සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තීරු බද්ද ගැන ලංකාව ඇතුළු රටවල් සමග කරන සාකච්ඡා තුළ චීනයටත් ෂොට් එක දෙන්න යන ට්‍රම්ප්ගේ අමුතු ගේම….

by editor
ජූලි 12, 2025
in සමාජ

Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ “අන්‍යෝන්‍ය” වෙළඳ ප්‍රතිපත්තිය යටතේ අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30 ක තීරුබද්දක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව එහි ආර්ථික පුනර්ජීවනයේ තීරණාත්මක මොහොතකට මුහුණ දී ඇත.

වෙළෙඳ ශේෂ ගැලපුම මත ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු නායකයා යෝජනා කළේ සියයට 44ක තීරු බද්දකි. එය සියයට 30 දක්වා අඩුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේය. රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් බලපෑමට ලක් වූ ජාතීන් අතර වඩාත්ම සැලකිය යුතු කප්පාදුවක් සිදුකරගන්නේ ශ්‍රි ලංකාවය. එහෙත් තවමත් ගැටලුව එතනමය.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ජාතිය මත 30% ක තීරුබදු පැනවීම හේතුවෙන් එහි විශාලතම ප්‍රතිවාදීන් කිහිප දෙනෙකුට අවාසි සහගත තත්ත්වයකට පත් වූ බව සැබෑය. එක්සත් ජනපදය සමඟ වෙළඳාම් කිරීමේදී ශ්‍රී ලංකාව සමග තරඟ කරන බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි අනෙකුත් බොහෝ රටවලට වඩා තීරු බදු අනුපාතයක් තුළ යම් සැනසීමක් ඇති බව සැබෑය. එහෙත් සියයට 20 ක තීරුබදු පමණක් ඇති වියට්නාමය වැනි තරඟකාරී රටවල් ඉදිරියේ බරපතල අවදානමකට මුහුණ පෑමට නියමිතව ඇත. ඒ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය එක්සත් ජනපද රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමේ වැඩසටහනකය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40% ක් පමණ එක්සත් ජනපදය සතුය. පසුගිය වසරේ ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 1.9 ක් පමණ වූ බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි.. මේ කර්මාන්තය තුළ සෘජුවම සේවකයින් 300,000 ක් පමණ සේවයේ යෙදෙති. ඔවුන්ගෙන් අති බහුතරය කාන්තාවන්ය.

රජයේ ප්‍රධාන උපාය මාර්ගය වන්නේ අත් නොහරින සාක්ඡාවය. “ශ්‍රී ලංකාව සඳහා හොඳම අනුපාතය ලබා ගැනීම අපගේ අභිප්‍රායයි, එබැවින් අපි සාකච්ඡා ඉදිරියට ගෙන යන තුලනාත්මක ක්‍රියාවක යෙදි සිටිමු,” ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව වාර්තාකරුවන්ට පැවසීය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

එහෙත් එය පහසු නැත. ඇමරිකා එක්සත් ජනපදය මේ යන්නේ ස්වකීය ප්‍රධාන ආර්ථික ප්‍රතිවාදීන්ට ද ප්‍රහාර එල්ලකරමින් යන ගමනකි. ඩේලි මිරර් වාර්තා කරන ආකාරයට අන්‍යෝන්‍ය තීරු බදු අඩු කිරීම සඳහා වන සාකච්ඡා පැවැත්වීමේදී, එක්සත් ජනපද බලධාරීන් චීනය සමඟ වෙළඳාම් කිරීම සඳහා යම් යම් සීමාකාරී පියවර යෝජනා කර තිබේ. එහෙත් එම යෝජනා ප්‍රතික්ෂේප කර ස්වකීය මධ්‍යස්ථ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය මත පිහිටා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තරම් පෞරුෂයක් සාකච්ඡාවේ නිරතවෙමින් සිටින ශ්‍රී ලාංකික නියොජිතයන්ට තිබී ඇත.

අගෝස්තු අවසාන දිනයට පෙර තවදුරටත් මෙම බදු ප්‍රමාණය අඩු කිරීම් ඉලක්ක කර ගනිමින් කොළඹ වොෂින්ටනය සමඟ ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහත් තහවුරු කළේය. මේ තත්ත්වය ඊයේ පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ද සිල්වා පැහැදිලි කළේය. ඔහු කීවේ තව සති දෙකකට වැඩි කාලයක් ඉතිරි වී ඇති බවත් ඒ කාලය තුළ ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමකට ඇතුළත් වීම සඳහා හැකි උපරිම රාජ්‍ය තාන්ත්‍රික් උත්සාහයක නිරත වී සිටින බවත්ය.

