බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

නීතියට සෙල්ලම් දමා සිදුවන අක්රෙයිපත්තුවේ කලපු කොල්ලයේ මුල මැද අග

අක්කරෙයිපත්තුව වෙනම රටක් ද?. එක රටක් එක නීතියක් කී මහත්තුරු පෝලිමේ එන්න....

by editor
මැයි 27, 2021 - Updated on මැයි 29, 2021
in පරිසරය
Akkareyipaththu- Lagoon

කලපුවේ ගොඩකරන සීමා ලකුණු කරමින් ඇති අයුරු... පසුපස ඇත්තේ එසේ ගොඩකර කළ ඉදිකිරීමකි...

Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • කලපූ 03 විනාශයි…  වසර 05 ක් ඉදන් සිදු වෙනවා… කොවිඩ් එක්ක වැඩි වුණා…

  • රාජ්‍ය නිලධාරීන් විලි ලජ්ජා නැතිව ඉඩම් ජාවාරමේ… ඇතැම් ග්‍රාම සේවා නිළධාරීන්ටත් ගොඩකරපු කලපු ඉඩම්….

  • ගොඩකරපු කලපු මැදට පාරවල්, විදුලි පද්ධති, ජල නල පද්ධති….. ගොඩ කරන ඉඩම් ලක්ෂ 70යි.. 80යි….


අක්කරපත්තුව ඔරලෝසු කණුව පසුකර කල්මුණේ මාර්ගයේ මාර්ගයේ මදක් ඉදිරියට යනවිට වම්පසින් පෙනෙන්නේ ඊතලයක් යොදා ගංවතුර ආරක්ෂණ කලාපයේ ලෙස හඳුන්වන නාම පුවරුවකි.

අපි එම මාර්ග ඔස්සේ ගමන් කරමින් හිඳිමු. මේ මොන කුණුහරපයක් දැයි සිතේ. බෝඩ් ලෑලි ගසා ආරක්ෂණ කලාපයක් ලෙස ලෝකයටම ප්‍රකාශ කරන කලාපයක් කඩොලාන වනසා ගොඩ කරමින් ඇත.

මා දකින පස් පුරවා මුඩු කළ මේ බිම මීට වසර කිහිපයකට පෙර පැස්තුඩුවන්, හබන් කුකුලන් ඇතුළු අතෝරක් පක්ෂීන්ගේ නිවහන සැලසූ කඩොලාන ගහණයකි. ඒ ලකුණකුදු නොවේ. මා දකමින් සිටින්නේ කඩොලාන වනසා පස් පුරවා ඒ මත දෙමල් තෙමල් ගොඩනැගිලි තැනූ ගොඩනැගිලිය. තවත් තැනක ගොඩකල බිමෙහි ඉදි කල සහ ඉදිකිරීම කරමින් පවතින නිවාස ය.

Akkareyipaththu- Lagoon
කලපුව ගොඩකර ඉදි කිරීම් කරමින්…


සිතු මනාපේ පස් පුරවා පාරවල් සකස් කර, ඇලවල් වසා දමා මාවත් ඉදිකර ඇති අයූරුය. දැනටමත් ඉතිරිව ඇති මානෙල්, ඕලු,පන් ආදි ජලජ පැළෑටි සහිත කලපුව කට්ටි කොට , කණු සිටවා, තහඩු ගසා වට කොට සීමාව ලකුණු කර ඇති ඉඩම්ය. තවත් තැනක එසේ ලකුණු කර අල්ලා ගත් සීමාවට පස් පුරවමින් සිටින කාලකණ්ණින්ය..

මේ රට මොන රටක් දැයි සිතේ. මේ මුසල්මානුවන් ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට වෙනත් රටක දැයි කල්පනා කරමි. උන්ට නීතියක් නැත. නීතිය උන් විෂයෙහි ක්‍රියාත්මක වෙන්නේත් නැත. එක රටක් එක නීතියක් හදන්නට නැගෙනහිරට ඇවිත් ඇඟ කිළිපොළා යන පොරටෝක් දුන්නේ මේ රටේ ආරක්ෂක ලේකම්වරයා ද වෙන රටක කෙනෙක් දැයි කල්පනා කරමින් හිඳිමි.

