සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

by editor
අප්‍රේල් 5, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩිවශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොළොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග්‍රීසීන් ගේ පැමිණීමත් සමග අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත. කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි.

සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

ඔවුන්ගේ රස කැවිලි විවිධය, ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඕලන්ද කාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ද? යි ඇසුවේලු.

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. අග්ගලා නමින් තවත් අලූමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීමද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යැමේ පුරුද්දක්‌ ඇතිවිය. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි. එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට්‌ නොක්‌ස්‌ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයකි. යක්‌පැටි. අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවතියේය.

යක්‌පැට්‌ නම් තවත් අහරක්‌ වෙයි. හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේය. යක්පැටි ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබිණි.

ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්‌පැට්‌ පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්‌පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා ඇත.

අග්ගලා කොමලී නා

තල කැරලි විළ දී නා

මල් කැවුම් රොට්‌ යෙ නා

වෙල්ල වැසිමුත් ත නා

පුලුබී බෝජන තනා

ලාලු යක්‌ පැට්‌ යෙනා

කිරි උණ්‌ඩ පු තනා

අක්‌සුණු ද ඉසි මිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්‌නට ඇත. අග්ගල, තල කැරලි,, විළඳ ,මල්කැවුම්,, රොට්‌,, වෙල්ල වැහුම්, පුලුබි, බෝජන ලාලු යක්‌පැට්‌ කිරි උණ්‌ඩ ඒ කැවිලි වර්ගයන්ය.

කැවිලිවර්ග අතුරින් අතිරසද ඉතා මිරිහි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. අතිරස තිත්ත රසයි පැමිණි දුක්‌ පැණි රසයි. යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය. අලුත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහනියක්‌ම වාගේ කැවුම් අතිරස ආදී කැවිලිවර්ග කලින්ම සකස්‌ කොට තබති.

නා නා මාදිලියේ කැවිලිවර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වළස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි.

අවුරුද්දට ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම් කිරිබත් පිළියෙල කරන අතර අලුත් ඇඳුම් පැළඳුම් ගෙන ඒමට අමතක නොකරති. එමෙන්ම ගෙවල්වලට කැවිලි පෙවිලි ගෙන යැමද සිරිතකි. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත සමගියද ඇතිවේ. නොහොද නෝක්‌කාඩු දිගින් දිගටම ඇති වන්නේද නැත.

සැබවින්ම රස කැවිලිවලට හොඳ ඉල්ලුමක්‌ ඇතිවන්නේද සිංහල අවුරුදු කාලයටය. ගම්බද කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමි ලිය කැවුම් ඉවීමට අමතක නොකරති. නාගරික ප්‍රදේශවල නම් කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට අපේ ඇත්තෝ පුරුදුව සිටිති. අපේ ගැමි ලඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය.

එදා රොබට්‌ නොක්‌ස්‌ පවා අපේ රටේ ලඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට රස කැවිලිවලට වශී වී තිබේ. ඉතා ප්‍රණීත ලෙස කැවුම් ඉවීමට දක්‍ෂ කාන්තාවන් අදත් ගම්බද ප්‍රදේශවලදී දැකිය හැකිය. ඇතැම් ප්‍රදේශවලදී මෙම කාන්තාවන් හඳුවන්නේ කැවුම්  අම්මලා යනුවෙනි. කැවුම් නිසා අපේ සිංහල බස්‌ වහරද පෝෂණය වී තිබේ.

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා, මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. සිංහලයා කොතනද කැවුම්ද එතනය. අදටත් අපේ පැරැන්නෝ මේ වැකිය කියමින් තමාටම සරදම් කර ගනිති.

කැවුම් සමග අත්වැලි බැඳගත් කැවිලි වර්ගය – කොකිස්

එකල ගම්වල කොල්ලො කුරුට්‌ටෝ පවා අප්පුඩි ගසමින් අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක්‌ දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලූහ. අලුත් අවුරුදු කාලයට පමණක්‌ නොව සිංහලයන්ගේ සෑම උත්සවයකදීම පවා කැවිලි පෙවිලිවලට හිමිවන්නේ වැදගත් ස්‌ථානයකි. කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත්තේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලි ජාවරම්කරුවෝ පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කරති

Next Post

ලීක් වූ ෆේස්බුක් දත්ත ඇතුළේ සකර්බර්ග්ගේ තොරතුරුත් තිබිලා

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.