අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පිංවතුනි… තවත් නම් පිවිතුරු හෙළ බොදු සංස්කෘතික සදාචාරය ගැන වැල් බයිලා නොගයන්න….

by editor
ජූලි 18, 2021
in සමාජ
rapee_0
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඇසෙමින් ඇත්තේ මේ මොන රටක්දැයි හිතෙන තරමේ කාලකණ්ණි කතාය. හදිසියේ මැරෙන පොඩිඋන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලිනුත් හෙළි වන්නේ උන්ගේ දූෂණය වූ අතීතයක් පිළිබඳවය.

අවුරුදු 15ක දියණියක් සිය පියා විසින් දූෂණය කිරීමෙන් පසු මව විසින් රට වටා වෙළෙඳාම් කළ අයුරුත් චීවරධාරීන් ඇතුළු මේ රටේ ඉහළම පැලැන්තිවල උන් ඒ දැරියගේ ලේ මස්වලට ලංසු තබා අවලමේ ගිය අයුරුත් උසාවිය ඉදිරියේ එළිවෙද්දී නාවලපිටියේ තවත් 11 හැවිරිදි දියණියක් සිය පියා අතින් දූෂණය වී සල්ලාලයන් ගේ කෙළි බඩුවක් වූ අයුරු අසන්නට ලැබිණි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාරකමට යෙදවූ බාලවයස්කාර දැරිය පිළිස්සී මිය යන්නේ මේ අතරය. ඇයගේ මරණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූ පුවත යළිත් ඇඟ කිළිපොලා යන්නක් විය. ඒ දියණිය මිය යන්නට පෙර සෑහෙන කාලයක් තිස්සේ දූෂණය වෙමින් සිටි බවට ලකුණු එහි වාර්තා කළේය.
දාසය හැවිරිදි මෙම දියණියගේ ශරීර අවයව වසර අවුරුදු තිහක පමණ වන ගැහැණියකගේ තරමට වැහැරී තිබූ අයුරු අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබිණි.

මේ දියණිය ගම්පලාත හැටන්වල ආගරපතන ඩයගම බටහිරය. ඇය ඉෂාලිනී ජූඩ් කුමාර්ය. ඇය බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට එන්නේ පසුගිය ඔක්තොම්බරයේය. ඇයව සොයා දෙන්නේ තැරැව්කරුවෙකි. ඇයව බදියුදීන්ගේ බෞද්ධාලෝකමාවතේ නිවසට රැගෙන එන්නේ ඇගේ අම්මා විසිනි. මේ දැරිය බදියුදීන්ට මෙහෙකාරකමට භාර දෙන විට ඇයගේ වයස අවුරුදු 15 මාස 11කි.
මේ රටේ නීතිය ප්‍රකාරව ඇය බාලවයස්කාරියකි. ඇය මේ වයසේදී ලැබිය යුත්තේ අධ්‍යාපනයය. එහෙත් රටේ නීති හදන පාර්ලිමේන්තුව අවුරුදු ගණනක් තිස්සේ නියෝජනය කරන බදියුදීන් මේ දියණියව මෙහෙකාරකමේ යෙදෙව්වේය. කෙල්ල පිච්චෙන තුරු ඒ බව ලෝකය දන්නේ නැත. පිච්චී මළ පසු ඒ සම්බන්ධව බදියුදීන්ලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නට බල කෙරී ඇත්තේය. එය සිදුවේ දැයි දන්නේ නැත.

මෙහෙකාර කෙල්ල

මේ වනවිට බදියුදීන් වෙනත් නඩු නිමිත්තක් වෙනුවෙන් පොලිස් භාරයේය. රැඳවුම් භාරයේ සිටි බදියුදීන් දැන් රෝහල්ගත වී සිටින්නේය. මියගිය මෙහෙකාර ඉෂාලිනී සිටියේ බදියුදීන්ගේ නිවසේ ඔහුගේ අම්මා, තාත්තා, බිරිය සමගිනි. වෙනත් පිරිමියෙකුට හිටියේ වත්තේ පිටියේ වැඩ කරන කොලුවාය. ඒ කොලුවා හිටියේ වත්තේම තිබූ කුටියකය.