Akkareyipaththu- Lagoon
ඕළු මානෙල් සහිත කලපුවේ වගුරු සීමා ගොඩ කිරීමට ලකුණු කර ඇති අයුරු

අක්කරපත්තුවේ කලපු ගොඩකිරීමේ මහා ජාවාරමේ කෙළවර රාජ්‍ය යාන්ත්‍රණයේද අශිෂ්ට බව ද සලකුණු වී ඇත. මේ දකිමින් ඇත්තේ ඒ අශිෂ්ඨ කතාවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කලපු තුන 

අක්කරපත්තු පොලිස්බල ප්‍රදේශයේ පිහිටා තිබෙන සම්බු, උප්පලම් සහ පිල්ලෙයාර් යන කලපු 3 අයත් වන්නේ අට්ටාලච්චේන සහ අක්කරපත්තුව ය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය වලටය. උප්පලම් කලපුව ඇත්තේ අට්ටාලචේන ප්‍රාදේශීය ලේකම් බල කොට්ඨාසයේය. පිල්ලේයාර් කලපුව අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. සම්බු කලපුව එක් කොටසක් අක්කරපත්තුවය. අනෙක් කොටස අට්ටාලචේනටය.

මහා පරිමාණයෙන් ගොඩවෙමින් ඇත්තේ මේ කලපු තුනය. මෙතැන් සිට මේ ව්‍යසනය පිළිබඳ කතා කරන්නට ඒ අශිෂ්ටත්වය අත් විඳින මිනිසුන්ට ඉඩ දෙමු.

මුලින්ම අදහස් දැක්වූයේ සක්නද සංවිධානයේ ප්‍රධාන සංවිධායක පල්ලෙවෙල මහින්ද හිමියන්ය.

මේ කලපු තුන ගොඩකරන්න ජාවාරම් කාරයෝ විවිධ උපක්‍රම යොදාගෙන තිබුණ බව අපේ අධ්‍යයනයෙන් හෙළි වුණා. දැනට මෙම කලපු ගොඩ කරලා කළ ඉදිකිරීම් හතලිහකට වැඩියි. ඒ අතර තට්ටු නිවාස කිහිපයක් තිබෙනවා. පදනමින්ම අනීතික ඉදිකිරීම්. මේ පරිසර පද්ධතිය විනාශ කරලා පස්වලින් පුරවපු ඉඩම්වලට පාරවල් හදලා දීලා විදුලිය දීලා, ජල නල පද්ධති දීලා තියනවා. කලපු පද්ති ගොඩ කිරීම ජාතික අපරාධයක්. ඒ ජාතික අපරාධයට රාජ්‍ය අනුමැතිය දෙන්නෙ කවු ද?. අපේ ප්‍රශ්නය තියෙන්නෙ එතන. හිමියෝ කියති.

Akkareyipaththu- Lagoon
කලපුව ගොඩවී තැනුණු තට්ටු නිවාස

“ලංකාවේ තියෙන්න ඕන එක නීතියයි. ඒක කොහොමද ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජාතියෙන් ජාතියට වෙනස් වෙන්නේ. අම්පාරේ සිංහල ප්‍රදේශවලට වෙනම නීතියකුත් අම්පාරේ වෙරළබඩ කලාපයේ මුස්ලිම් සහ දෙමළ පෙදෙස වලට වෙනම නීතියක් ඇයි. “ පල්ලෙවෙල හාමුදුරුවන් අහන්නේ මේ රටේ එක නීතියක් බලන්වන්ට පැමිණි පාලකයන්ගෙනි.

අක්කරෙයිපත්තුවේ මුසල්මානුවෝ කලපු ගොඩකිරීමේ ජාතික අපරාධය නීත්‍යානුකූළ කරගෙන සිටිති. ඒ තත්වය තුළ පොලිසියත් අන්ත අසරණ වී ඇති ආකාරය නීතිය ගෞරවය අපේක්ෂා කරන මිනිස්සු අපිට කියති.

