ඉදිරි වසර 50-60 තුළ ගෝලීය සැපයුම් දාමයට තවත් එක් කම්පනයක් දරා ගත නොහැකි බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.
සැපයුම් දාම ඉක්මණින් විවිධාංගීකරණය කර, ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන හා කාර්යක්ෂම සැපයුම් දාමයන් ක්‍රියාත්මක කළ යුතු බව ඇය නවදිල්ලි නුවර පැවති බී20 ඉන්දියා 2023 අමතමින් සඳහන් කළාය.
“බිත්තර සේරම එකම කූඩයකට දැමීම ප්‍රමාණවත් නෑ කියලා පරණ කියමනක් තියෙනවා.. ගෝලීය ස්ථාවරත්වය සහතික කිරීමට, අපිට විවිධාංගීකරණය වූ සැපයුම් දාමයන් තිබිය යුතුයි… ඒ වගේම තමයි ආර්ථික වර්ධනයේදී ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ උද්ධමනය නවතාලීම කෙරෙහි.. උද්ධමනය සමඟ නිතරමට කටයුතු කරන්නේ පොලී අනුපාත ඉහළ දැමීමත් එක්ක.. මම හිතන විදියට උද්ධමනය පාලනය කරන්නට තියෙන එකම ක්‍රමය පොලී අනුපාත කියලා හිතලා කටයුතු කරලා සැපයුම් පාර්ශව සාධක කළමණාකරණය නොකිරීම උද්ධමනයට සම්පූර්ණ පිළිතුරක් නෙමෙයි..”
මුදල් අමාත්‍යවරිය පැවසූ බව ‘ඉකොනොමික් ටයිම්ස්’ වාර්තා කරයි. B20 (Business20) යනු ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව සමඟ G20 හි සංවාද මණ්ඩපයයි. 2010 දී පිහිටුවන ලද, B20 ගෝලීය සමාගම් සහ ව්‍යාපාරික සංවිධාන සහභාගී වන G20 හි වඩාත්ම කැපී පෙනෙන ක්‍රියාකාරී කණ්ඩායම් ලෙස හැඳින්වේ.