නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක් තුළ බෝම්බයක් තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (24) ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
වයස අවුරුදු 22ක් වන මෙම තරුණයා මෙම බෝම්බය සෑදීම සඳහා උදව් කළ පුද්ගලයකු බවට ප්‍රකාශ වූ කරුණු මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීමට නියමිත බව සඳහන් වේ.
මෙම බෝම්බය තබා ගිය බවට සලකෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි තරුණයකු මුලින්ම අත්අඩංගුවට ගත් අතර ඔහු හිටපු එල්.ටී.ටීඊ සාමාජිකයකුගේ බාල සහෝදරයාය.
ඔහුද රජයේ පුනරුත්ථාපනයට ලක්ව පසුව හමුදා බුද්ධි අංශවලට සම්බන්ධ වී කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහුට අමතරව වැලිකන්දේ පදිංචි තවත් තරුණයකුද මෙම සිදුවීමට අදාල ව පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.