සිදුවෙමින් ඇති අනීතික කටයුත්තට එරෙහි ප්‍රදේශවාසීයෙක් අපට මේ කතාව කියන්නෙ සිය අනන්‍යතාවය හෙළි නොකිරීමේ පදනමිනි.

“ඉස්සර භූවිද්‍යා දෙපාර්තමේන්තුව කට්ටිය පස් ප්‍රවාහනයට අවසර දුන්නේ ගොඩබාන ස්ථානයත් සඳහන් කළාට පස්සෙ. දැන් එහෙම දෙයක් නෑ. ඕන තැනක ගොඩබාන්න පුලුවන්. “

Akkareyipaththu- Lagoon
ගොඩ කිරීමට පස් ගොඩවල් දමා ඇති ආකාරය…

ඉඩම ගොඩකරන්න ලක්ෂ 5ක් අල්ලස් දීලා ලක්ෂ 50කට විකුණනවා..

“මුලින්ම මේ මිනිස්සු කලපුව කුඹුරක් කරගෙ කුඹුරු කරනවා. පස්සෙ කුඹුර වගා කරන්න බෑ කියලා ගොඩ ගොවිතැනකට කියලා මාරුවෙලා පුරවගන්නවා. සල්ලි තියනවා නම් ඔය හැම ආයතනයකින්ම බලපත්‍ර ගන්න පුලුවන්. එහෙම ගොඩකරලා ඉඩම් ලක්ෂ ගණන්වලට විකුණනවා. ගෙවල් හදනවා. මේ ඉඩමක් ගොඩකරගන්න ඕන කරන බලපත්‍ර හදාගන්න වියදම් කරන්න ඕන ලක්ෂ 4යි. නැතිනම් 5යි. ගොඩකලාට පස්සේ ඉඩමෙ වටිනාකම ලක්ෂ හැටයි.. හැත්තෑවයි… මේ ජාවාරම් විපාක කොතනින් කෙළවර වෙයිද කියලා කියනන් දන්නෙ නෑ මහත්තයා…“ . මේ මනුෂ්‍යයා කියන්නේ මහත් කම්පනයකිනි. පරිසරය සමග කෙළින මේ සූදුවේ නියත වින්දිතයන් වන්නේ මේ ප්‍රදේශයේ සම්ප්‍රදායික ජීවිත ගත කරන ගැමියන් බව ඔවුහු දනිති.

මේ පිළිබඳව අප කළ විමසුමක දී අම්පාර භූවිද්‍යා ඉංජිනේරු එච් .ඒ.සී කේ. ඩබ්ලිව් බණ්ඩාර පවසන්නේ එසේ පස් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලිහිල් කිරීම කර ඇත්තේ ඉහළින් පැමිණි උපදෙස් පිට බවය. බලපත් නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාල ආයතන වල නිර්දේශ මත. එම නිර්දේශයන් නිසි පරිදි වෙනවා නම් මේ හානිය වෙන්නෙ නෑ.

අක්කරෙයිපත්තුව  වෙනස් රටක් ද?

ගම්පහ නාරද හිමියන් සක්නද සංවිධානයේ සභාපතිය. උන්වහන්සේ මතු කරන්නේ මේ රටේ පොදු නීතිය පිළිබඳ කාරණාවකි.

“ලංකාවේ කුඹුරු ගොඩ කිරිමේදී ලංකාවේ නීති රීති පද්ධතියක් තිබෙනවා . අම්පාර නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්තුමිය මේ පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල ගැටලුවක් මතුවෙලා තිබෙනවා .අක්කරපත්තුවේ මේ ආකාරයට කුඹුරු ඉඩම් ගොඩ කරන්නේ කෙසේද? මේවාට අවසර දුන්නේ කුමන ආකාරයට ද? අක්කරපත්තුවේ කුඹුරු ඉඩම් කොපමණ ප්‍රමාණයකට පොහොර සහනාධාරය දෙනවාද? එසේ දුන් වගාකළ කුඹුරු ඉඩම් කොපමණ ගොඩ කර තිබෙනවාද? ඒ ගැන සොයා බලන්නේ නැත්තේ ඇයි?. මේවා අපට තියන පොදු ප්‍රශ්න..“

“අක්කරපත්තුවේ, අට්ටාලචේන රාජ්‍ය සේවයේ යෙදෙන වෙරළ සංරක්ෂණය, වාරිමාර්ග, ගොවිජන සේවා, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින රාජ්‍ය නිලධාරීන්ගෙ අනුමැතිය නැතිව මේ කටයුතු කරන්න බෑ. ඇත්තටම මහත්තයො… විලි ලජ්ජයි.. අපි ඉන්නෙ ගෝත්‍රික රටක ද?“ උන්වහන්සේ විමසති.

