දිනසේන රතුගමගේ –
කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ රාජී පැටීසන් නැමැත්තියට සන්නද්ධ පිරිසක් විසින් ඇමරිකාවේදී 15 දා වෙඩි තැමීම නිසා ඇය තුවාල ලබා තිබේ.
ඇමරිකාවේ චිකාගෝ සිට ඇය සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගනකම් වීදුරු පසාරු කරගෙන ගිය එක් උණ්ඩයක් පමණක් ඇගේ හිස ප්‍රදේශයට වැදී තිබේ.
ඇමරිකාවේ චිකාගෝ නුවරදී විශිෂ්ඨ කාන්තාවන් 20 දෙනෙකු සදහා සම්මාන උළෙලක් පවත්වා ඇති අතර තුවාල ලැබූ තැනැත්තියට ද සම්මානයක් හිමි වූ බැවින් එය ලබා ගැනීම සඳහා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ඇය ලක් වී තිබේ.