දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි වලිපුරුචි ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් නතර කිරීමට පොලීසිය උත්සහ කළ අවස්ථාවේදී ටිපර් රථයේ රියදුරා විසින් උප පොලිස් පරීක්ෂකවරයෙකු යට කොට 5 දා උදෑසන පලාගොස් තිබේ.
මේ සිද්ධියෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.
නීති විරෝධී ලෙස ටිපර් රථ වලින්වැලි ප්‍රවාහනය කරණ බවට ප්‍රදේශවාසීන් විසින් පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ ගැන සොයා බැලීමට පොලිස් නිලධාරීන් හය දෙනෙකු අදාල ප්‍රදේශයන යමින් සිටියදී වැලි පටවා ගත් ටිපර් රථයක් පැමිණ ඇති අතර එය නැවැත්වීමට ගිය අවස්ථාවේදී මේ සිද්ධිය සිදු වී තිබේ.
පළාගිය ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගැනීම සදහා පේදුරුතුඩුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.