සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝකයේ එළිය කිසිදාක නොදුටුවත් A9 අරන් ලෝකය එළිය කළ රත්තරන් පුතා…

by editor
සැප්තැම්බර් 25, 2021
in ජීවිතය, සමාජ
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල-

බ්‍රයන් කිංසටන් පුතා කවදාවත් මේ ලෝකයේ ලස්සන දැක තිබුණේ නැත. ඒත් බ්‍රයන් පුතා ලෝකය එළිය කරන රත්තරන් පුතෙක් බව අපට කීවේය. ඒ පසුගිය දා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමගය. විශිෂ්ට සමාර්ථ නමයක් ලබා ගත් රත්මලාන අන්ධ විද්‍යාලයයේ බ්‍රයන් කිංස්ටන් එම පාසලේ ඉතිහාසය වෙනස් කළේය .

බ්‍රයන්ගේ ඇස් දෙකක ම උපන් දා සිට පෙනෙන්නේ නැත.  ඔහු ඉගෙන ගත්තේ බ්‍රේල් ක්‍රමයට ය.

“මට විෂයයන් නවයට ම ඒ සාමාර්ථ තියෙනවා. ප්‍රධාන විෂයයන් හැර සෙසු විෂයයන් හැටියට අපට ඉගෙන ගන්න තිබුණේ පුරවැසි සංගීතය සහ කෘෂිකර්මය යන විෂයයන් තුනයි. මට ගායනය බෑ. ඒ නිසා මගේ දැඩි ඉල්ලීම මත සිංහල රසාස්වාදය විෂය හැදෑරීමට පාසලෙන් මට ඉඩ දුන්නා.

සිංහල ඉගැන්නුවේ ධම්මිකා ටීච යි. එතුමියත් දෑස් අන්ධ ගුරුවරියක්. පාසලේ අනෙක් හැමෝම සංගීතය විෂය හදාරන්න ඊට අදාළ වේලාවේදි යොමු වුණත් ඒ වෙලාවට සිංහල ටීචර්ට වෙන පන්තියක් තිබුණා. ඒ නිසා ධම්මිකා ටීචර් පාසලෙන් පස්සේ නැවතිලා මට වෙනම සිංහල රසාස්වාදය ඉගැන්නුවා. කිසිම අමතර මුදලක් ඒ සඳහා ලබා ගත්තේ නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනාවලට ඉස්කෝලේ වහපු එක මට ගොඩාක් බලපෑවා.  ඔන්ලයින් සාර්ථක වුණේ නැහැ. විද්‍යාවට විතරක් හොරණ අනිත් සාමාන්‍ය ළමයි යන අමතර පන්තියකට ගියා. ඇහෙන දේ කෙටිසටහන් ගහගෙන ඇවිත් පාඩම් කළා. දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය කියලා ආයතනයක් අන්ධ විද්‍යාලයේ තියෙනවා. එකේ ගොඩක් පොත්පත්, නවකතා, කෙටිකතා වගේම පෙළ පොත් කටින් කියවලා පටිගත කරලා සීඩී වශයෙන් තියෙනවා. මම ඒවා අරගෙන ඇවිත් නිතර ම ඇහුවා. ඒක මට ලොකු පහසුවක් වුණා.

මම උදේ පාන්දරට නැගිටලා ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටිය නිසා පාන්දර නැගිටලා පාඩම් කළේ නැහැ. ඒත් රෑ එක දෙක වෙනකන් පටිගත කරපු පෙළපොත් ඇහුවා. ඇත්තට ම ගොඩක් පාඩම් කරන්න තියෙන නිසා මේ විභාගය ගොඩාක් අමාරුයි. පටිගත කරපු පාඩම් අහපු නිසා මං හිතනවා මට ඒක ලේසි වුණා කියලා. ඒ වගේම හොඳ උනන්දුවක් මට තිබුණා. අම්මා පුළුවන් තරම් මාව උනන්දු කළා. අනිත් ළමයින් ගෙන් වෙන් වෙන්න මට ඉඩ තිබ්බෙ නෑ. මගේ අය්යා රැම්ස්ටන් උසස් පෙළ හදාරනවා. එයත් මට උදව් කළා. එයා මාත් එක්ක සෙල්ලම් කරනවා. මට ඇස් පේන්නේ නෑ කියලා එයා මට වෙනසක් කළේ නෑ.”

බ්‍රයන් පාසලේ බොහෝ ක්‍රීඩාවන්ට ද සහභාගී වූ දරුවෙකි.

“මම 2019 වසරේ පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත ක්‍රීඩා ශූරතාව දිනා ගත්තා. උස පැනීම, දුර පැනීම තුන් පිම්ම, යගුලිය, මීටර් 75 දිවීම යන තරග ඉසව් වගේම කඹ ඇදීමේ තරගයටත් මම ඉදිරිපත් වුණා. හැම එකෙන්ම ජය ලැබුණා. අම්මා මාව හැම දේකට ම ඉදිරිපත් කළා.”