Akkareyipaththu- Lagoon
ගම්පහ නාරද, පල්ලේවෙල මහින්ද හා කිරිඳිවෙල සෝමරතන හිමිවරු

නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මහාවාපි මහා විහාරයේ විහාරාධිපති කිරිඳිවෙල සෝමරතන හිමියෝ මේ රටේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරති.

“ මේ පරිසර විනාශයට මේ රට කරවන මහත්තුරු අවධානය යොමු කරන්න… රටේ නීතිය අතට අරන් ආණ්ඩුව කරන්නෙ ජාවාරම් කාර රාජ්‍ය සේවකයො ද?. ඇයි අම්පාර සිංහල පිරිසට එක නීතියක් අම්පාරේ අනිත් ජන කොට්ඨාස වෙනම නීතියක් හැදෙන්නෙ කොහොම ද?. නිල බලය මේ තරම් අශිෂ්ට විදිහට පාවිච්චි කරන්න පුලුවන් ද?. මේ ජාතික අපරාධ සිදු කරන්නේ දෙන්න එපා. නීතය අවභාවිත කරලා මේ කරන අපරාධයට නිසි අවධානය යොමුකරලා රජය ක්‍රියා නො කළහොත් ඒ පිළිබඳව අපි නැගෙනහිර පළාතේ මහා සංඝරත්නය විදිහට හඬක් නගනවා. මේ අපරාධයට එරෙහි වෙනවා.“

පොලිසියත් අසරණ කරන නිලධාරී මාෆියාව…

කලපුව ගොඩකර සීමා වෙන් කරගෙන පැති බැමි බඳීමට සූදානම් වෙමින්…

එහෙත් පොලිසිය නිරන්තරව මේ ජාවාරමට එරෙහිව කටයුතු කිරීම අස්වැසිල්ලකි. අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ මඟ පෙන්වීමෙන් , අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක ගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාරගේ අධීක්ෂණයෙන් අක්කරපත්තු පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම කලපු ජාවාරම පසුපස හඹා යති. ඔවුනටත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ. මේ ජාවාරම් කරුවන් නීතියට දමා ඇති වංගුව ඒ තරම්ම සියුම්ය.

අක්කරපත්තුව සුරැකීමේ සංවිධානයේ ලේකම් එච්. සමන් ය. මේ තත්වය ලේකම්වරයා අපට පැහැදිලි කළේ මෙසේය.
“මේ කලපු ගොඩ කරන එක අල්ලන්න කටයුතු කරන්නෙ අක්කරපත්තු පොලිසිය පමණයි. පොලිසිය එනවද බලන්න පොලිසිය ළග ඉඳන් පස් බාන තැන දක්වා ඔත්තුකාරයන් කු 20ක් විතර කුලියට දාලා ඉන්නෙ. එහෙම ලොකු මුදලක් වියදම් කරලා තමයි මේ කට්ටිය කලපු ගොඩ කරන්නේ. “

