බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

කලු කොටියා සමුගනී…

by editor
මැයි 29, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

හැටන් නල්ලතන්නි ලක්ෂපාන වතු යායේ මද්දකට හසුවී සිටියදී වන ජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කලු කොටියා මියගොස් තිබේ.

අවසන් ගමන

දඩයක්කරුවෙකු විසින් අටවන ලද මද්දකට හසු වීමෙන් ගෙලටත්, ඉදිරි පාදයටත් බරපතල තුවාල සිදුවී තිබියදී වන ජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා නිර්වින්දනය කොට ප්‍රතිකාරක සඳහා මෙම කලු කොටියා රන්දෙණිගල රජයේ පශු වෛද්‍ය රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ප්‍රතිකාර කර ඇත. නමුත් තත්ත්වය  යහපත් නොවන බැවින් වැඩි දුර ප්‍රතිකාර සඳහා උඩවළව ඇත් අතුරු සෙවණට රැගෙන ගිය ද මෙම දුර්ලභ සත්ත්වයා අද (29) එහිදී මියගොස් තිබේ.

අනතුරට පත් වූ මොහොතේ පටන් මිය යනතුරු මෙම වටිනා සත්ත්වයාගේ දිවි රැක ගන්නට මහත් පරිශ්‍රමයක් දැරූවද එයින් එම සත්ත්වයාට ජීවය නොලැබුණි.

ලෝකයේ කොටි විශේෂ 8 ක් අතරින් ශ්‍රී ලංකාවේ කොටියා සුවිශේෂ වේ. එයින් ද බ්ලැක් පැන්තර් (Black Panther) ලෙස හැඳින්වෙන මෙම අතිශය දුර්ලභ කලු කොටියා සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යන සත්ත්වයෙකු බැවිනි. මීට පෙර පිටදෙනිය මාඋල්දෙනිය ප්‍රදේශයේ උගුලකට හසුවී මියගොස් සිටියදී හමුවූ කලු කොටියා මෙරට අවසන් කලු කොටියා ලෙස සැළකුණි. එම කලු කොටියාගේ සම සංරක්ෂණය කොට ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ අනුරුවක් සකසන ලදී.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ පර්යේෂණ සිදු කළ වන ජීවී දෙපාර්තමේන්තුවේ මාලක අබේවර්ධන මහතා හා මනෝජ් අකලංක මහතා විසින් ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් ලබා ගත් කැමරා සහ තාක්ෂණික උපකරණ යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයකදී සිරිපා අඩවියෙන් කලු කොටියන් පිළිබඳ සජීවී රූප රාමු ලබා ගන්නා ලද්දේ 2019 ඔක්තෝබර් 26 වැනිදා ය. කැලයේ අටවන ලද දුරස්ථ චලන ස්ංවේදී කැමරාවක එදින කලු කොටියා ජීවමාන වූයේ ලෝක වන ජීවී ක්ෂේත්‍රයේ අද්විතීය සොයා ගැනීමක් ද ලෙසිනි.

වන ගහනයෙන් යුතු සීත පරිසරයේ අඳුරු ස්වභාවයත්, අඩු උෂ්ණත්වයත් හේතුවෙන් ශරීර වර්ණයට අදාළ වර්ණ දේහ නිලීන වීමෙන් හා මෙලනින් වර්ණකය වැඩිවීමෙන් කලු පැහැ ගත් මෙම කලු කොටියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පැන්තරා පාඩුස් (Panthera Padus) කොටියා යන උප විශේෂයේ ම වර්ණ ප්‍රභේදයකි. මෙම කලු කොටියා සමග තවත් පටවුන් දෙදෙනෙක් හා ධේනුවක් ද සිටින බව අනාවරණය කෙරිණි.
එම සොයා ගැනීමෙන් පසු මාධ්‍ය මගින් සිදු කළ ප්‍රසිද්ධිය මෙම වටිනා දුර්ලභ කලු කොටියාගේ මරණයෙහි ආරම්භය සනිටුහන් කෙරිණි. වතු ආශ්‍රිතව ජීවිකාව ගෙන යන ජනයා එතැන් පටන් තම ජීවිකාව ගෙන යන ලද්දේ මහත් බියෙනි. කොටි ඉව සොයා යන දඩයක්කරුවන්ට ද එම පුවත මහත් හෝඩුවාවක් විය.
එම හෙළිදරව්ව සිදු කළේ නම් එම සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මීට වඩා දැඩි විය යුතුව තිබුණි. එම සතුන්ට නිදහසේ ජීවත්වීමට තරම් ්සුරක්ෂිත බවක් තිබුණේ නම් මෙම වටිනා පාරිසරික ජීවියාට මෙවන් විපතක් අත් නොවනු ඇත. අද දවසේ වුවද මෙම දුර්ලභ සත්ත්වයාගේ දරු පවුල සිටිනුයේ දැඩි අවධානමක ය. මිය ගිය පසු වටිනාකම් පිළිබඳ පුරසාරම් හා ළසෝ ගී නොගයා වටිනා වන ජීවීන් රැක ගන්නට බලධාරීන් වග කිවයුතු ය.

Tags: විශේෂ
Share78Tweet43
Previous Post

අවුරුදු 35 කලින් පකිස්තාන් පැටවූ “කාවන්“ අලියා ලංකාවට යළි එන ලකුණු

Next Post

අයි.සී.සී රහස් එළියට ගිහින්… ඔස්ට්‍රෙලියාවට හා ඉන්දියාවට චෝදනා…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.