අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආණ්ඩුවේ මතය නොතකන සෙන්දීල් තොණ්ඩමන්ගේ හැසිරීම රට ගිනි තියන ලකුණු!

ප්‍රාදේශීය ලේකම් යැවූ ලියුම යළි කැඳවුව ද ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නැතිව කිසිම ඉදිකිරීමක් සිදුකිරීම තහනම් බව කියයි!

by editor
අගෝස්තු 28, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යෑමට අවශ්‍ය අවසරය ලබාදීමට එකඟ වී    සාකච්ඡා ශාලාවෙන් එළියට වැඩම කළ භික්ෂූන්වහන්සේට අදාල අනුමැතිය සහිත ලියුම ලබා දීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්ගේ බලපෑමෙන් අවසන් මොහොතේ දී ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තුළ පැවැත්වෙමින් තිබූ  නැගෙනහිර පළාත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරමග නැවැත්වීමට සිදුවී තිබේ.

වාර්තාවන ආකාරයට සිදධිය මෙසේය.

බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ඓතිහාසික බෞද්ධ පුදබිමක්වන ත්‍රීකුණාමලය බොරළුකන්ද  රජ මහා විහාරයේ ඉදිකිරීම් කටයුතු සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කරන කටයුතු වහාම නවත්වන මෙන් දන්වමින් පසුගිය ජූලි මස 09 වැනිදා නගර සහ  කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින්  විහාරාධිපති හිමියන්ට ලිඛිතව දන්වා තිබිණි

බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරිම් අත්හිටුවමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යැවූ ලිපිය…

.ප්‍රාදේශීය ලේකම්වරයා මෙම ලිපියේ සඳහන් කරන්නේ ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා සහ ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්ගේ වාචික උපදෙස් මත මෙම නියෝගය නිකුත් කරන බවය.

ලියාපදිංචි බෞද්ධ පූජා භූමියක ඉදිකිරීම් සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම වලක්වා එවූ මෙම ලිපිය සම්බන්ධව බෞද්ධයින්ගේ විශාල විරෝධයක් මතුවූයේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අතුරලියේ රතන හිමියන් සංස්කෘතික හා බුද්ධ ශානස ඇමති විදුර වික්‍රමනායකගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇමතිවරයා කීවේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියා කලාපය රජය පිළිනොගන්නා බවත් අවශ්‍ය ඉදිකිරීම් කටයුතු බොරළුකන්ද රජ මහා විහාරය තුළ සිදුකළ හැකි බවත්ය.

භික්ෂූන්වහන්සේ ඇතුළු බෞද්ධයින්ගේ විරෝධය…

එහෙත් මේවනවිට අත්හිටුවා ඇති ඉදිකිරීම් සිදුකිරීමේ අවසරය ලබා ගැනීමටත් මෙවැනි ලිපියක් එවීමේ පදනම ගැන සාකච්ඡා කිරීමටත් අද නැගෙනහිර පළාතේ බෞද්ධ භික්ෂූහු ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වැඩම කළහ.

එහිදී මුලින්ම භික්ෂූන්වහන්සේ පිරිසට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවනු නොහැකි සේ ගේට්ටුව වසා දැමිනි.  අනතුරුව භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිස මහනුවර ත්‍රී කුණාමලය මාර්ගය වසා දමමින් විරෝධතාවයක් ආරම්භ කළහ.

ඒ අතර භික්ෂූන්වහන්සේ කණ්ඩායමකට දිසාපතිවරයාත්, ආණ්ඩුකාරවරයාත් ඇතුළු ඛණ්ඩායමක් සමග සාකච්ඡාවකට ආරාධනා කෙරිනි. එම ආරාධනය අනුව බොරළුකන්ද විහාරාධිකාරී පොල්හේන්ගොඩ උපරතන හිමි, විල්ගම් වෙහෙර විහාරාධිපති පූජ්‍ය සීලවංශ හිමි ඇතුළු හිමිවරු කණ්ඩායමක් සාකච්ඡාවට වැඩියහ.

සෙසු භික්ෂූන්වහන්සේ ඇතුළු බෞද්ධයින් පිරිස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගටම විරෝධතාවයේ නිරතවූහ.

රැස්වීම අතරතුර එකඟතාවයකට පැමිණියේය. ඒ අනුව බොරළු කන්ද විහාරයේ ඉදිකිරිම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසරය දෙන බවට නිලධාරීන් සාකච්ඡාවේදී එකඟවිය. එම එකඟතාවය ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැමිණ ප්‍රකාශ කළේය.

අනතුරුව සියලුම දේශපාලකයින් සහ නිලධාරී පිරිස් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේම අද  පැවැත්වීමට නියමිතව ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව එළියට වැඩමකළ හිමිවරුන් ඉදිකිරීම් අනුමැතිය ලිඛිතව ලබා දෙන ලේඛනය දිසාපතිවරයා විසින් ලබා දෙනතුරු සාකච්ඡා කාමරයෙන් පිටත වැඩ සිටියහ.

එසේ ටික වේලාවක් වැඩ සිටි හිමිවරුන්ට යළිත් දිසාපති කාර්යාලයෙන් දන්වන්නේ එවැනි ලියුමක් නිකුත් කළ නොහැකි බවත් කැබිනට් අනුමැතියකින් තොරව ඉදිකිරීම් සඳහා අවසර දිය නොහැකි බවත්ය.

මේ පිළිතුර ලද සැනින් හිමිවරු කෙළින්ම ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම පවත්වන ශාලාවට ගොස් එහි බිම ඉඳගෙන එකඟතාවය අනුව අදාල අනුමැතිය නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අත්හිටවූ අතර පිරිසක් ශාලාවෙන් පිටවී ගියහ.

 

අනතුරුව ආණඩුකාර සෙන්දීල් තොණ්ඩමන් භික්ෂූන්වහන්සේ ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් කියා සිටියේ මේ ආකාරයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී නීතිය අතට ගෙන අතිශය නරක පූර්වාදර්ශයක් බවය.

බොරළුකන්ද විහාරයේ ඉදිකිරීම් නවත්වනු ලැබුවේ සියයට 99ක් දෙමළ ජනගහණයක් සිටින පලාතක මෙවැනි ඉදිකිරීමක් කිසිවෙකුට නොදන්වා සිදුකිරීම ප්‍රශ්නයක් ඇති කරන නිසා යැයි ආණ්ඩුකාර තැන පැවසුවේය.

බහුතරයක් දෙමළ ජනතාවක් ඉන්නා ප්‍රදේශවල මේ ආකාරයෙන් කටයුතු කිරීම වැරදි සහගත බව කී ආණ්ඩුකාරවරයා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලබා දුන් නියෝගය යළි කැඳවනු ලැබුවද ප්‍රාදේශීය සභාවේ අවසරය නොමැතික කිසිම ඉදිකිරීමක් නොකළ යුතු බව මහා සංඝයාවහන්සේට දන්වා සිටියේය.

හිමිවරුන්ගේ මේ අනීතික මැදිහත්වීම නිසා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම තබා ගැනීමට නොහැකි වීම විශාල වැරැද්දක් බව ද ආණ්ඩුකාර තොණ්ඩමන් පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැල්ලම්පිටියේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉදිරි වසර 50 ගැන පුරෝකථනයක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.