ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන්ට ද්විතියීක හා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව දෙන්න යැයි තලේබාන්වරුන්ගෙන් ඉල්ලමින් ‘ලෙට් ඇෆ්ගන් ගර්ල්ස් ලර්න් (Let Afghan girls learn)’ (ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන්ට ඉගෙන ගන්න දෙන්න) නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මේ දිනවල ගෙන යනු ලබයි.
තලේබාන්වරුන් එරට පාලනය භාරගත් පසු ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් කඩ වූ අතර 6 වැනි ශේණියෙන් පසු ඉගෙනීම නවතාලීම ඒ අතරින් ප්‍රධානය.
විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට මුහුණ දිය යුතු ‘කන්කොර් විභාගය (Kankor Exam)’ ළඟදීම පැවැත්වෙන අතර පාසැල් වසා තැබීම නිසා කාබුල් ගැහැණු ළමුන්ට එම විභාගයට මුහුණ දෙන්නට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. පාසැල් විවෘත කරන්න යැයි ද, ගැහැණු ළමුන්ට ඉගෙනීමට අවස්ථාව දෙන්න යැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරය සිදු කරන්නේ ඔබයිදුල්ලා බහීර් ය. මෙය දේශපාලනයට සම්බන්ධ නොවන ව්‍යාපාරයක් බව ඔහු පවසා ඇතැයි ‘ටීඕඑල්ඕ (TOLO)’ පුවත් සේවය වාර්තා කර තිබේ.
බාලිකා පාසැල් වසා දැමීම හේතුවෙන් ‘කන්කෝර් විභාගයට’ මුහුණ දීමට නොහැකි වෙන බවත් තමන්ගේ අනාගතය අවිනිශ්චිත බවත් සිසුවියන් පිරිසක් පවසා ඇත. ඔවුන් ඉස්ලාමික් එමිරේට්ස් වෙත පෙත්සමක් යොමු කරමින් පාසැල් නැවත විවෘත කර ද්විතීයික පෙළ අධ්‍යපානය අරඹන්න යැයි ඉල්ලමින් සිටියි.
“අපිට අවශ්‍ය පාසැල් විවෘත කිරීම විතරයි.. අපි අපේ අනාගතය ගැන කරදර වෙනවා.. අපිට ඕනේ පාසැල් විවෘත කරලා අපිට යලිත් ඉගෙන ගන්න ඉඩ ලබා දීම විතරයි..”
සිසුවියක වෙන නාසානින් පවසා ඇත.