එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ “අන්‍යෝන්‍ය” වෙළඳ ප්‍රතිපත්තිය යටතේ අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30 ක තීරුබද්දක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව එහි ආර්ථික පුනර්ජීවනයේ තීරණාත්මක මොහොතකට මුහුණ දී ඇත.
වෙළෙඳ ශේෂ ගැලපුම මත ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු නායකයා යෝජනා කළේ සියයට 44ක තීරු බද්දකි. එය සියයට 30 දක්වා අඩුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේය. රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් බලපෑමට ලක් වූ ජාතීන් අතර වඩාත්ම සැලකිය යුතු කප්පාදුවක් සිදුකරගන්නේ ශ්‍රි ලංකාවය. එහෙත් තවමත් ගැටලුව එතනමය.
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ජාතිය මත 30% ක තීරුබදු පැනවීම හේතුවෙන් එහි විශාලතම ප්‍රතිවාදීන් කිහිප දෙනෙකුට අවාසි සහගත තත්ත්වයකට පත් වූ බව සැබෑය. එක්සත් ජනපදය සමඟ වෙළඳාම් කිරීමේදී ශ්‍රී ලංකාව සමග තරඟ කරන බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි අනෙකුත් බොහෝ රටවලට වඩා තීරු බදු අනුපාතයක් තුළ යම් සැනසීමක් ඇති බව සැබෑය. එහෙත් සියයට 20 ක තීරුබදු පමණක් ඇති වියට්නාමය වැනි තරඟකාරී රටවල් ඉදිරියේ බරපතල අවදානමකට මුහුණ පෑමට නියමිතව ඇත. ඒ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය එක්සත් ජනපද රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමේ වැඩසටහනකය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40% ක් පමණ එක්සත් ජනපදය සතුය. පසුගිය වසරේ ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 1.9 ක් පමණ වූ බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි.. මේ කර්මාන්තය තුළ සෘජුවම සේවකයින් 300,000 ක් පමණ සේවයේ යෙදෙති. ඔවුන්ගෙන් අති බහුතරය කාන්තාවන්ය.
රජයේ ප්‍රධාන උපාය මාර්ගය වන්නේ අත් නොහරින සාක්ඡාවය. “ශ්‍රී ලංකාව සඳහා හොඳම අනුපාතය ලබා ගැනීම අපගේ අභිප්‍රායයි, එබැවින් අපි සාකච්ඡා ඉදිරියට ගෙන යන තුලනාත්මක ක්‍රියාවක යෙදි සිටිමු,” ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව වාර්තාකරුවන්ට පැවසීය.
එහෙත් එය පහසු නැත. ඇමරිකා එක්සත් ජනපදය මේ යන්නේ ස්වකීය ප්‍රධාන ආර්ථික ප්‍රතිවාදීන්ට ද ප්‍රහාර එල්ලකරමින් යන ගමනකි. ඩේලි මිරර් වාර්තා කරන ආකාරයට අන්‍යෝන්‍ය තීරු බදු අඩු කිරීම සඳහා වන සාකච්ඡා පැවැත්වීමේදී, එක්සත් ජනපද බලධාරීන් චීනය සමඟ වෙළඳාම් කිරීම සඳහා යම් යම් සීමාකාරී පියවර යෝජනා කර තිබේ. එහෙත් එම යෝජනා ප්‍රතික්ෂේප කර ස්වකීය මධ්‍යස්ථ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය මත පිහිටා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තරම් පෞරුෂයක් සාකච්ඡාවේ නිරතවෙමින් සිටින ශ්‍රී ලාංකික නියොජිතයන්ට තිබී ඇත.
අගෝස්තු අවසාන දිනයට පෙර තවදුරටත් මෙම බදු ප්‍රමාණය අඩු කිරීම් ඉලක්ක කර ගනිමින් කොළඹ වොෂින්ටනය සමඟ ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහත් තහවුරු කළේය. මේ තත්ත්වය ඊයේ පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ද සිල්වා පැහැදිලි කළේය. ඔහු කීවේ තව සති දෙකකට වැඩි කාලයක් ඉතිරි වී ඇති බවත් ඒ කාලය තුළ ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමකට ඇතුළත් වීම සඳහා හැකි උපරිම රාජ්‍ය තාන්ත්‍රික් උත්සාහයක නිරත වී සිටින බවත්ය.