පසුගිය 03 දා ඉෂාලිනී ගිනිගත් සිරුර සහිතව ඇය සිටි කුස්සියට ආසන්න කාමරයේ සිට නිවස තුළට දිව ඇවිත් තිබුණාය. ගෙදර සිටි වයසක ජෝඩුව සහ බදියුදීන්ගේ බිරිය ඇඳ ඇතිරිලිවල ඔතා ගින්න නිවන අතරේ 1990 කතා කර තිබිණි. ගිලන්රථ සේවයේ ප්‍රථමාධාර කණ්ඩායම පවසා තිබුණේ තමන් එනතුරු ගිනිගත් සිරුර තෙමන ලෙසය. ඔවුහු ඇයගේ සිරුරු තෙමමින් සිටියහ. හදිසි ප්‍රතිකාර ගිලන් රථය පැමිණ දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ගියේය. දින 12කින් පසු පසුගිය 15 දා දැරිය පිලිස්සුම් තුවාල සහිතව මිය ගියාය.

රෝහලට ඇතුළත් කරන ලද දිනයේ ඇය වෛද්‍යවරුන්ට පවසා තිබුනේ ඇය ගිනි තබා ගත් බවය. එය ඇඳ ඉහපතේ සඳහන් වී තිබිණි. එහෙත් ගිනි තබා ගැනීමට හේතුව දැරිය කුමක්දැයි දැරිය පවසා තිබුණේ නැති බව සඳහන් වූයේය.

දැරිය පිලිස්සුණු පසු රජයේ රස පරීක්ෂකවරයා පුලුල් පරීක්ෂණයක් කළේය. පොලිස් අපරාධ විමර්ශන අංශ ස්ථානීය පරීක්ෂාවක් සහිතව සෑම පැත්තම ආවරණයවන ආකරයට පරීක්ෂා කළේය. දැරියට පහර දීම් සිදුවී තිබුණේ නැත. කිසිවෙක් ඇයට ගිනි තබා තිබුණේත් නැත. ඇය විසින් සිය සිරුරට ගිනි තබාගෙන තිබුණු ආකාරය කියැවිනි.

ගිනි තබාගෙන තිබුණේ භූමිතෙල් ඇඟලාගෙනය. ඒ නිවස භූමිතෙල් අවශ්‍යතාවයක් නැති දර ලිප් පත්තුකිරීමෙන් තොර නිවසකි. භූමිතෙල් පහසුවෙන් මිලදී ගන්නට තැනක් අවට නැත. එහෙත් ඇය නිවසට අවශ්‍ය දේ මිලදී ගැනීමට සමහර අවස්ථාවල නිවසින් පිටව යන්නීය. එය විමසිය යුතු තැනකි.

ඇය නිදාගෙන තිබුනේ ඇයගේ කාමරයේ තිබූ තට්ටු ඇඳකය. ඒ ඇඳේ උඩ තට්ටුවේ තිබී භූමිතෙල් බෝතලයක් හමුවී තිබිණි. ලයිටරයක් ද සොයාගෙන තිබූ අතර ඒ ලයිටරයේ ඇඟිලි සලකුණුවලින් ද පිටස්තර මැදිහත් වීමක් පිළිබද සාධක ලැබී තිබුනේ නැත. වතුකරයේ බොහෝ විට සිය දිවි නසාගැනීම් සඳහා භාවිත කරන අතිශයින්ම වේදනාකාරී ක්‍රමය මේ දැරිය විසින් තොරාගෙන තිබිණි.

එහෙත් තවමත් හෙළි වී නැත්තේ ඇය සිය දිවි නසා ගත්තේ කුමණ හේතුවක් නිසා ද යන්නය. ඇයගේ මව්පියන් කියා තිබුණේ දැරිය යළි නිවසට පැමිණීමට අවශ්‍ය බව කියමින් ඇවිටිලි කළ බවය. කොවිඩ් වසංගත තත්වය නිසා තමන්ට ද ඇය මගහැරුණු බවය.

මරණයෙන් පසු හෙළි වුණු තුච්ඡ ඇත්ත

කෙසේ වෙතත් මේ දැරියගේ ජීවිතයේ දී ඇය අත්විඳි කාලකණ්ණි ම්ලේච්ඡත්වයේ ස්වරූපය හෙළි වන්නේ ඇයගේ මරණි පසුය. මිනිය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී ය. දැරිය අඩුම තරමින් අවුරුදු 12 පමණ කාලයේ සිට අඛණ්ඩ දූෂණයකට ලක් වී සිටියාය. ඇයගේ බාහිර මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රිය සාධක ද ඒ බව තහවුරු කරන ආකාරය විද්‍යාත්මකව අධිකරණ වෛද්‍යවරයා විසින් හෙළි දරවු කළේය. ඇය මෙහෙකාරකමට අලෙවි කර තිබුණේ යළි යළිත් දූෂණය කර විනාශ කිරීමෙන් අනතුරුවය.

මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර තිබුණේ මෙම දැරියගේ මරණය සිදුවූ ආසන්න කාලය තුළ එවැනි දූෂණයකට ලක් වී නොතිබුණු බවය. ඇයට මේ විනාශය සිදු වී තිබුණේ හැටන් ඩයගම ඇය විසූ පරිසරයේ දීය.

පොලිසිය කියන්නේ මේ දැරියට ලිංගික අපරාධ සිදුවූ ආකාරය ගැන සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අයුරුය. ළමා හා කාන්තා කාර්යාංශයෙන් එම පරීක්ෂණය සිදුවන බවය.

දැන්වත් මේ ඛේදවාචකයේ තරම තේරුම් ගත යුතුය. මේ දූෂණය වන්නේ, දූෂණය වෙමින් සිට මැරෙන්නේ අපේ ළමයි නොවේ. මධ්‍යම පන්තික ජීවිතයක් ගතකරන අපට අපේ දරුවන්ගෙන් දකින්නට සිහින ඇත. ඒ සිහින වෙනුවෙන් හෝ අප උන්ව රැකබලා ගන්නේය.

එහෙත් මේ රටේ බහුතරය හීන කුඩු වී ගිය තැලී පොඩිවුණු දුගී මිනිසුන්ය. සාමාජ ආර්ථික හැසිරීමේ ප්‍රායෝගිකබව හඳුනාගන්නෝ මෙතැන් සිට කියන කතාව දනිති. දුගී බවේ සංස්කෘතිය තුළ ගිල්වා දැමූ අපේක්ෂා රහිත මිනිසුන් අතර හැඟීමෙන් මෙහෙයවන තිරිසන්කම විනා ශිෂ්ඨාචාරයේ හැඩතල මතුවන්නෙ නැත. ඒ සමාජය තාත්තලාට දරුවන් අඹුකමට ගත හැකි සමාජයකි. ප්‍රතිමාන විහීන සමාජයකි. ප්‍රතිමාන බිඳවැටුණු සමාජයක කිසිම දෙයක් ඉතිරි වන්නේ නැත. ඉන් නැගෙන සාහසික කාලකණ්ණිකම වසා දැමීමට අප මොනතරම් උත්සාහ කළත් කොතැනකින් හෝ ඒ කුණු පණුවන් මතුවන්නේය.

පියාවිසින් දූෂණය කළ පසු මව විසින් අලෙවි කරමින් සිටියදී මේ රටේ සාධුවරුන් පෝලිමේ පැමිණ දූෂණය කළ දැරිය, පියා විසින් දූෂණය කිරීමෙන් පසු ගමේ සල්ලාලයන් දූෂණය කළ නාවලපිටියේ දැරිය, දූෂණය කිරීමෙන් පසු බදියුදීන්ගේ ගෙදර මෙහෙකාරකමට විකිණූ දැරිය එසේ මතුවෙමින් මේ සමාජය ගැන කියන්නේය. ඒ දැරියන් දූෂණය කරන්නට පැමිණි හාමුදුරුවරුන්, ගායකයන්, දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සිය ගණන් ප්‍රභූවරුන් අතරත් දැරියන් දූෂණය කළ පියවරුන් අතරත් මානසික තුච්ඡකමේ වෙනසක් අපට පෙනෙන්නේ නැත.

මේ සමාජයේ බහුතර නියෝජනයේ යථාර්ථය එයය. මධ්‍යම පාන්තික උද්දච්ඡ මානසිකත්වයක ජීවත්වෙමින් අපේ ශිෂ්ඨාචාරවත් සමාජයේ සංස්කෘතික ආතල් එකේ මෝහනයෙන් අප මිදිය යුතුව ඇතැයි සිතමු. කටේ කිරිසුවඳ නොගිය සිය සහජාත දියණියන් පියවරු අතින් දූෂණය වීම අහම්බයක් නොවූ සමාජයක නොවිය හැක්කක් නැති බැවිනි.

ඉතින් පිංවතුනි…. අවුරුදු දෙදාහස් පන්සියක අතීතයක් සහිත සිංහල බෞද්ධ සදාචාර සම්පන්න සංස්කෘතියක් ගැන ගොං කතා තවත් අප ඉදිරියේ නොතබන්න.
කරුණාකර ඔබේ කිරි සප්පයා දූෂණය වීමට ඇති විශාල අවදානමෙන් බේරා ගන්නා හැටි කල්පනා කරන්න.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙහිවල සත්තු වත්තේ තවත් සතුන් 4කට කොවිඩ්

Next Post

ජෝෂප් ස්ටාලින් බත්තරමුල්ලේ දොස්තරගෙන් ලක්ෂ පනහක් ඉල්ලයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

Comments 1

  1. kasunid9416 says:
    වසර 5ක් ago

    What a pitty!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.