බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපේ අත පල්ලෙන් වැටුන දරු පැටවුන්ට ලෝකයේ දොරටු විවර කරන්න දිඹුලාගලට පැමිණි සුරංගනාවියෝ….

by editor
ඔක්තෝබර් 6, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ලෝකය දියුණු බව සැබෑය. එහෙත් දිඹුලාගල තවමත් හද්ද වන්නිය ය. වන්නියේ දරුවන්ට ඉංග්‍රීසිය හීනයකි. ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු රැසක් දිඹුලාගල කලාපයේ හැමදාම තිබුණේය. වන්නියට ඇවිත් දරුවන්ට ඉංග්‍රීසි ටික උගන්වා දීම වෙනුවෙන් කැපකිරීමක් කළ හැකි අපේ ඇත්තන් ද අල්පය. එවැනි මහා බරසාර මානුෂික අදහස් මිනිස්සුන්ගේ හිත්වල ඉස්සර පැලපදියම් වී තිබුණාට දැන් ඒවා ක්‍රමයෙන් හායනය වෙමින්ය.

එවැනි වටපිටාවක ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතියක් අරගෙන සුරංගනාවියන් තිදෙනෙක් දිඹුලාගලට ඇවිත් තිබිණි. ඔවුන් අපේ රටෙන් බොහෝම දුර බැරහැර රටවල තරුණියන්ය. සරසවි තරුණියන්ය. තරුණියන් දෙදෙනෙක් ඉතාලියේ ය. අනෙක් තරුණිය නේපාලයේ ය. මාස දෙකක නොමිලේ ස්වේච්ඡාවෙන් ඉංග්‍රී ඉගැන්වීමේ ව්‍යාපෘතියත් අරගෙන මේ සුරංගනාවියන් තුන් දෙනා පැමිණ තිබුණේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයටය.

තාලියේ අරෝරා මාරියා (21), හා ග්ලුලියා ආකිඩියාකොනෝ (21), සහ නේපාලයේ බර්ෂා ගිමිහීර් (23) දරු පැටවු සමග…

මේ ව්‍යාපෘතිය සංවිධානය කර තිබුනේ ලෝක සරසවි සිසු ප්‍රජාව නියෝජනය කරන අන්තර්ජාතික සංවිධානයක්වන අයිසෙක් සංවිධානය විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ අයිසෙක් සංවිධානයේ උප සභාපති හිමාසි කෝශිලාගේ සම්බන්ධීකරණයෙන් ඉංග්‍රීසි ව්‍යාපෘතිය දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයට එන්නේ එහි නියෝජ්‍ය විදුහල්පති ජී. මනෝජ් චානකගේ විශේෂ ඉල්ලීමකට අනුවය.

අයිසෙක් සංවිධානය යනු ලෝකයේ රටවල් 120 ක විශ්ව විද්‍යාලයන්හි සිසුන් අතර පවතින විශාලම ශිෂ්‍ය සංවිධානයකි.
එහි වර්තමානයේ සිසුන් හතළිස් දාහකට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති.

ඉංග්‍රීසි ව්‍යාපෘතිය අරන් දිඹුළාගලට පැමිණ සිටියේ  ඉතාලියේ අරෝරා මාරියා (21), හා ග්ලුලියා ආකිඩියාකොනෝ (21), සහ නේපාලයේ බර්ෂා ගිමිහීර් (23) ය. මේ තරුණියන් තිදෙනාගේ ස්වරූපය මෙන්ම ඔවුන්ගේ අසීමිත කරුණාව සහිත ආදරය පාසලේ දරුවන්ට ලැබී තිබිණි. පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා ඉංග්‍රීසි අධ්‍යයන ව්‍යාපෘතියක් ඔවුහු දියත් කර තිබුණහ. සතියේ දින පහම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන මේ තරුණ ස්වේච්ඡා ගුරුවරියන් තිදෙනා සවස 2 සිට 4 දක්වා අමතර ඉගැන්විම් ද සිදුකරනු ලබන්නේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ලෝක ළමා දිනය දා කැලෑ මල්වලින් සිය ගුරුවරියන් පිදූ දරුවන්ගේ ආදරය…

ඔවුන් නේවාසිකව රැඳී සිටින්නේ පාසලේමය. මේ පරිසරයේ දුර්භෝග වළඳමින් ගමේ ගොඩෙන් ලැබෙන ආහාර අනුභව කරමින් ඔවුන් සිදුකරන කැපකිරීම් සහිත ජීවිතයට ගම්මුන් තුළ ඉපදී ඇත්තේ විශාල ගෞරවයකි. විශේෂත්වය වන්නේ මේ තරුණ ස්වේචඡා ගරුවරුන් තිදෙනා මේ වනවිට ගමේ දරුවන්ගෙන් සිංහල ඉගෙනගෙන තිබීමය.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. මුස්ලිමීන්, දිඹුලාගල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ, එච්.ඩබ්ලිව්.සී.එන්. කුලසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, [ පාලන ] පී.ජී.එස්.අනිල් කුමාර, විදුහල්පති රුවන් ඉරේෂන් පෙරේරා, පල්ලේබෝවිල විනීතාලංකාර,
පැළෑටියාවේ ශාන්තාලංකාර, පැළෑටියාවේ අතුලඤාණාලංකාර, සියලු ගුරුභවතුන් මෙන්ම සද්කාර්යයට පූර්ණ සහාය ලබා දී තිබිණි.

පාසල් කාලය තුළ…

“මේ වනවිටත් දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ දරුවන් රැසකට ඉංග්‍රීසි භාෂාවේ මූලික කථන හැකියාව ලැබී තියනවා. ඉංග්‍රීසියට දරුවන්ගේ තියන බය නැතිවෙලා…” නියෝජ්‍ය විදුහල්පති මනෝජ් චානක පැවසීය.

ලෝකය මනුෂ්‍යත්වයේ සත්කාර සඳහා දෑත් දිගු කරන අවස්ථා බොහෝය. ඒවා කළමනාකරණය කරගැනීමට හැඟීමක් සහිත පරිපාලනයක් අවශ්‍යය. අප මගහැර දැමූ අපේ දරු කැකුළු පුබුදුවන්නට ලෝකය සූදානමින් ඇත. මෙවන් ව්‍යාපෘති අප දකින්නේ ඒ අසීමිත මානුෂීය ධාරාවේ තරු ලකුණු ලෙසය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ප්‍රබල මැති ඇමතිවරු 10ක් සජබෙන් නාම යෝජනා ගන්න ඉල්ලලා…

Next Post

අනුර, සජිත්, රනිල්, දිලිත් ඇතුළු 34ක් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නෑ…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.