිර වී තිබේ. වැසි සමයේ මේ තීරු ජලය පිරෙන කාණුය. රුපියල් බිලියන ගණනක් වියදම් කර තැනූ මාර්ගය මුලුමනින්ම ගර්හිත   වී ඇති ආකරය  හිත කලකිරවයි.
මේ ආකාරයට අපේ රටේ මහා මාර්ග, අතුරු මාර්ග සාදා නිමකළ පසු අවස්ථා ගණනාවකදී විටින්විට කඩා දමමින් නොයෙකුත් ඉදි කිරීම් හා ව්‍යාපෘති ක්‍රියාත්මක වන අයුරු අප දැක තිබේ. විහිලුවට කාරණාව වන්නේ මෙවැනි කටයුතු සිදු කරන්නේ සංවර්ධනය කිරීම යන සංකල්පයට මුවා වෙමිනි. සංවර්ධනය කිරීම යනු මහජන මුදල් නිරපරාදේ නාස්ති කරන කුණුහරපයක් නොවේ. ඉදිකිරීමට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඒවා කඩා දැමීමටත්, නැවත ඉදිකිරීමටත් වැයවීම මහා අපරාධයකි. කොතරම් සංවර්ධනය කළත් මේ රට හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේ මෙවැනි අනුවණකම් නිසාය‍ෙ
අපේ රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන කිසිවක් අතර කිසිදු අන්‍යොන්‍ය සබඳතාවක් නොමැත. ව්‍යාපෘතියක් ආරම්භවන විට අනාගතයේ එය නඩත්තු කර පවත්වාගෙන යෑමටත් සංවර්ධනය කිරීමටත් අදාල සැලසුමක් ඇත්තේම නැත.  ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම, ඒවා අනුමත කරවා ගැනීම, මුදල් ලබා ගැනීම, තමන්ට වාසි වන කොන්ත්‍රාත්කරුවන්ව පත් කරගැනීම, කොන්ත්‍රාත්තුව භාර දී වැඩ ආරම්භ කිරීම, කොන්ත්‍රාත්කරුවන් හරහා කොමිස් ගසාගනීම මිස රටට ජනතාවට වැඩදායී වන නාස්තිය වළකන සැබෑ සංවර්ධන කටයුත්තක් හිතට එකඟව ඉටු කිරීමේ අවශ්‍යතාව බහුතරයකට නැත.

මේ සටහන නිමා කරන්නට  පෙර අපේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ රංජිත් ගුණරත්න ජපානයේ දී ලද අත්දැකීමක් සටහන් කර තිබුණු ආකාරය පල කර සිටිමු.  රංජිත් ගුණරත්න තානාපති සේවයේ සිටි විශිෂ්ඨයෙකි. ඒ වටිනා මිනිසා අකාලේ මිය ගියේය. ඔහු තානාපතිවරයෙකුගේ දිනපොත නැමැති කෘතියක් සම්පාදනය කර තිබිණි. ඔහු ජපානයේ දී අත් දුටු එක් සිදුවීමක් ලියා තැබූ ආකාරයෙන්ම පල කරමි. මේ කඩා දමන මාර්ග දකින හැම මොහාතෙකම එම සටහන මා සිතට නැගෙන බැවිනි.

( තානාපතිවරයෙකුගේ දිනපොත – 151 පිටුව – පාර අතුගාන  ජපානයේ ඉංජිනේරු මහත්වරු)

“ ජපානයේ ජිවත් වන අවධියේ මා පදිංචිව සිටියේ අසබු ජුබාන් නැමැති තෝකියෝ නගරයේ අතිශයින්ම කාර්ය බහුල ප්‍රෙද්ශයකය.  අතෝරක් නැතිව පාරේ එහා මෙහා යන පිරිස් මෙන්ම වාහන සංඛ්‍යාව කාගෙ කාගේ සිත් තුළ වුවත් දැඩි ආතතියක් ඇතිකරන තරම්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සවස් ජාමේ වනව විට අප නිවස ඉදිරියේ තිබූ මාවතේ යම් කිසි අලුත්වැඩියාවක් කරන බවක් කීප දවසක සිට මම නිරීක්ෂණය කළෙමි. උදෑසන වනව විට පෙරදි කරමින් තිබූ අලුත්වැඩියාවේ ලකුණක් හෝ දැකිය නොහැකි වේ. දිනෙන් දින මගේ කුහුල වැඩෙන්නට විය.  ඒ නිසාම මම රාත්‍රී කාලයේ සිදුවන මෙම ගොඩනැගීම ගැන සොයා බලන්නට උත්සුක උනෙමි.

දිනක් මම කඩපලට ගොස් පැමිණෙන විට සිරිත් පරිදි පාරේ තැනක යම් කිසි අලුත්වැඩියාවක් සිදුවන බව දැක එතැනට කිට්ටු කළෙමි.  එතැන සිටි කෙනෙක් පර හාරා තිබෙන තැන අවට ඉදලකින් අතුගානවා දුටු මම ඔහු වෙත ළං උනෙමි.  ඔහුට හිස නමා ආචාර කොට කතා කළෙමි.

“ මහත්මයා… මෙතන මොකක් ද සිදුවෙන්නෙ..“

“ අපි මෙතන උමං දුම්රිය මාර්ගයක් හදනවා…“

“ උමං දුම්රියක්?.. මම කවදාවත් දැක්කෙ නෑනෙ පස් පුරවපු ලොරි යනවා..“

“ අයියෝ… අපි පස් අයින් කළේ 1967 වසරේ මේ පාර සකස් කරන විට. ඔබට අවශ්‍යනම් ඇතුළට ගිහින් බලන්න පුලුවන්..ඞ

මම ඔහු සමග වල ඇතුළට බැස්සෙමි. මගේ දෑස මටම  අදහන්නට බැරි විය. සුවිශාල උමකක් තුළ යන්ත්‍ර සූත්‍ර සමග කඩියන්ක මෙන් වැඩ කරන මිනිසුන්ය.  රේල් පාරේ වැඩ සෑහෙන පමණට අවසන් වී තිබිණි. මට වැඩේ තේරුම් ගියේය. මම මගේ පාර අතුගාන  මිතුරාට සමු දෙන අතර ඔහුගේ රැකියාවේ ස්වරූපය  පිළිබඳ විමසුවෙමි.

“ මම තමයි මේ කොටසේ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා… “

මම වික්ෂිප්තව ඔහු දෙස බලාගෙන සිටියෙමි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල්ගේ අපේක්ෂකත්වය බලරහිත කරන්නැයි ඉල්ලීමක්

Next Post

කොරෝනා හිතුවාට වඩා කාලයක් ඇදෙන හැඩ

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.