අනෙකුත් රාජ්‍ය ආයතන මේ සඳහා බලපත්‍ර ලබා දෙමින් නීතිමය රාමු සකස් කරන දීලා තියෙද්දි පොලිසියට කරන්න දෙයක් නෑ. පොලිසියෙන් මේ වනවිට දෙසීයකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලින් අත්අඩංගුවට අරන් උසාවි දාලා තියෙනවා. ඒ වාගේම ට්‍රිපර් රථ 150ක් පමණ අත් අඩංගුවට අරන් තියෙනවා. ජේ සි.බි. 20 වැඩියෙන් අල්ලලා තියෙනවා. ඒත් මේ අපරාධකාරයන්ට අවශ්‍ය නෛතික ආරක්ෂාව අනික් රාජ්‍ය නිලධාරීන් හදලා දීලා තියනවා. අඩුම තරමේ ඒ රාජ්‍ය ආයතන පොලිසියට මේක කලපුව කියලා කටින් කිව්වට එය ලිඛිතව ලබා දෙන්නේ නැහැ. ලිඛිතව ඉදිරිපත් කරන්න සාධක නෑ. ඒ නිසා බොහෝ නඩු ඉවත් වෙනවා. හැබැයි කලපු ගොඩ කරන අය රාජ්‍ය ආයතන වලින් විවිධ ලියකියවිලි තමන්ගේ, තමන්ගේ කියලා ඉදිරිපත් කරනවා. මේක මහ ඛේදවාචකයක්. “

Akkareyipaththu- Lagoon
කලපුව ගොඩකර ජලය විදුලිය සහිතව ස්ථාපිත කර ඇති මහා පරිමාණ ඉදිකිරීමක්…

“ගිය අවුරුද්දේ අක්කරපත්තු පාදේශිය ලේකම් කාර්යාලයේ දී අදාළ සියලුම රාජ්‍ය ආයතන එක්ක පොලිසිය සාකච්ඡා කරලා තිබ්බා. එහිදී පොලිසිය ඉල්ලීමක් කළා කලපු බිම් ටික වෙන් කරල සීමාවන් දාලා දෙන්න කියලා. අවුරුද්දක් ගියා. වැඩේ වුනේ නෑ… මේ ජවාරම මොනතරම් සැලසුම් සහගතද කියලා ඔබට තේරෙනවා ඇති. ලේකම් වරයා කියන්නේය. අයෙක් කීවේ මේ ජාවාරම පිටුපස මුස්ලිම් ක්‍රොංග්‍රස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ද සිටින බවය. කලපු , කුඹුරු ගොඩ කිරීම සම්බන්ධව අම්පාර ගොවිජන සේවා සේවා නියෝජ්‍ය කොමසාරිස්වරිය සම්බන්ධ කරගැනීමට දුරකථනයෙන් උත්සාහ කළ ද එතුමිය අපට කතා කරන්නෙ නැත.

අම්පාර මහදිසාපති තුමාගේ උත්තරය

අම්පාර මහා දිසාපති ඩි.එම්.එල්. බණ්ඩාරනායක කියන්නේ නැගෙනහිර පළාතේ කලපු පිළිබඳව ගැටලු තබෙන බවය.

“කලපු මුල් සිතියම් අනුව මැන වෙන් කල යුතුයි. ඒ අනුව සොයා බලා ඒවා නිසි පරිදි වෙන්කර අදාල කලපු වල ගොඩනැගිලි ඉදිරිපත් ඉදිකර තිබේ නම් ඒවා රාජසන්තක කළ යුතුයැයි මං මීට පෙරද දිසාපතිවරුන්ගේ සමළුවේ දී පවසා සිටියා. ඒ සඳහා විමර්ශනයක් කළ යුතුයි..

“ඒ සමග මා අදාළ රාජ්‍ය නිලධාරීන්වරුන්ට මට ලැබෙන පැමිණිලි පිළිබද විමර්ශනය කරන ලෙස දැනුම් දුන්නා. ඉදිරියේ දී මෙම කලපු ගොඩකිරීම සම්බන්ධව අදාළ අංශ සමග එක්ව සොයා බලා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මේ බලපත්‍ර ලබා දීම පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා. අදාල රාජ්‍ය නිලධාරීන් සමග මෙම කලපු ප්‍රදේශය ඉදිරියේදී විශේෂ විමර්ශනයක් කරන කරනවා.“

අවසාන වශයෙන් දිසාපති වරයා දෙස රටක් ලෙස අපි බලාගෙන සිටින බව ලියා තබමු.Akkareyipaththu- Lagoon

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීත්‍යානුකූලව ජපානයට හැටි

Next Post

සමුද්‍ර ජීවින්ට හානි සිදු වූ බවට තවම තොරතුරු නෑ… විනාස වූ වෙරළ නාවික හමුදාවෙන් පිරිසිදු කරයි…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.