සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වාසනාව කැන්දාගෙන නිවුන් දරුපැටවු හය දෙනෙක් මෙලොව එළිය දුටු හැටි!    

by editor
ඔක්තෝබර් 21, 2021 - Updated on ඔක්තෝබර් 22, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

මධ්‍යම රාත්‍රිය පසුකලා පමණි.  වේලාව හරියටම අද (21) අළුයම 12 පසුවී ගත වූයේ විනාඩි 16කි. ඒ  මොහොත  නයින්වෙල්ස් රෝහලේ වාර්තාගත සිදුවීමක් වන බව මහාචාර්ය ටිරාන් ඩයස්  ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමත් දරුප්‍රසූතියකට සූදානමින් සිටි මවක් හා ඔහුගේ ආදරණීය සැමියාත් හැර අන් කිසිවෙකුත් දැන සිටියේ නැත. 

මේ මොහොතේ ලෝකයේ ප්‍රීතිමත්ම අම්මයි තාත්තයි..

මේ මවගේ නම දසුනි  යැයි අපි සඳහන් කරමු. මන්ද මේ මොහොත වන විටත් ඇයගේ නම මාධ්‍යට ප්‍රසිද්ධ කර නොතිබුණු බැවිනි. අනුරාධපුරයේ උපන් ඇය විවාහයෙන් පසුව සිය සැමියා සමග  කොළඹ අයිඩීඑච් ප්‍රදේශයේ පදිංචියට පැමිණියාය. දසුනිකාගේ පළමු දරු උපත ලෝක වාර්තාවක් ලෙස සිදුවෙතැයි ඇය හෝ ඇගේ සැමියා කිසිවිටකත් නොසිතන්න ඇත.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය ටිරාන් ඩයස්   ඇයගේ ප්‍රථම දරු උපතට අවශ්‍ය කළමනාකරණය  සඳහා  තෝරා ගත්තාය. ඇයගේ කුස තුළ දරුවන් හයදෙනෙකු  වැ‌ඩෙන බව දැනගත් මහාචාර්යවරයා  ඇය කෙරෙහි දැඩි කැපවීමක් කරමින් නිරන්තරව අධීක්ෂණය කළේය. 

ඇයගේ රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම දරුගැබේ වර්ධනය  පරික්ෂාව නිරන්තරයෙන් කළ අතර  ස්කෑන් පරික්ෂාවන් මගින් සොයා බැලුවේය. ඔහුගේ වෛද්‍ය ජීවිතය තුළ අත් දකින ඉතාමත් බැරෑරුම් සිසේරියන් සැත්කමට මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වූයේ මෙරට   ඉතිහාසය යළිත් ලියමිනි.ෙදරු ප්‍රසූතියට  නියමිත දිනයට සති දෙකකට පෙර ඇයව නයින්වේල්ස් රෝහල වෙත ඇතුළත් කර ගැනීමට තීරණය කරන ලදී. එසේ ඇතුළත් කල දසුණිව දිනපතා වෛද්‍ය පරික්ෂාවට ලක් කරමින් ඇයව අධීක්ෂණය කළේය. රුධිර  පීඩනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරමින් කුස තුළ වැඩෙන දරුවන්වද ස්කෑන් පරික්ෂාවකට ලක් කරමින් දැඩි අධීක්ෂණයක් කෙරිනි.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහාචාර්වරයා දසුනිගේ කායික සෞඛ්‍ය හා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිලිබඳව  විශේෂඥ වෛද්‍යවරුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් නිරන්තරයෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන යාවත්කාලීන වූයේය.   වෛද්‍ය කණ්ඩායම ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදිමින් කටයුතු කිරිමට දසුනිකා නිරන්තරයෙන්ම කටයුතු කළාය.  තම කුස තුල සිටින දරුවන් සය දෙනාම නිරෝගීව මෙලොව බිහි කිරීමේ අසීමිත බලාපොරොත්තුව ඇය තුළ විය. 

ඇයගේ දරු ප්‍රසූතිය සඳහා  මහාචාර්යවරයාට කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ෙ,  ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් ගම්වැසිගේ සහ බුත්දිම ජයසිංහ     ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ලැබුණේ නොමද සහයකි.ඔක්තෝම්බර් 21 වන දින අළුයම    12. 16ට දසුනිගේ කුස තුළ සිටි දරුවන් සයදෙනාගෙන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවේය. එම දරුවාගේ බර කිලෝ ග්රෑම් 1.6කි. ඊලඟ විනාඩි 2ක කාලය තුළ දී කුස තුළ සිටි ඉතිරි දරුවන් 5 දෙනාම මොලොව උපත  ලැබූහ. 

මෙසේ උපත ලද දරුවන් සය දෙනාගෙන් තුන් දෙනෙක් ගැහැණු දරුවන්ය. අනෙක් තුන් දෙනා පිරිමි දරුවන්ය.  දරුවන් සය දෙනා    මනා නිරෝගි තත්ත්වයෙනි.   දෙවන දරුවා නොමේරු ළදරු ඒ්කකයේ රැඳවීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කර ඇත්තේය.

සය නිවුන්  දරුවන්ගේ මව වූ  දසුණි මේ වන විට දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින්නීය.  තුනුරුවන් සරණින්   ඇය ද මනා සෞඛ්‍ය තත්වයෙනි.

ඒ වෛද්‍ය කණ්ඩායම

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 19ක්…

Next Post

ලංකා IOC අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.