දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සියන් දෙදෙනකු සහ ඔරන්උටන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ලිහිල් කරන ලද සංචරණ සීමාවලින් පසු 25%ක් සත්වෝද්‍යානයට ඇතුළු කරගැනීමට අවසර දී තිබුණි.
බොහෝ විට මෙම තීරණය යළිත් අත්හිටුවීමට ඉඩ තිබෙන බව ජාතික සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන්ට යම් රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර සිදුකළ පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.
මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරන්නේ එම සත්වයන් සිව්දෙනාට කොවිඩ් ආසානය වී ඇති බවට සැකකරන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සිදුවන බවය.
මීට පෙර වයස අවුරුදු 11ක් වන තෝර් සිංහයා සහ ෂීනා නමැති සිංහ ධේනුවත් කොවිඩ් ආසාදනය විය.
තෝර් සිංහයාට කොවිඩ් ආසාදනයෙන් පසු නිවමෝනියා තත්ත්වයටත් පත්විය. කෙසේවෙතත් ඔවුන් පසුව සුවය ලැබීය.