බ්‍රයන් තමන්ගේ දෑස් පාදන පාසල් මවටත්, එහි විද්‍යාලයාධිපති හා ගුරුවරුන්ටත්, පාසල් මිතුරු සැමටත් සිය හද බැතිය පුද කළේ ය. ඒ වගේම හොඳ නරක කියා දෙමින්, දුක්කට සැපට පිහිට වූ “හරි අය්යා නැතහොත් හරිහරන්ටත්, ආච්චීටත්, ගමේ යාලුවො හැමෝටමත් ස්තුති කළේ ය.

“මම උසස් පෙළට විද්‍යාව, ගණිතය විෂයන් ඉගෙන ගන්න ගොඩාක් ආසයි. ඇස් පේන්නේ නැති නිසා ඒ විෂයන් උසස් පෙළට හදාගන්න අමාරුයි. ඒවායේ ප්‍රායෝගික පැත්ත වැඩියි. රූප සටහන්, ජ්‍යාමිතිය තියෙනවා. ඒවා තේරුම් කරවන්න ගොඩාක් අමාරුයි. ඒ නිසා මම උසස් පෙළට තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව හා යුරෝපීය ඉතිහාසය හදාරනවා. මම නීතිඥවරයෙක් වෙන්න කැමතියි. නීතිඥවරයෙක් විදිහට ප්‍රායෝගිකව වැඩ කරද්දි ඇස් දෙක පේන්නෙ නැති එක ගැටලුවක් වෙන්න පුළුවන් වුණත් ඒ විෂයය ඉගෙන ගන්න දෑස් නොපෙනීම බාධාවක් නෙවෙයි. ප්‍රායෝගික වැඩවලදී සහායකයින් ව ගන්න පුළුවන්. මම මනෝවිද්‍යාව ඉගෙන ගන්නත් මම ගොඩක් ආසයි. ඒත් ඇස් පේන්නේ නැතුව ඒ විෂයය ඉගෙන ගන්න අමාරුයි.”

තමාගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ සතුට සේ ම බ්‍රයන්ගේ ජයග්‍රහණයේ සෙවනැල්ල වූ   බ්‍රයන් ගේ මව අමල්ප්‍රියා මහත්මිය සිය සතුට හා අත්දැකීම් අප සමග පැවසුවේ මෙලෙසිනි.

“බ්‍රයන් මගේ දෙවැනි පුතා යි. එයා මාස හතෙන් ඉපදුණේ කොළඹ කාසල් රෝහලේදී යි. අඩු මාසෙන් ඉපදුණු නිසා දැඩි සත්කාර ඒකකයට දැම්මා. ස්නායු හරියට හදෙන්න කියලා නොයෙකුත් දේවල් එහෙදී කළා. මට ඒ හැටි තේරුමක් තිබුණේ නෑ. එක ඇසක ප්‍රශ්නයක් කිව්වා. ලේසර් කරනවා කිව්වා. එක දවසක් පුතාට අදාළ ව මගේ ළඟ තිබුණු සියලු ලේඛන ෆයිල් එක පිටින් ම ඉස්පිරිතාලෙන් ගත්තා. ඊට පස්සේ දරුවා මගේ අතට දීලා අනිත් ඇසත් පේන්නේ නෑ කිව්වා.

නෑදෑයගේ කතාව –

ඒක අහපු ගමන් මට මොනවා වුණා ද කියලා මට මතක නෑ.  අදටත් ඒ ෆයිල් මගේ ළඟ නෑ.  ඒවා ගන්න ඕනේ කියලා ඒ වෙලාවේ මගේ ඔලුවට ආවෙත් නෑ. මං පුතා ව තුරුළු කරන් ගෙදර ආවා. මං හොඳට ම ඇඬුවා. ඒ වෙලාවේ මගේ නෑදෑ කෙනෙක් දුරකතනෙන් කතා කළා. “ඔයාගේ හිතේ තියෙන නරක කමට තමයි ඔහොම ළමයෙක් ලැබුණේ” කියලා කිව්වා. ඒ නෑදෑයාට මං අද ස්තුති කරනවා. ඒ වචනෙට මගේ හිත හොඳට ම රිදුනා.

“මං හිතට ගත්තා මගේ දරුවාව මං හොඳට හදලා පෙන්නනවා කියලා. එදා ඉඳලා හැමදාම මං මෙයාගේ ඔලුව අත ගගා කිව්වේ “මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ” කියලා. මෙයාට කිසි දෙයක් තේරෙන්නේ නැති වුණාට මං හැමදා ම නොවැරදී ම මෙයාට එහෙම කිව්වා. කොළඹ සාමාන්‍ය දරුවෝ යන ලොකු ඉස්කෝලවලට දාන්න හැදුවා. මෙයාට අවුරුදු හය වෙද්දි තමයි රත්මලාන අන්ධ විද්‍යාලය ගැන මට දැනගන්න ලැබුණේ. එහෙට එක්කගෙන ගියා ම ඒකෙ පෙරපාසලට තමයි ඇතුළත් කර ගත්තේ.“