තීරු බදු අඩු කරගතහැකි ක්‍රමවේදයක් ට්‍රම්ප් සිය ශ්‍රී ලංකාවට පෙන්වා දී ඇත. එනම් ශ්‍රී ලංකා ව්‍යාපාර එක්සත් ජනපදය තුළ නිෂ්පාදන කාර්යයන් තෝරා ගන්නේ නම්, එවැනි ව්‍යාපාර සඳහා කඩිනම් අනුමැතිය ලබා දෙන බවට බවටත් තීරු බදු අඩු අය නොකිරීම දක්වා එය ඉහළ ඔසවා තැබිය හැකි බවටත් දෙන පොරොන්දුවය. එය කෙතරම් දුරට අපට සමීප දැයි වැටහෙන්නේ නැත. කෙසේ වෙතත් මේ අර්බුදයට පිළිතුරු සෙවීම සඳහා රජය විකල්ප සොයමින් සිටින බව පෙනේ. එකක් නම් වෙළෙඳ විවිධාංගීකරණය සඳහා ප්‍රවේශ සෙවීමය. එය කිසිසේත්ම කෙටි කාලයකින් සඵල කරගත හැකි ආර්ථික විකල්පයක් නොවේ. එහෙත් නව අපනයන වෙළඳපොළ විවෘත කිරීමට රජය ස්වකීය උත්සාහයන් වේගවත් කරමින් සිටියි.
ඉන්දියාවෙන් අනපේක්ෂිත තර්ජනයක්?
දැනට ඇති අර්බුදය වන්නේ අහිතකර තීරුබදු මාරුවීම් දිගටම පැවතුනහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 1.5 දක්වා අඩු විය හැකි බවට සිදුකර ඇති පුරෝකථනය ය.
මේ වනවිට කලාපීය වෙළෙඳ තරගය තීව්‍ර වී තිබේ. ඉන්දියාවේ අවසන් තීරු බදු ප්‍රතිශතය පිළිබදව ඇමරිකාව තවමත් ප්‍රකාශ කර නැත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඇති ලොකුම තර්ජනය ඉන්දියාව විය හැකිය.
“කලාපීය දැවැන්තයා ලෙස ඉන්දියාව ක්‍රීඩාව වෙනස් කරන්නෙකු විය හැකිය. ඔවුන්ගේ (තීරුබදු) වියට්නාමයට සමාන නම්, බලපෑම සැලකිය යුතු වනු ඇත,” සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් හි රේනල් වික්‍රමරත්න රොයිටර් වෙත පවසා තිබිණි.
2025 මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කළ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 747 ක් විය. ය පසුගිය වසර පුරාවට එක්සත් ජනපදයට කළ ඇඟලුම් අපනයනය වූ ඩොලර් බිලියන 1.9 කි. සහ ලොව පුරා ඩොලර් බිලියන 4.8 ක් හා සසඳන විට එම අපනයන ප්‍රමාණය රටේ තුන්වන විශාලතම විදේශ මුදල් ප්‍රභවයයි.
ඉන්දියාව මැණික් සහ තේ සඳහා එක්සත් ජනපද වෙළඳපොළවල වාසියක් ලබා ගැනීමට සූදානමින් ඇත. උපායමාර්ගික රාජ්‍ය තාන්ත්‍රිකභාවය, පුළුල් වූ වෙළඳ හවුල්කාරිත්වයන් සහ IMF වැනි ජාත්‍යන්තර ආයතනවල අඛණ්ඩ සහයෝගය සමඟ, ආර්ථිකයට අනුවර්තනය විය හැකි අතර යථා තත්ත්වයට පත්වීමේ මාවත ඔස්සේ වෙනස්වන විචල්‍යයන් සමග අසීරු ගමනක් අප ඉදිරියේ තිබේ.
රටක අභිවෘද්ධිය තමන්ගේ සිහින නායකයා හරහාම ඉටුකරගත යුතු යැයි හිතන දුගී ජන පිරිසක් සහිත සමාජයක අවස්ථාවාදී දේශපාලනය විසින් හසුරුවනු ලබන ගොහෝරුවේ හිඳිමින් ඒ ගමන කොපමණ අසීරුදැයි අපි සිතමින් සිටිමු.