තීරු බදු අඩු කරගතහැකි ක්‍රමවේදයක් ට්‍රම්ප් සිය ශ්‍රී ලංකාවට පෙන්වා දී ඇත. එනම් ශ්‍රී ලංකා ව්‍යාපාර එක්සත් ජනපදය තුළ නිෂ්පාදන කාර්යයන් තෝරා ගන්නේ නම්, එවැනි ව්‍යාපාර සඳහා කඩිනම් අනුමැතිය ලබා දෙන බවට බවටත් තීරු බදු අඩු අය නොකිරීම දක්වා එය ඉහළ ඔසවා තැබිය හැකි බවටත් දෙන පොරොන්දුවය. එය කෙතරම් දුරට අපට සමීප දැයි වැටහෙන්නේ නැත. කෙසේ වෙතත් මේ අර්බුදයට පිළිතුරු සෙවීම සඳහා රජය විකල්ප සොයමින් සිටින බව පෙනේ. එකක් නම් වෙළෙඳ විවිධාංගීකරණය සඳහා ප්‍රවේශ සෙවීමය. එය කිසිසේත්ම කෙටි කාලයකින් සඵල කරගත හැකි ආර්ථික විකල්පයක් නොවේ. එහෙත් නව අපනයන වෙළඳපොළ විවෘත කිරීමට රජය ස්වකීය උත්සාහයන් වේගවත් කරමින් සිටියි.

ඉන්දියාවෙන් අනපේක්ෂිත තර්ජනයක්?

දැනට ඇති අර්බුදය වන්නේ අහිතකර තීරුබදු මාරුවීම් දිගටම පැවතුනහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 1.5 දක්වා අඩු විය හැකි බවට සිදුකර ඇති පුරෝකථනය ය.

මේ වනවිට කලාපීය වෙළෙඳ තරගය තීව්‍ර වී තිබේ. ඉන්දියාවේ අවසන් තීරු බදු ප්‍රතිශතය පිළිබදව ඇමරිකාව තවමත් ප්‍රකාශ කර නැත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඇති ලොකුම තර්ජනය ඉන්දියාව විය හැකිය.
“කලාපීය දැවැන්තයා ලෙස ඉන්දියාව ක්‍රීඩාව වෙනස් කරන්නෙකු විය හැකිය. ඔවුන්ගේ (තීරුබදු) වියට්නාමයට සමාන නම්, බලපෑම සැලකිය යුතු වනු ඇත,” සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් හි රේනල් වික්‍රමරත්න රොයිටර් වෙත පවසා තිබිණි.
2025 මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කළ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 747 ක් විය. ය පසුගිය වසර පුරාවට එක්සත් ජනපදයට කළ ඇඟලුම් අපනයනය වූ ඩොලර් බිලියන 1.9 කි. සහ ලොව පුරා ඩොලර් බිලියන 4.8 ක් හා සසඳන විට එම අපනයන ප්‍රමාණය රටේ තුන්වන විශාලතම විදේශ මුදල් ප්‍රභවයයි.

ඉන්දියාව මැණික් සහ තේ සඳහා එක්සත් ජනපද වෙළඳපොළවල වාසියක් ලබා ගැනීමට සූදානමින් ඇත. උපායමාර්ගික රාජ්‍ය තාන්ත්‍රිකභාවය, පුළුල් වූ වෙළඳ හවුල්කාරිත්වයන් සහ IMF වැනි ජාත්‍යන්තර ආයතනවල අඛණ්ඩ සහයෝගය සමඟ, ආර්ථිකයට අනුවර්තනය විය හැකි අතර යථා තත්ත්වයට පත්වීමේ මාවත ඔස්සේ වෙනස්වන විචල්‍යයන් සමග අසීරු ගමනක් අප ඉදිරියේ තිබේ.

රටක අභිවෘද්ධිය තමන්ගේ සිහින නායකයා හරහාම ඉටුකරගත යුතු යැයි හිතන දුගී ජන පිරිසක් සහිත සමාජයක අවස්ථාවාදී දේශපාලනය විසින් හසුරුවනු ලබන ගොහෝරුවේ හිඳිමින් ඒ ගමන කොපමණ අසීරුදැයි අපි සිතමින් සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ බලපිටියේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නේ ඝාතකයින් ඉලක්ක කළ පුද්ගලයා නොවෙයි… වැරදි පුද්ගලයෙක්… මූලික විමර්ශන හෙළි කරයි!

Next Post

ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතිවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුපිරි සැලකිලි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.