“පාන්දර 4.30ට විතර මං පුතා එක්ක බස් එකට නැඟලා ඉස්කෝලෙට එක්කගෙන එනවා. ඉස්කෝලෙ ඇරුනා ම ආයිත් බස් එකේ ම ගෙදර එක්කගෙන එනවා. ඊට පස්සේ මම ඉස්කෝලෙට කතා කරලා පුතාට අවුරුදු හතේදි 3 ශ්‍රේණියේ විභාගයට පෙනී ඉන්න සැළැස්සුවා. පුතා හොඳට සමත් වුණු නිසා 3 ශ්‍රේණියට ඇතුළත් කළා. පුතා පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 155ක් ගත්තා.“

හැමෝම අමුතුවට බලනවා

මං පොඩි කාලේ ඉඳලා කොහේ හරි එක්ක ගියොත් හැමෝම එයා දිහා බලනවා. ඇස් දෙකට මොකද උනේ ඇයි පේන්නෙ නැත්තෙ කියලා අහනවා. ඒත් මං කොහේ ගියත් මෙයාව ගෙදර තනියම දාලා ගියෙ නෑ. කවුරු මොනවා ඇහුවත් මේ මගේ පුතා. මං එයාව හැම තැනකට ම එක්කගෙන ගියා. ළමා උයනට එක්කගෙන ගියාම අනිත් හැමෝම එයා දිහා බලනවා. ඒත් මම මෙයාට ළමා උයනේ තියෙන හැම සෙල්ලමකට ම දැම්මා. අතින් අල්ලගෙන සෙල්ලම් කෙරෙව්වා.“

“අපි දෙමළ ක්‍රිස්තියානි අය යි. ඉතින් නත්තලට බඩු ගන්න පිටකොටුවේ මහා සෙනඟ ගොඩේ ඇවිදගෙන යද්දිත් මං එයාව ඒ අතරින් අරන් ගියා. මට තේරුනේ ඒ හැම සුවඳක් ම එයාට දැනෙන්න ඕනේ කියලා යි. මගේ නෑදෑයින්ගේ මගුල් ගෙවල් අවශ්‍යතාවලදී සමහර අය කිව්වේ ඔය ළමයා ව කාමරේකින් තියන්න, එළියට ගේන්න එපා කියලා යි. මං ඒ තැන්වලදිත් මෙයා ව ඉස්සරහින් ම ගිහින් වාඩි කරවනවා. මේ මගේ ළමයා. අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ඉඩ සැලැස්සුවා.. අනිත් ළමයි ඩෙස් උඩින් පනිද්දි බිම අස්කරලා මගේ පුතාටත් ඩෙස්වලෛන් පනින්න මං ඉඩ දුන්නා. මම කිව්වේ පුතේ ඔයත් පනින්න, හැබැයි අම්මට කියලා පනින්න කියලා විතරයි.්

ඇස් නොපෙනෙන අනිත් ළමයි වගේ මෙයත් තනියම ඇවිදින්න මුලදි බය වුණා. මං එයාව අතින් අල්ලගෙන පිට්ටනිය වටේ දුවමින් තනියම දුවන්න පුරුදු කළා. එක ඈතින් තියලා අත්පුඩි ගහලා මං ඉන්න තැනට තනියම දුවගෙන එන්න හුරු කළා. ඉස්කෝලෙ හැම ක්‍රීඩාවකට ම ඉදිරිපත් කළා.

කුලී ගෙයක නතර වුණා…

11 පන්තියේදි ඉස්කෝලේ හවස පන්ති දැම්මා. ගෙදර යනකොට ගොඩාක් රෑවෙන නිසා රත්මලානෙ කුළියට පොඩි ගෙයකරගෙන පුතා එක්ක නතර වුණා. ලොකුපුතා ආච්චි එක්ක මට්ටක්කුලියේ ගෙදර හිටියා. මෙයත් ගොඩාක් මහන්සි වෙලා පාඩම් කළා. විශිෂ්ට සාමාර්ථ විෂයයන් නවයට ම ගත්තා. මං දන්න විදිහට රත්මලාන අන්ධ විද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට සාමාන්‍ය පෙළ ඒ9ක් ගත්තේ. මට අද ආඩම්බරයි.

මම අදින පැත්තට ම එයත් ඇදිලා ආවා. මගේ ආසාව මේක නං මමත් කරන්නම් අම්මේ කියලා එයත් හිතට අරන් සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වුණා.

මම සාමාන්‍ය පෙළ විතරයි කළේ. ගෑනුළමයින්ට ඕවා ඕනෙ නෑ කියලා ඉහළට ඉගෙන ගන්න අපේ ආච්චි ඉඩ දුන්නේ නැහැ. මම මැහුම් ඉගෙන ගත්තා. මගේ දරුවා ගැන අද මට ගොඩක් සතුටුයි. ඇස් දෙක ම නැති වුණාට මගේ පුතා දක්ෂ දරුවෙක් වුණා. මං එයාගේ ඉදිරි ගමනටත් පුළුවන් තරම් ධෛර්යය දෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට නිව් නෝමල් කිරීම ගැන බැසිල් මුල්වී කතාකරයි

Next Post

ලංකා රෝහලේ බෝම්ම සිදුවීමට තවත් තරුණයකු අත්අඩංගුවට

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.