බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

  දස වධයට ලක් වන්නේ බෙල්ලන්විල  මියන් කුමාර  ඇතා ද?..

by editor
මාර්තු 16, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

දස වදයට ලක් කළ ඇතෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ. හෙණ්ඩුවෙන් ඇණ බිම පෙරළා වධයට ලක් කරන මේ ඇතා ගැන  හඳුන්වා දීමේදී කියැවුනේ මේ බෙල්ලන්විල පන්සලේ ඇතා බවය.

එම වීඩියෝව පහතින් දැක්වේ.

බෙල්ලන්විල පන්සලේ සිටි ඇත් පැටවා මියන් කුමාරය. මියන් කුමාරට ඒ නම තබන්නේත් බෙල්ලන්විල  නා හිමියන්ය.  මියන්මාරයේ යැන්ගුන් නුවරින් මෙම ඇත් පැටවා තෝරා ගන්නේත් නායක හිමියන්ගේ මැදිහත් වීමෙනි. ඇත් පැටවා ලංකාවට රැගෙන එන්නේ වර්ෂ 2013 ජූලි 04 වැනිදා ගුවන් මගිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එදා සිට නා හිමියන් දකිමින් උස් මහත් වුණු මියන් කුමාර ඇත් පැටවාගේ  පහර කෑමට   බෙල්ලන්විල නා හිමියන් ලක් වන්නේ වර්ෂ 2018 පෙබරවාරි 02 දා සිකුරාදාය. පසුදා, එනම් 2018 පෙබරවාරි 03 දා සිකුරාදා උන්වහන්සේ අපවත් වූහ

මියන්කුමාර ඇත් පැටවාට ආහාර දෙන බෙල්ලන්විල නා හිමි…

මේ ඇත්පැටවා ගැන මතකය ටික ටික ජන සමාජයෙන් ඈත් වුවත් මෑතක දී යළිත් කරළියට එන්නේ වදයට ලක් කරන ඇතෙකුගේ වීඩියෝවත් සමගිනි. ඒ වීඩියෝවේ කියැවෙන්නේ වදයට ලක්වෙමින් ඇත්තේ බෙල්ලන්විල පන්සලේ සිටි මියන් කුමාර හස්ථියා බවය.  නා හිමියන් ඝාතනය කිරීම නිසා ඇති වූ වෛරය පිරිමසා ගැනීමට මේ තිරිසන් සත්ත්වයාට වද දෙන බව ඒ විඩියෝ සංස්කරණයේ ප්‍රකාශ විය.

ඇත්තටම සිදුවූයේ කුමක් ද?. ලංකාසර අපි මුලින්ම විමසුවේ මේ අපරාධය සඳහා දැනට සමාජය විසින් චූදිත කර ඇති බෙල්ලන්විල පන්සලේ පරිපාලන අංශය ය.

බෙල්ලන්විල විහාරස්ථාන ලේකම් ධුරයේ කටයුතු කරන්නේ ලසන්ත දර්ශන රත්නායකය. ඔහු අපට මෙසේ කීවේය.

බෙල්ලන්විල විහාරස්ථානයේ ෂෙයා වෙන වීඩියෝව කලකට ඉහතදීත් මේ ලෙසම අන්තර්ජාලයෙ හුවමාරු වුණා.    මේකෙ ඉන්නෙ අපේ ඇතා නෙමෙයි. මෙහෙම සතෙකුට වද දීම මොනම පදනමකින්වත් අනුමත කරන්නෙ කොහොම ද?. අපිත් මේ හිංසනය හෙළා දකිනවා…

මේක විහාරස්ථානයක්. මේ තරම් අමානුෂික විදිහට සතෙකුට හිංසා කරනවා නම් අපට මේ පන්සල මේ විදිහට පවත්වාගන්න වෙන්නෙ නෑ.  අපි ඒ තරම් අමානුෂික නම්   මිනිස්සුම විරුද්ධ වෙලා අපිව මෙතනින් ඉවත් කරයි.

මියන් කුමාර ඇතා…

බෙල්ලන්විල විහාරවාසී බෙල්ලන්විල සංඝරතන හිමියන් මේ සම්බන්ධව අපට දැක්වූයේ මෙවැනි අදහසකි.

“ මේක අතිශය අශිෂ්ට අපරාධයක්. මේ රූප රාමුවල ඒ අපරාධයට ලක් වෙන්නෙ අපේ ඇතා නොවෙයි.  අදාල සිද්ධිය සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් නායක හාමදුරුවො ඉදිරියෙදි කරයි.  මේ මිනිස්සුන්ගෙ මනස වෙනත් පැත්තකට හරවන්න සකස් කරන ලද  ව්‍යාජ වීඩියෝවලින් කරන හානිය ඉතාම බරපතලයි.

හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරණාරත්නය. අපි දම්සිරි කරුණාරත්න විමසුවෙමු. ඔහු කීවේ මෙවැනි කතාවකි.

“ඊයේ සහ අද දිනයේ හැම විනාඩි පහකට සැරයක්ම කවුරු හරි කතා කරලා අලියට හිංසා කරන අන්තර්ජාලයේ හුවමාරුවන වීඩියෝව ගැන මගෙන් විමසනවා.“

“මිනිස්සු සංවේදීවන කාරණාවක් මතුවෙලා. ඇතැමුන් ඇතැම්විට තෘප්තියක් ලබා ගන්නෙ එය ආර්ථිකමය වාසියකටත් පෙරළා ගනිමින්. මේ එවැනි දෙයක් වෙන්න පුලුවන්. මොකද ඇත්තුන්ට හිංසා කරන වීඩියෝ දර්ශන අලුත් අවුරුදු කාලයත් පෙරහර කාලයත්, එහෙමත් නැතිනම් වෙන උත්සව කාලයක් ලං වෙනකොට ප්‍රචාරය වීම   සාමාන්‍ය සංසිද්ධියක්…“

“මේ හරහා මිනිසුන්ගෙ හිතේ විහාරස්ථානයේ පිරිස් පිලිබඳ වෛරී හැඟීම් ඇති කරලා තියනවා. ඇතාගෙ ප්‍රහාරයෙන් නායක හාමුදුරුවො මිය ගිය නිසා ඊට පලිගැනීමක් විදිහට ඇතාට හිංසා කරන බවක් තමයි අඟවන්න උත්සාහ කරලා තියෙන්නේ.“

“අලි ඇතුන් සමග ගනුදෙනුවේ දී හැම වෙලාවෙම මිනිස්සු වන අපි බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. උදාහරණ විදිහට මෙහෙම කියන්න කැමතියි. “

“නිරංජන් විජේරත්න දියවඩන නිලමේ වරයාගේ කාලයේ ඉන්දියාවෙන් කාවේරි රාජා ගෙනාවා.  ඉන්දියාවේදි උදෑසන ඒ අලි පැටියට ධාන්‍ය ගුලි 10ක් දුන්න පුරුද්ද දිගටම පවත්වාගෙන යන්න දියවඩන නිලමේ වරයා එයාගෙ ගෙදර මුළුතැන්ගේ ලඟම තියාගෙන හැමදාම උදේට ධාන්‍ය ගුලි දහය එයා අතින්ම දුන්නා.“

“දවසක් හිටි හැටියේ ඇත් පැටියා ධාන්‍ය ගුලියක් ගන්න අතරෙ කරපු කලබලයකින් නිලමෙ ගෙ මූණෙ දළේ ඇනුනා. සුව වෙන්නතත් කාලයක් ගියා. පසුව ඉන්දියාවට කතා කරලා හේතු හොයලා බැලුවා ඇයි කියලා. පසුබිම ඇහුවාම ඒ අය කියලා තිබුණා මේ ඇත් පැටියා පූසන්ට බයයි කියලා. “

“නිලමෙ ධාන්‍ය දෙන වෙලාවෙ ගෙදර පූසා ඒ ලඟට ඇවිත්. හැම සිද්ධියක්ම පිටිපස්සේ ඔයවගේ හේතුවක් තියනවා. ඒ නිසා ඒ මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව පලිගන්න හෝ තරහා ගන්න හෝ ඔවැනි කටයුත්තක් සිදුකරන්න හෝ තරම් මේ මිනිස්සු පහත් තත්වයට වැටිලා නෑ කියලා කියන්න මට පුලුවන්.“

“ලංකාවෙ ඉන්න ඕනම අලි ඇතෙක් ඇත්ගොව්වාගෙන් මිදිලා හාමුපුතා ලඟට ගියාම යම් ආකාරයක නිදහස් මානසිකත්වයක හැසිරෙන්නෙ.“

හිංසනයට පත් වී ඇත්තේ බෙල්ලන්විල ඇතා නොවෙන්නට පුලුවන. එහෙත් කුමණ හෝ අසරණ සත්ත්වයෙක් අන්ත වදයට පමුණුවමින් ඇත. ඒ අපරාධකරුවා සොයා දඬුවම් දිය යුතු බව අවධාරණය කළ යුතුව තිබේ.

එදා බෙල්ලන්විල නා හිමියන්ට  සිදුවූ දේ ඇත්ගොව්වා  පැවසූ අයුරු…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චිකාගෝ නුවරදී විශිෂ්ට කාන්තාවන් 20ට තේරුණු හිටපු කොටි සාමාජිකාවකට වෙඩි ප්‍රහාරයක්..

Next Post

වාහන පර්මිට් දෙන්න හිතන්නත් කලින් මන්ත්‍රිවරු සල්ලි අරන් !

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.